Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සුභ පැතුම් - wishes => අනෙකුත් සුභ පැතුම් | other wishes => Topic started by: Udarie on January 01, 2011, 03:40:08 PM

Title: 2010න් 2011ට ජීවිත අරගෙන යමු..
Post by: Udarie on January 01, 2011, 03:40:08 PM
ජීවිතේ තවත් අවුරුද්දකින් වියපත් වෙලා කියලා හිතට දැනෙනවා.ඔහේ අරමුනක් නැතුව ගෙවිලා ගියත් හිමි අහිමි වීම් එක්ක 2010ත් හරි ඉක්මනටම ගෙවිලා ගියා.
ජීවිතේ කියන්නේ හරි පුදුම නවාතැන්පලක් කියලා මට හිතෙනවා. ඇයි ඒ දන්නවද 2010 පටන් ගන්නකොට ජීවිතේම ආදරෙන් බෙදා හදා ගත්තු හිත් 2011 ලබද්දි අපි ලග නෑ.

ආත්මානුකම්පාව හිතට ලන් වෙන්න දෙන්න බෑ. මොකද තම 2011 පටන් අරගෙන ගියේ හෝරා කීපයක්ම විතරයි. ජීවිතේ සමහර දෙවල් මෙහෙම අකුරු කීපයකට ගැට ගහලා ලියලා ඉවර කරලා දාන්න පුලුවන් නම් ජීවිතේ ගඟක් වගේ හරිම සැහැල්ලුවෙන් ගලාගෙන යාවි.
ජනවාරි පළවැනිදා හැම අවුරුද්දකම වගේ මෙ අවුරුද්දෙත් ගෙනාවේ බලපොරොත්තු ගොඩක්.
තරුණ හිතකට බලාපොරොත්තුවක් කියන්නේ ජීවත් වෙන්න ජීවිතය යදින ලෙඩෙකුට බෙහෙතක් වගේ.ලෙඩේ සුව වුනත් නැතත් බෙහෙත් උගුරක් ගතට වැටෙනකොට ඒ හිත් වලට ජීවිතය දැනෙනවා මේ කියන්නෙ අත්දැකීමෙන්මයි.
කඳුලු වල බර කොයි තරම්ද කියලා අමුතුවෙන් මට කියලා දෙන්න ඕනේ නෑ.
කොයි කවුරුත් අපේ ජීවිත වලට ලන් වෙන්නේ හරි හෙමිහිට මද පවනක් වගේ.... ඒත් අපේ ජීවිත වලින් ආපහු යන්නේ ජීවිත කාලයක්ම විදවන්න පුලුවන් විදිහේ දුක් කඳුලු ඉතිරි කරලා, මහ සැඩ සුලඟක් වගේ. ඒ විතරක්ම නෙවෙයි ජීවිතේට අද්භූත චෝදනාත් ඉතුරු කරලා.
ජීවිතේ වැටෙන්න වැටෙන්න නැගිටින එකත් හරි සුන්දරයි.....
කාලයක් යනකොට අතීතේ දිහා හැරිල බලලා මහ හයියෙන් හිනා වෙන්න පුලුවන් නම් ඒක තමයි ගොඩක්ම වටින්නේ..ඒක තමයි ඒ සුන්දරත්වය.

මේ ලොකේ ඉර හඳ වෙනස් වේවි.ඒත් අම්මගෙ ආදරේ නම් කවමදාකවත්ම වෙනස් නොවේවි. තර්ක කරාවි එහෙනම් අයි සඳරුවන්ලා කලු ගඟේ පා වුනේ කියලා... මේ මරනයක් සදාරණීකරණය කරන්න හදනව කියලා හිතන්නෙපා.. විපරීත වූ මනසකට ජීවිතෙ ගැට ගහන්න උනහම වර්තමානය අනාගතය පෙනෙන්නෙ නෑ කියන්නේ මේකට වෙන්න ඇති.අම්මෙක් දරුවෙක් උස් මහත් වෙන දිහා බලල කොයි තරම් සතුටු වෙනවද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඔනේ නෑ නේ.

අකුරෙන් අකුර ගැට ගහලා ශබ්ද කෝශයක් ගොඩ නැගෙනවා වගේ... ජීවිතයත් අකුරෙන් අකුර ගලපන්න...
වැටෙන්න වැටෙන්න නැගිටින්න..
හොදටම අඩන්න .... අඬලා අඬලා ජීවිතේ දුක නිවා ගන්න...
ලඟ පාතක හිතවතෙක් ඉන්නවා නම් දුක බෙදා ගන්න... ඒත් කවමදාකවත් තමන්ගෙ ආත්මය කවුරුත් ඉදිරියේ පාගලා දාන්න එපා....
ජීවිතේ වැටුනත් කවදා හරි නැගිටින දවසක් එනවා... එදාට මේ හෙමදෙයක්ම ඔබට ලොකු පන්නරයක් වෙවි...

මනුස්සයෙක් ඇස් දෙකකින් කඳුලක් හෙලන්නේ වෙන විකල්පයක් නැති වෙන තරමටම අසරන උනොත් විතරමයි.. පුන්චි පිදුරු ගහක් හරි තියෙනව නම් කවදාවත්ම කෙනෙක් තවත් කෙනෙක් ඉදිරියෙ අඬන එකක් නැති වෙයි.හැකි නම් එක් කඳුලු බිඳුවක් ඔය දෑතින් පිසදමන්න ඔබ ජීවිතයේ කවදා හරි දවසක මහ හයියෙන් හිනා වෙවි..ඇයි දන්නවද ඒ ඔබ කඳුලක රස දන්න නිසා...

ඔන්න ඉතින් ජනවාරි පළවෙනිදා උදේ පාන්දරම මගෙ හිතෙන් ටිකක් බෙදා හදා ගත්තා...
සිතන පතන හෙම දෙයක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මන් මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
හිත පොඩ්ඩක් පැටලිලා තමයි.. එත් කවද හරි දවසක අපිත් හිනා වෙනවා සත්තයි..

Title: Re: 2010න් 2011ට ජීවිත අරගෙන යමු..
Post by: @[email protected] on January 01, 2011, 06:10:41 PM
ඉතින් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි,,අමාමෑණී බුදු පියනන්ගෙ දේශිත ධර්ම මගට පිලිපන් අපි ඔහේ වදින්නන් වාලෙ ගිරවු වගෙ පාලි වචන කියවන්නෙ නැතුව "අටලෝ දහම" මොකක්ද කියල තේරුම් ගන්නවනම්,,,,,,,,,,,,,,,
ඔයා ඔය කියන තරම් දුකක් දැනෙන එකක් නෙ කියල මට හිතෙනව.ඉතින් චූටි නංගියො හිතල බලන්න දුක් වෙන්න එපා,,,
බුද්ද කාලීන සමාජයෙන් කිසා ගෝතමීල,පටචාරල ඒ වගෙම විශාඛාල අපිට පෙන්නල දීල තියෙන්නෙ නිකන් නෙවේ. ඉතින් ඒ කතාවල හැටියට අපිට මොනවද ගන්න තියෙන්නෙ කියල බලමු,,, එහෙම නේද 
හොද දේ වැපුරුවොත් - හොද ඵල
නරක දේ වැපුරුවොත් - නරක ඵල
ඉතින් මේ බුදු බණ හිතේ තියාගෙන ප්‍රතිපත්ති පූජාවෙ පිහිටල 2011 අවුරුද්ද ගිනියන්න හිතන්න...අදිශ්ඨාන කරගන්න ඔයාගෙ ජීවිතෙ ඔයා නොහිතන ආකාරයෙන් ලස්සන වේවි..සුන්දර වේවි...
මම බලාගෙන ඉදල 2012 දි ආයෙ ඔයාගෙන් අහන්නම්.. අන්න එදාට කියන්න ඔයාගෙ මේ අවුරුද්ද කොහොම ගෙවුනද කියලා.......

ඉතින් ඔයාට මේ අවුරුද්ද සර්ව්ප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියල පතන ගමන් මේකත් මතක තියා ගන්න කියල ඉල්ලනව

ධම්මෝ භවේ- රක්කති ධම්ම චාරී
දර්මයෙහි හැසිරෙන්නා - ධර්මය විසින් රකිනු ලබත්