Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => 3වෙනි තට්ටුව | 3rd floor => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on November 21, 2010, 08:18:59 PM

Title: අශෝක ධනවංශ සහ සමුදුර නෞකාව | Asoka Dhanawansa (an idiot) talking about SLNS Samudura.!
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 21, 2010, 08:18:59 PM
යුද්ධය ගැන තපුල්ලන තවත් මී හරකකෙක් දකුණේත්..?

http://www.youtube.com/v/5A3xJeNpisU?fs=1&hl=en_US
මේ දකුණු පලාත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අශෝක ධනවංශ ය...

මේ අනුව මෙම යුද්ධය තනිකරම කෙරී ඇත්තේ "එක්සත් ජාතික පක්ෂය විසින් ගෙනා" අර ලොකු නැව සතු බල මහිමයෙනි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීහු සමූලඝාතනය කරමින් රටට සාමය උදා කර ඇත්තේ ද මෙම යාත්‍රාවෙන් පමණි. යුද හමුදාව හෝ ගුවන් හමුදාව ද මෙම නාවික යාත්‍රාව තරම් වැදගත් නොවී ඇති ගාණ ය..

ඇත්තටම මේ කියන යුද යාත්‍රාව පිලිබඳ කතාව මෙසේ කෙටියෙන් ඔබ හමුවේ තබමු.

1967 මාර්තු 18 වෙනිදා ඇමරිකාවේ දී මුලින් ම දියත් කල මෙම යාත්‍රාව ඇමරිකානු වෙරළාරක්ෂක කටයුතු වෙනුවෙන් දශක කිහිපයක් ම සේවයේ යොදවා ගනු ලැබූ යාත්‍රාවකි.. USCGC Courageous නමින් හැඳින්වූ මෙම නාවික යාත්‍රාව මීටර් 64.16ක දිගකින් යුක්ත වන අතර 2004 ජූනි 24 වෙනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත "පරිත්‍යාගයක්" ලෙස ලබා දීමට ක්‍රියා කර තිබුණේ "භාවිතයෙන් ඉවත් කර" පැත්තකට කර තිබිය දී ය.
(එකල එක්සත් ජාතික පක්ෂ පාලන යුගකක් වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරමින් සිටියේ ය..ඇමරිකානු බුෂ් පාලනය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට "මහා බලසම්පන්න යුද නැවක් නිකන් දුන් බවට" එවක පාලකයෝ මෙරට මාධ්‍ය පුරා වහසිබස් දෙඩූ අතර, ඇමරිකාව විසින් බලෙන් ඇඟේ ගැසූ ඒ කුණු ගොඩ කිසිදු විමසීමකින් තොර ව ඔහේ භාර ගැනීමට තරම් එවක පාලකයෝ නපුංසකවී සිටිය හ.. )

එතෙක් මෙම යාත්‍රව සතුව තිබූ කෙටි දුර මිසයිල පද්ධති ඇතුළු ස්වංක්‍රීය අවි සියල්ල ම ගලවා "නැව පමණක්" ලබා දීමට ඇමරිකානුවෝ ක්‍රියා කර තිබිණි.. දරුණු යුද්ධයක් පවතින රාජ්‍යයක නාවික හමුදාවට පරිත්‍යාගයක් ලෙස හෝ "අවි රහිත පරණ නැවක්" ලබා දීම යනු තනිකරම විහිළුවක් නොවන්නේ ද?

ශ්‍රී ලංකා නාවික හමුදාවේ P-621 දරණ අනුක්‍රමික අංකයෙන් යුත් මෙම යාත්‍රාව "සමුදුර" (SLNS Samudura) යනුවෙන් නම් කෙරුණු අතර එම යාත්‍රාව සඳහා අළුතින් අවි සවිකිරීම සහ නවීකරණ කටයුතු වෙනුවෙන් රු. මිලියන 10කට අසන්න පිරිවැයක් දැරීමට ශ්‍රී ලංකා රජයට සිදු විය. එසේම, අපේ නාවික හමුදාවට තෑගි දුන් මෙම යාත්‍රාව සඳහා අඩු මිලට තිබූ "චීන ගිනි අවි" (low cost Chinese weapon systems) සවිකිරීමට ද ඇමරිකානු බලධාරීහු ලක් රජයට ඉඩ නුදුන් හ. ඒ හේතුවෙන්, මෙම යාත්‍රාව නැවත ප්‍රකෘති තත්වයට ගෙන ඒමටත්, යුද්ධයක් සඳහා සුදුසු පරිදි සකස් කිරීමටත් ශ්‍රී ලංකා රජය විසින් අති මහත් ධනස්කන්ධයක් වැය කිරීමට සිදු ව තිබිණි.

(http://www.sinhalaya.net/store/SLNS_Samudura.jpg)
(වසර 40ක් පැරණි) නවීකරණය කල P-621 දරණ ශ්‍රී ලංකා නාවික හමුදාවේ "සමුදුර" යුද නෞකාව

එමෙන්ම මේ දක්වා නාවික හමුදාව සතු සාගර, සයුරළ, ජයසාගර ආදී අනෙකුත් යුද නෞකාවන් සමග එක් වී ත්‍රස්තවාදය පරාජය කෙරෙන සටනේ දී සමුදුර (හෙවත් කරේජස්) නෞකාව කල කාර්‍යභාරය සුළුකොට තැකිය නොහැකි අතර එම නෞකාව එසේ සටන් වැදියහැකි තත්වයට පත් කලෝ ද අපිම ය.. අප නාවික හමුදාව ය.. ඒ වෙනුවෙන් සෙසු නෞකාවන්ට සාපේක්ෂව දැරූ අතිවිශාල පිරිවැය ද සුළුපටු නොවේ.. ඒ මෙරට මහජන මුදල් ය.. නිකන්ම නිකන් පැත්තකට දමා භාවිතයෙන් ඉවත් කර තිබූ වෙරළාරක්ෂක නෞකාවක්, කාර්යශීලී යුද නෞකාවක් බවට පත් කිරීම යනු, හුදෙක් ම අති විශාල ධනස්කන්ධයකි.

ඒ අනුව අප නම් අනුමාන කරනුයේ,
මේ වාචාල ව දොඩවන මනුස්සයා කිසි දිනෙක මේ කියන නාවික හමුදා යාත්‍රාවට ගොඩ වී හෝ අඩුම තරමේ ඈතටවත් (ඡායාරූපයකිනුදු )  දැක ඇත්තෙකු නොවන බව යි. මන්ද, හුදෙක් ගමේ ගොඩේ කරක් ගහන හැම මී හරකෙකුටම හෝ වාචාලයෙකුට කිසිදාක එවන් අවස්ථාවන් හිමි කර දීමට තරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානය පහලට වැටී නොමැති හෙයිනි.

දේශපාලන කුහකත්වයෙන්, ඊර්ෂ්‍යාවෙන් සහ නූගත්කමින් යුතු ව ජනතාව ඉදිරියේ මෙවන් මී හරක් තර්ක දෙසන අශෝක ධනවංශ නම් මේ මිනිහා තනිකරම මී හරකෙක්.. බොරුකාරයෙක්.. එමෙන් ම අමු පල් මෝඩයෙක් නොවන්නේ ද?

ජනතාව විසින් මෙවන් වල්බූරු කතා කියන උන්ට දමා ගැසිය යුත්තේ "අසූචි" නොවේ ද?


- ආදරණීය වෙබී
(CEK)

-----------------------------------------------------------------------------



Image Version:
(http://sinhalaya.net/store/ashok_dhanavansa_slns_couragoues.jpg)
Title: Re: අශෝක ධනවංශ සහ සමුදුර නෞකාව | Asoka Dhanawansa (an idiot) talking about SLNS Samudura.!
Post by: Piuminie on November 22, 2010, 05:46:44 PM
 :027: hmmm aththa okunta pain gahala elawanna oni..