Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: nsgalagedara on May 05, 2011, 09:22:36 PM

Title: ආදර සුවඳ.................ගොළුවූ පෙම් සිහිනය
Post by: nsgalagedara on May 05, 2011, 09:22:36 PM
 :043:
කල්ප කාලයක් ගියත් අමතක කරනු බැරි
නින්ද නේන සැම රැයකම ළඟින් හිඳී
හද්ද කළුවරෙත් නෙතු ළඟ සරන සැරී
දනිද නුඹ ගැන මතකය කියන කවී

පිපුන සෙනෙහෙ සිත තුල හිඳ තෙපුල් දිදී
කියා ගන්න බැරි උන එක අප දෙදෙන දනී
වෙන්වී යන තෙක්ම නුඹ සිටි ගමින් මිදී
ගොළුවී තිබුනි සෙනෙහස හද තුලම රැඳී

නොසිතු ලෙසින් ආ කරදර කටුක පොදි
වෙන්කර දැමුව අප දෙදෙනා අතර රැඳී
ගොළුවූ පෙමක් ගොළු හදවත තුලම රැඳී
ගිය දුර බොහොයි ආපසු දැන් හැරෙනු බැරී

දහසක් ගීත අතරේ  ඇති පෙම් රසය
රහසක් ලෙසින් තිබුනත් අපෙ පෙම් හබය
නොකියා කියූවත් සවනට වදන් ලෙස
නුඹ ගීතානියයි මගෙ සිත් මල පහන් කල

රූ සපු මලින් පිරි කෝමල කථා හඬ
පුන් සඳ වගේ දිලිසෙන මුව මඩල
දිගු කෙසරැල්ල ගමනේ රැඳි ලතා දැක
ඔමරි කලා මගෙ මතකයෙ සෑම දින

තනිකම දැනෙන හැම මොහොතක ගයනු හැකි
සුසුමක රැඳී මතකය නුඹ මතම හිඳී
ආදර කෙල්ලෙ දුටුවොත් කවි නුඹ නමින් බැඳී
ඉන්නා තැනක හිඳ අමතාපන් නොකර මදී

කොයි ලොව කොතන සිටිනවදෝ නොදනීය
ආදර සුවඳ තාමත් ළඟ රැඳි පවතීය
සාගර හතක් දුර සිටියත් දුර නැතය
ආදර ගීතාතානියේ නුඹ තාමත් සිත තුලය
:043:
(http://img194.imageshack.us/img194/2306/logondx.jpg)