Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

තොරතුරු ඉසව්ව - information centre => තාස්සණික විත්ති | tech news => Topic started by: kingxp2 on November 08, 2010, 06:28:58 PM

Title: ඔබේම අන්තර්ජාල දිනපොත සාදාගන්න
Post by: kingxp2 on November 08, 2010, 06:28:58 PM
අන්තර්ජාලය තුල නොමිලේ දිනපොතක් සාදාගන්න.
මුල් කාලයේ වැලි පිල්ලේ අකුරු කල මිනිසා කඩදාසි සොයාගැනීමත් [චීනය විසින්] සමගම පොත පතට හුරු පුරුදු විය.ඒ යුගයද දැන් කෙමන් ගෙවී යමින් තිබේ ඒ මිනිසා කෙමෙන් ඩිජිටල් ජීවිතයකට හුරු වෙමින් සිටිනා නිසාය.නූතනයේ අන්තර්ජාලය සහ පරිගණකය මිනිසාගේ අතවශ්‍ය අවශ්‍යයතා බවට කෙමෙන් කෙමෙන් පත් වෙමින් තිබෙන සෙයක් අපට දැක ගැනීමට පුළුවන් අතර එය සෑම ක්ෂෙත්‍රයකටම සහ සෑම කෙනෙකුටම පොදු වූ දෙයකි.මේ නිසාවෙන් ඔබගේ එදිනෙදා ජීවිතයේ කටයුතු වලදී අන්තර්ජාලය සහ පරිගණකය විවුද වූ පැතිතඩයන්ගෙන් ඔබට සේවා සපයන අතර මේ එවන් තවත් එක් නොමිලේ සපයන සේවාවකි.

ඔබ දිනපොතක් භාවිතයට හුරුවූ අයෙක් නම් යල් පැනගිය ලිපි ලේඛන වෙනුවට අන්තර්ජාල දිනපොතක් හාවිතා කිරීමට කැමතිද?මේ එවැනි නොමිලේ සපයනු ලබන සේවාවක් පිළිබද සටහනකි.

මෙම සේවාව සපයන වෙබ් අඩවිය වෙත යන්න මේ සබැදුම [Link] භාවිතා කරන්න. http://penzu.com/ මෙම අඩවියට පිවිස පළමුවෙන්නම සිදු කරන්න ඕන තමන්ට ගිණුමක් සාදා ගන්නා එක.ඉන් පසුව ලැබෙන උපදෙස් පරිදි ක්‍රියා කිරීමෙන් ඔබට ඔබේම අන්තර්ජාල දිනපොත සාදාගන්න පුළුවන්.