Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: Asha Nanayakkara on November 19, 2010, 07:38:32 PM

Title: ඔලුවිල් වරායත් සූදානම් ...! | Port in Oluvil
Post by: Asha Nanayakkara on November 19, 2010, 07:38:32 PM
(http://www.sinhalaya.net/store/OL_02.jpg)

ගොඩබිමක ඉදිවූ ලොව පළමු වරාය ලෙස ශ්‍රී ලංකාවේ මාගම්පුර වරාය පසුගිය දා නිල වශයෙන් කටයුතු ඇරඹුවා.
ඒ හා සමානම වටිනාකමක් ඇති තවත් වරායක් නැගෙනහිර පලාතේ ඉදිවෙමින් පවතිනවා.
ඒ "ඔලුවිල්" වරාය. "නැගෙනහිර නවෝදය" වැඩසටහන යටතේ ඩෙන්මාර්ක රජයේ මූල්‍යාධාර සහිතව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධීක්ෂණය යටතේයි මෙය ඉදිවන්නේ.

ව්‍යාපෘති කාලය මාස 27ක්. වැඩ ආරම්භ කර ඇත්තේ වසර 2008 ජූලි මස 1 වනදා. දැන් ව්‍යාපෘතිය පවතින්නේඑහි අවසන් අදියරේයි .

ඔලුවිල් වරායේ විශේෂත්වය වන්නේ, එහි වාණිජ වරායක් සහ ධීවර කටයුතු කිරීම සඳහා වෙනමම වරායක් ලෙස වරායයන් දෙකක් ඉදිවීමයි.

ව්‍යාපෘතියේ වැඩ බොහෝ සෙයින් නිමවෙමිනුයි පවතින්නේ. වරායට අමතරව මේ පරිපාලන කටයුතු සඳහා වෙනමම ගොඩනැගිලි, ධීවර වරාය සඳහා අවශ්‍ය ශීතාගාර සහ ආශ්‍රිත ගොඩනැගිලි ඉදිවන අතර වරාය ප්‍රවේශ මාර්ග, අතුරු මාර්ග ද සංවර්ධනය වීමට නියමිතයි.


තොරතුරු: ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෙබ් අඩවියෙන්