Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

තොරතුරු ඉසව්ව - information centre => තාස්සණික විත්ති | tech news => Topic started by: Asha Nanayakkara on December 14, 2010, 11:33:38 PM

Title: Google Ultimate Multi-Purpose Device
Post by: Asha Nanayakkara on December 14, 2010, 11:33:38 PM
ගූගල් වෙතින් අත්‍යන්ත බහු සේවා උපකරණය

ස්පර්ශක තීරයකින් (touch screen) අපේ අත්දැකීම් සහ භාවිතා අනුව මොනවද අපට කල හැකි දේවල් ?
ජංගම දුරකතනයක හෝ වෙනත් ස්පර්ශක තිර භාවිතාවන උපකරණයකින් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ ඒ අවස්ථානුකූලව අවශ්‍ය මෙනු තෝරාගැනීමක් පමණයි.

ඔබ අසා තිබෙනවාද කැමරා, පරිලෝකනයක් (Scanner), "WiFi" පහසුකම්, මෙන්ම ගූගල් සිතියම් ද (Google Maps) භාවිතා කල හැකි ස්පර්ශක තිර අඩංගු උපකරණයක් ගැන ?

ගූගල් නිෂ්පාදනය කර තිබෙනවා එවැනි බහු සේවා උපකරණයක් (Ultimate Multi-Purpose Device). 

සිතන්න ඔබට කිසියම් ගොඩනැගිල්ලක හෝ එහි කිසියම් මහලක තොරතුරු දැනගැනීමට අවශ්‍ය යැයි කියා...එහෙමත් නැත්නම් කිසිමක් වාහනයක, සත්වයෙක් ගැන හෝ ආහාරයක් පිළිබඳව...

පහත රූප බලන්න....
(gives all information about a building)

(http://sinhalaya.net/store/info-building.jpg)

(http://sinhalaya.net/store/info-building2.jpg)


මේ උපකරණයේ පරිලෝකනයක්ද සහිතයි (has an in-built Scanner)

ඔබ යම්කිසි පුවත්පතක්, පොතක් කියවමින් සිටින විටෙක එහි වචනයක අර්ථයක් හෝ ඊට සමාන වෙනත් වචන දැන ගැනීමට අවශ්‍ය නම්...(check the meaning of a word in the newspaper, book, magazine, etc. You can use the dictionary, wikipedia, thesaurus and anything else available on the web)

(http://sinhalaya.net/store/word.jpg)

කිසියම් ගොඩනැගිල්ලක, ගුවන්තොටක, දුම් රිය ස්ථානයක හෝ රෝහලක ඇතුලත මාර්ගෝපදේශනය.. (Indoor guide:Works in a building, airport, station, hospital, etc.)

(http://sinhalaya.net/store/room-dir.jpg)

ස්වයංක්‍රීය භාෂා පරිවර්තකය (Automatic simultaneous translation)

(http://sinhalaya.net/store/translator.jpg)

ඒ වගේම කිසියම් පුවත්පතක හෝ පොතක වචනයක් සෙවීමට ඔබට අවශ්‍ය නම්... (search a keyword)

(http://sinhalaya.net/store/searchword.jpg)

ඔබ ඔබේ සෞඛ්‍යය ගැන නිතරම සිතනවා නම්, ආහාර ගැනීමට පෙර එහි අඩංගු සංඝටක ගැන දැනගන්නත් මේ උපකරණයෙන් පුළුවන්... (nutrition facts about food)

(http://sinhalaya.net/store/nutri.jpg)



සිංහලයා ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර
Title: Re: Google Ultimate Multi-Purpose Device
Post by: nsgalagedara on December 15, 2010, 07:04:27 PM
nice post  :54:
(http://img194.imageshack.us/img194/2306/logondx.jpg)