Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => එපා මට ඔබ සිය දහස් වර.. | i hate you => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on November 19, 2010, 06:14:11 PM

Title: අහිමි උනත් ඔබ ලඳේ..?
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 19, 2010, 06:14:11 PM
බහු රූ කෝළම් එක්ක බැඳුනු සිත
කෙලෙසද ඉවතට ගන්නේ සිතමින
හිටියත් ඔබ නැති මේ මැදියම් රැය
කෙලෙසද දන්නේ ඔබ කොතැනක වග


- ආදරණීය වෙබී

Title: Re: අහිමි උනත් ඔබ ලඳේ..?
Post by: @[email protected] on November 19, 2010, 10:02:58 PM

ගෙවුනත් මේ රැය කලුවර එක්කම
නුඹ තනිවේවිද යහනක තනිවම
මා සිටියත් මගෙ බඹසර රැකගෙන
දකින්න හැකිවෙද පිවිතුරු නුඹ වත

Title: Re: අහිමි උනත් ඔබ ලඳේ..?
Post by: madusanka420 on November 20, 2010, 02:49:00 AM
පිවිතුරු පෙමක රතු මං සලකුනු ඈතින් දුටුවා
දිගුකල් නොගොස් අදර පෙමක මලගම මම දුටුවා
පෙර මං බලාගිය ඈය මා හට අන්සතු වුවා
දුක් පිරි හදින් මම ඈය වෙත ආසිරි පෑතුමන් පතුවා
Title: Re: අහිමි උනත් ඔබ ලඳේ..?
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 20, 2010, 03:44:39 AM
(අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි..)  :54:



කෙල්ලො පස්සෙ මින් මතු යනු එපා මලේ  :50:
කෙල්ලො මායමින් පුප්පති එවිට මලේ  :031:
කෙල්ලො හැමට ඉස්සරහින් ඉඳින් මලේ  :dft003:
කෙල්ලො එසඳ උඹ පස්සෙන් ඉඳියි මලේ  :004:



 :043: - ආදරණීය වෙබී
Title: Re: අහිමි උනත් ඔබ ලඳේ..?
Post by: madusanka420 on November 20, 2010, 03:53:16 AM
දහසක් වටි ඔබෙ ඔය ඔවදන් පෑදිය
සවි කර ගන්න මගෙ ජීවන සරිය
තුටි මල් පුදමි ඔබ හට ආදර බෑතිය
එක කුස නූපනත් ඔබ මට සොයුරෙක් වෑනිය
Title: Re: අහිමි උනත් ඔබ ලඳේ..?
Post by: @[email protected] on November 20, 2010, 11:55:26 AM

කෙල්ලො පසුපසින් ගියවිට පෙම පතලා
පෙම්කව කියා යනවා හදවත බිදලා
මායම් වලින් හිත උනුකර හද රිදවා
අන්සතු වෙලා වෙන් වෙනවා හිත බිදලා

ආදර වෙබී කිව්වේ මෙ ගැහැනු ගතී
චපල ගතිය යන්නෑ ඒ හිතින් මිදී
බාදුරා මලත් බිලි ගන්නව බඹර රැලී
තේරුම් අරන් ඉමු අප සැම සිනහපිරි