Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

තොරතුරු ඉසව්ව - information centre => තාස්සණික විත්ති | tech news => Topic started by: Asha Nanayakkara on March 02, 2011, 09:20:15 PM

Title: ඇස් වලින් පාලනය කරන්න පුළුවන් (eye-controlled) Laptop
Post by: Asha Nanayakkara on March 02, 2011, 09:20:15 PM
ඇස් වලින් පාලනය කරන්න පුළුවන් ලැප්ටොප් එකක් ...!

(http://www.sinhalaya.net/store/laptop.jpg)

මෙච්චර කල් අපි දන්න තරමින් පරිගණක පාලනය උනේ යතුරු පුවරුවෙන් (Keyboard) සහ මූසිකයෙන් (Mouse); එහෙමත් නැත්නම් ස්පර්ශක තිර මගින් (Touchscreen ).

අහලා තියෙනවද අපේ ඇස් වලින් පාලනය කරන්න පුළුවන් පරිගණකයක් (a computer that responds to eye movements)ගැන ?
මූසික බොත්තම ඔබලා පරිගණකයේ කිසියම් යෙදුමක් පිළිබඳ වැඩි විස්තර දැන ගන්නවා වෙනුවට ඒ දිහා බලන් ඉඳීමෙන් අදාල දත්ත තිරය මත දිස්වෙනවා නම් ? (looking at a specific icon will give you more information about it)
එහෙමත් නැත්නම් තිරය මත එක් එක් පින්තූර සහ යෙදුම් එහෙ මෙහෙ කරන්න අපේ ඇස් චලනය මගින් පුළුවන් නම් ? (move icons over the screen by eye movements)

"ටොබී" (Tobii) නම් ස්වීඩන ආයතනයක්, සුප්‍රසිද්ධ "ලෙනෝවෝ" (Lenovo) ආයතනයත් සමග එකතු වෙලා අපේ ඇස් වල ක්‍රියාකාරීත්වය සහ චලනයන්ට සංවේදී වන ලැප්ටොප් පරිගණකයක් නිර්මාණය කරන්නයි හදන්නේ.. දැනට මෙය තියෙන්නේ පර්යේෂණ මට්ටමේ...
ඔවුන් දැනට නිපදවා තිබෙන අක්ෂි චලනය අනුගමනය කරන මෘදුකාංගය (eye-tracking software) අපේ ඇස් වල චලනයන්, තිරය මත යමක් දෙස බලා සිටිනා වේලාව වගෙ පරාමිති (parameters)මගින් විවිධාකාරයේ විධාන ක්‍රියාත්මක කරවන්න පුළුවන් ආකාරයට වැඩිදියුණු කරන්නයි ඔවුන්ගේ බලාපොරොත්තුව. (track eye movements and execute different commands)


මේ ලැප්ටොප් පරිගණකය වෙළඳපොළට එන්න නම් තව කල් යාවි,, අපි බලමුකො ඉන්පස්සෙ පරිගණක වෙළඳපොළේ කොයි විදියේ විප්ලවයක් වේවිද කියලා...




සිංහලයා ෆැන්ටසි නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර



Image Version:

(http://www.sinhalaya.net/store/eye-controlled-laptop.jpg)