Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on March 21, 2011, 05:14:55 PM

Title: Paasta Koththu -Chef
Post by: Chef on March 21, 2011, 05:14:55 PM
අද මන් ඉදිරිපත් කරන්නේ "පාස්ටා" වලින් හැදූ කෑමක් :) පාස්ටා යනු ඉතාලි අහාරයකි. නමුත් ශ්‍රී ලංකාවෙද දැන් එය ජනප්‍රිය වෙලා. ඉතාලියේ මෙම අහාරය නොයෙකුත් ආකරයට පිලියෙල කරගන්නවා.එත් ලංකාවේ සිටින කටට සැරට කන අයට් නම් ඉතාලී ජතිකයන් පිලියෙල කරන පාස්ටා වර්ග අකැමතියි. ඉතින් මන් මගේම ක්‍රමයකට පිලියෙල කලා.ඉතින් එ අත්දැකීම ඔයලත් එක්ක බෙදා හදා ගන්න ඕනි නිසා මෙම අහාර වට්ටොරුව ඉදිරිපත් කරනවා. :003:

දහවල් ආහර පිලියෙල කර ඉතුරු වන හොදි මාලු පිනි වලින් තමයි මෙම වට්ටොරුව හදන්නේ. ඉතින් "පාස්ටා කොත්තු" කියලා මන් නම දැම්මෙත් එහෙම ඉතුරු බිතුරු වලින් හදන නිසයි ;)ලංකාවේ ජනප්‍රිය "කොත්තු රොටී" හදන්නෙත් ඉතුරු බිතුරු වලින්නේ. :dft011:
"කොත්තු" අහාර ආවේ ඉන්දියාවෙන්.ඔවුන් ද එදා දවසේ ඉතුරු බිතුරු අහාර සියල්ල කලවම් කරල පිලියෙල කරගන්න අහාර වලට කියන්නෙ "කොත්තු" කියන නම. 


(http://www.sinhalaya.com/userimages/imgs/pastakgog.jpg)