Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

තොරතුරු ඉසව්ව - information centre => තාස්සණික විත්ති | tech news => Topic started by: Asha Nanayakkara on November 05, 2010, 09:58:22 PM

Title: Facebook තුල ඔබේ දත්ත කෙතරම් සුරක්ෂිත ද ?
Post by: Asha Nanayakkara on November 05, 2010, 09:58:22 PM
"ෆේස් බුක්" කියන්නේ අපි හැමෝම වැඩිපුරම භාවිතා කරන සමාජීය ජාලය කියලා කිව්වොත් නිවැරදියි. "ෆේස් බුක්" වල නොයෙකුත් යෙදුම් (Applications) තියෙනවනේ අපි භාවිතා කරන, උදාහරණ හැටියට "Slide FunSpace", "@Hugs", "MarketPlace", "MyPhotos" වගෙ යෙදුම්..

මෑතකදී ඔබට මතක නම්, අන්තර්ජාලය තුල ප්‍රචාරය වුනා මේ "ෆේස් බුක්" ජාලය තුල ලියාපදිංචි වී ඇති ග්‍රාහකයින්ගේ තොරතුරු ( විශේෂයෙන්ම ඔවුන්ගේ පරිශීලක පැතිකඩෙහි "User Profile" ඇති පෞද්ගලික තොරතුරු ) මෙම යෙදුම් මගින් අනවශ්‍ය ලෙස හුවමාරු වෙනවා නැත්නම් කිසියම් නොනිසි තුන්වන පාර්ශවයක් අතට පත් වෙනවා කියලා  ? ඒ නිසාම සමහර පරිශීලකයෝ "ෆේස් බුක්" තුල ඇති තම තමන්ගේ ගිණුම් පවා ඉවත් කරගත්තා.

දැන්, ඒ සිද්ධියේ සත්‍යතාවක් ඇති බවට "ෆේස් බුක්" සමාජීය ජාලය පිළි අරන් ! "ෆේස් බුක්" සමාජීය ජාලයේ සමහර යෙදුම් නිපදවපු ක්‍රමලේඛකයෝ (Application Developers) ඒ ඒ යෙදුම් භාවිතා කරන ග්‍රාහකයින්ගේ පරිශීලක පැතිකඩෙහි තියෙන විස්තර වෙනත් තුන්වන පාර්ශවයකට - දත්ත තැරැව්කරුවන්ට (Data Brokers) මුදලට විකුණලා !

"නමුත් ග්‍රාහකයින්ගේ පෞද්ගලික තොරතුරු (Private User Data) විකුණලා නැහැ. මේ විදියට ග්‍රාහක තොරතුරු ලබාදුන්නු යෙදුම් කිසිවක් "ෆේස් බුක්" ජාලයේ ජනප්‍රියම යෙදුම් 10ට (top 10 applications) අයත් වෙන්නෙත් නැහැ" යි කියලා තමයි "ෆේස් බුක්" ජාලය පවසන්නේ.

නමුත් අන්තර්ජාලයේ පවතින වෙනත් පුවත් වලින් නම් කියවෙන්නේ "ෆේස් බුක්" ජාලයේ යෙදුම් මගින් ඒවා භාවිතා කරන ග්‍රාහකයින්ගෙ තොරතුරු නොයෙකුත් දැන්වීම් ප්‍රචාරණ ජාල (Advertising Networks) සහ අන්තර්ජාලයේ නොයෙකුත් තොරතුරු හඹායන ජාල (internet-tracking Networks)සමග හුවමාරු වෙන බව. මේ යෙදුම් වලට "ෆේස් බුක්" ජාලයේ ජනප්‍රියම යෙදුම් පවා අදාල වෙනවාය කියලත් ඒ වාර්තා පවසනවා.

දැනට සොයාගත් තොරතුරු අනුව ග්‍රාහක විස්තර මුදලට විකුණපු යෙදුම් නිපදවන්නන් දුසිමකට ආසන්න ගණනකගේ සේවය මාස 6කට අත් හිටුවලා කියලයි "ෆේස් බුක්" ජාලය පවසන්නේ. ඔවුන්ව නැවත සේවයට ගන්නේ, "ෆේස් බුක්" ජාලයේ කොන්දේසි සහ නීති රීති වලට එකඟ වෙන බවට පොරොන්දු උනොත් පමණයි ලු.
ඒත් ඒක ප්‍රශ්නෙට නියම විසඳුම නෙවෙයි නේ.

කොහොම උනත් දැන් මේ හෙලිදරව්ව නිසා "ෆේස් බුක්" ජාලයේ යෙදුම් වල "රහස්‍යතාවය පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිපත්තිය" (Apps Privacy Policy) නව නීති රීති ඇතුව සංශෝධනය කරන්නත්, ග්‍රාහක අනන්‍යකාරක (User IDs) කේතනය (Encrypt)කරන්නත් ඔවුන්ට සිදුවෙලා.

එපමණක් නොවෙයි, මින් මතුවට යෙදුම් නිපදවද්දි ග්‍රාහක තොරතුරු කළමනාකරණය කරන්න විධිමත් ක්‍රම විධි වගේම තෙවන පාර්ශවීය අන්තර්ගතයන් සැපයුම්කාර හවුල්කරුවන් (Content Partners), දැන්වීම් ප්‍රවර්ධකයින් (Advertisers)හෝ වෙනත් සේවා දායකයින් (Service Providers)සමග ග්‍රාහක තොරතුරු හුවමාරු කිරීමේ දී ග්‍රාහක අනන්‍යකාරක වල රහස්‍යතාව ආරක්ෂා කල හැකි ක්‍රම විධිත් හඳුන්වලා දෙන්නයි "ෆේස් බුක්" වල ලෑස්තිය.


සිංහලයා ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර

Image Version :

(http://www.sinhalaya.net/store/tech_FB.jpg)