Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => සාමාන්‍ය - general assistance => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on March 20, 2011, 12:56:04 AM

Title: රූප උඩුගත කිරීම ලේසියෙන් - image upload easily.!
Post by: w乇乃ᄊム丂イ乇尺 on March 20, 2011, 12:56:04 AM
මෑතක ඉඳල අපේ හිතවතුන්ට ෆැන්ටසියෙ නිර්මාණ පළ කිරීමේ දී ( විශේෂයෙන්ම රූප උඩුගත upload  කිරීමේ දී ) යම් යම් අපහසුතාවන් ඇති වූවා.. රූප උඩුගත කිරීම වෙනුවෙන් අප යොදාගත් imageshack වෙබ් අඩවිය විසින් ඔවුන්ගේ ක්‍රමවේද හදිසියේ වෙනස් කිරීම නිසයි මේ තත්වය ඇති වූයේ.. බොහෝ දෙනෙක් හිතුවෙ ඒ අපි විසින් කල අවහිර කිරීමක් ය කියල.. ඒ නිසාවෙන් අප වෙත ලැබුණු පණිවිඩ බොහෝම යි..

ඒ හැම ප්‍රශ්ණයකට ම පිළිතුරු අරන් තමයි මං අද ආවෙ.. සිංහලයා වෙබ් අඩවිය වෙත ඔබගේ නිර්මාණ උඩුගත upload කිරීම වෙනුවෙන් අපි වෙනම ක්‍රමවේදයක් සකස් කලා.. ආයෙත් එහෙම ඔබගේ රූපමය නිර්මාණ උඩුගත කිරීම වෙනුවෙන් රස්තියාදු වීම අවශ්‍ය වන්නේ නෑ..

ඔබේ රූපමය නිර්මාණ උඩුගත කිරීම වෙනුවෙන් පහත යොමුවට පිවිසෙන්න..
http://www.sinhalaya.com/userimages/


1. අළුත් සටහනක් දැමීමේ දී මෙන්න මේ විදිහට IMAGE UPLOAD කියල දිස් වෙන යොමුව හරහා ඔබට ඔබේ රූපමය නිර්මාණ උඩුගත කරන්න පුළුවන් ලේසියෙන්ම.. ( ඒ වගේම එම රූපවල පරිමාණික වෙනස්කම් වුනත් එවෙලේම කර ගැනීමේ හැකියාව අපි විසින් සලසල දීල තියෙනව..)
(http://www.sinhalaya.com/userimages/imgs/captureimg.jpg)

2. පහල රූපයේ දැක්වෙන විදිහට "For FN or SN" කියල සඳහන් වෙන යොමුව copy/cut කර ඔබගේ ෆෝරම සටහනේ paste කලාම වැඩේ හරි..
(http://www.sinhalaya.com/userimages/imgs/captururu.jpg)


- ආදරණීය වෙබී

Title: Re: රූප උඩුගත කිරීම ලේසියෙන් - image upload easily.!
Post by: w乇乃ᄊム丂イ乇尺 on March 20, 2011, 02:49:06 AM
Image Version:
(http://www.sinhalaya.net/store/img_upload.jpg)
Title: Re: රූප උඩුගත කිරීම ලේසියෙන් - image upload easily.!
Post by: araliyamala on April 24, 2011, 11:30:14 PM
මේ ක්‍රමයට රූප උඩුගත කිරීම හරිම පහසුයි.අද තමා ගලගෙදරට කරදර නොකර රූප උඩුගත කිරීමක් තනියම කලේ.බොහොමත්ම ස්තුති වෙබී මෙවැනි ක්‍රම හඳුන්වා දීම ගැන.බුදු සරණයි.
 
        මුතු