Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: aaganthukaya on April 30, 2011, 11:09:11 PM

Title: ආගන්තුක සිතිවිලි.....
Post by: aaganthukaya on April 30, 2011, 11:09:11 PM
නියම      වුනු ලෙස පැමිණි සැප දුක රැදී ඇතියෙන්      තනියට
තවම      තනිකම මහ මෙරක් ලෙස දැනිල නෑ ලග      හිටියට
බොහොම දුක හිතෙනා එකම එක දෙයක් පවතී හිත         යට
තවම     හදුනාගන්ට නොහකිව ආගන්තුකය මම             මට

                                                                                     -ආගන්තුකයා
Title: Re: ආගන්තුක සිතිවිලි.....
Post by: nsgalagedara on May 01, 2011, 10:08:50 AM
      ***නියම සිතුවිල්ලක් හොඳ අදහසක් මගෙන් සුබ පැතුම්*** :54:

දිවි මග ගෙවන සැම මනු ලොව දනන් හට
සැප දුක නම් ලත් පින පව පමණි තනියට
දින දින නැවුම් සිතුවිලි සිත තුල පිපෙන විට
දැනෙනව ආගන්තුකයි තම තමා හට....

කියවා බලනු හැක පොත් පත් දහස් ගනන්
නිමකල නොහැක තම සිත දැක සිතන තරම්
දිනකදි දුටුවොතින් නුඹ නුඹ ගැන මනස රුවන්
දිවි මග දිනන මුල් පියවර තබන තරම්....

(http://img194.imageshack.us/img194/2306/logondx.jpg)
Title: Re: ආගන්තුක සිතිවිලි.....
Post by: aaganthukaya on February 14, 2012, 11:19:15 PM
මතකය...

සිතිවිලි අතර              තුර
සැරි සරන සිත නිර        තුර
මතක දොරගුළු           හැර
සිතින් විද විද ඉදියි     අමයුර

ආ මග රැදි                      සුවද
මතකය තුලින් බිද                බිද
උස්වී නැගෙන                    සද
එදෙස නොබලා සිටිනු    කෙලෙසද

සතුට යැයි සිත           සිත
දුකට ම පෙම් බැදුණු    සිත
සතුට ට තබා            තිත
දුකම සතුටයි වරදවා    ගත

කදුළු                   හූයකනී
සිනහ මුතු ඇට          ඇමිනී
ගෙත්තම්              කරමිනී
සිනාසෙන්නේ කදුළු     පමණී


               -ආගන්තුකයා
Title: Re: ආගන්තුක සිතිවිලි.....
Post by: aaganthukaya on February 18, 2012, 11:04:28 AM
NSgalagedara...

ස්තුතියි යාළුවා..
Title: Re: ආගන්තුක සිතිවිලි.....
Post by: NIMALI on February 18, 2012, 06:06:21 PM
කදුලම පමණිනම් සැනසුම
ඉතින් නොහඞා කිමද පළ
සිනාසෙන්නට වරම් නැති සද
හඞනු රිසිසේ ලොවට රහසින