Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: wathsla on May 08, 2011, 11:44:59 AM

Title: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on May 08, 2011, 11:44:59 AM
කදුලක් වෙලා නෙතු අගින්
ගිලිහෙන්නට නොවේ මම්
පෙම් කලේ කප්පරක්
සිහින මවා නුඹ නමින්..............

දගකාර බැල්මකට
උණුසුම් වූ හාදුවකට
මංමුලාවූ අතීතයෙන්
දුකයි මට සමුයදින්න........

ඉදහිට යලිත් ඔබ
හොරැහින්ම වගේ ඇවිත්
සනසා යන බැවින්
මගේ අකීකරු හිත.........
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: veer on May 08, 2011, 11:53:15 AM
 :54:lassanai dr...........digatama liyanna....
 :047:
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: new_born on May 08, 2011, 12:07:38 PM

 :54:  :54:  :54:  සිහින නිම්නයට මාත් ඔබව සාදරයෙන් පිලිගන්නවා.
ඒ වගේම තවත් නිර්මාණ අපි සමග බෙදා හදා ගනී කියලත් බලාපොරොත්තු වෙනවා. දිගටම ලියන්න.. මගෙනුත් සුබ් පැතුම්..
                                                                                         මම අළුත උපන් එකා..
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on June 09, 2011, 03:35:26 PM
 :006: :006: :006: :006: :006: :006: :006: :006: :006:
මගේ නෙතු අසරන වෙලා.....
දිව ගියත් ඔබේ රුව සොයා
දැක දැකත් ඉවත බලා
ඉන්නේ කොහොමද නපුරු වෙලා

කොහෙන් හෝ ඔබේ හඩ ඇසී
නොදැනීම හද හිරි වැටී
සුසුමක්වත් හෙලනට හැකි නොවී
ඉකියකින් මුව ගොළු කර ලමී

කියන්නට සිතේ ගොළුවී
වදන් දහසක් ඇතත් හිරවි
ඉවත බලා යන ඔබ සිහිවි
කදුළු පමනක් නෙතේ රදමී





Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on June 20, 2011, 02:50:53 PM
අහිමි වූ සෙනෙහසක් හන්දා...
සිත ගියා දුර වැඩිද මන්දා....
ලොවෙන් ඇසූදා අනේක නින්දා
ඔබට නොපෙනී මසිත ඉකිබින්දා......

කදුළු බිදුවක් සිතට වදදී
ඔබ කොහේදැයි අසද්දී..
සුසුම් හෙලමින් සිත හඩද්දී
ඉවසුවා හිත මටම වදදී
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on June 20, 2011, 03:16:53 PM
පෙරදා සැදෑවක
පපුතුරේ හිස හොවා
සුසුමින් තෙත් කළ
මගේ උණුසුම් ආදරය
ඔබේ රුදු වදනකට
දියවී ගලා ගිය
උණු කදුලක දැවටී
ඉවත්ව ගිය සැටි බලා සිටියෙමි.........

ඔබේ එක් බැල්මකට‍
සැසලෙන සිත තුල
ඔබ තවම හිදිනා වග
‍හොරැහින් දැන සිටියෙමි..................

මටත් හොරා මගේ සිත
ඔබ පසුපස ගිහින්
රිදවගෙන යලි එනතුරු
නොසැලී බලා හිදින්නෙමි..............

ඒ ................ඔබට ආදරේ නිසාවෙනි................
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: @[email protected] on June 20, 2011, 03:18:17 PM
අහිමි සෙනෙහස අකුරු කෙරුමට
මගේ දෑතට වාරු කෙලෙසද
මගේ සෙනෙහස නුබට මදිවිද
අහිමි ඔහුවෙත හිතින් යන්නේ

කදුලු බිදු නුඹෙ සිතට වදදී
ඔහු කොහේදැයි අසා යද්දී
නුඹට පුදකල මගේ ප්‍රේමය
සඩා කදුලක් නෙත රදා වී
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: @[email protected] on June 20, 2011, 03:26:04 PM
තුරුල්වෙලා මා පපුතුරට,
සැදෑවෙ සොඩුරුබව මකමින්
මගේ සුසුමක උනුසුම ලබමින්..
නුබේ මියගිය අතීතය,
නුඹව අමතක කල ඔහුගේ මතකයන්,
මා සවනතට එක් කරන කල,
රුදු වදන් නොව,
කිව නොහී සියලු දෑ වදන් වන්නට වූ කල...
සිසිල් ඩෙනුවන් ර්තුවී ගිනියම් වූ යද්ම් වන්නට වූ කල,
පුපුරු ගසන කේන්තිය වදනකින් මුදා හල කල්හි......
රිදුනු නුඹේ සිත සන සන්නට.............
නුඹ හිතනවාද මගේ හිත නොරිදී ඇතිවග...
සදා ආදරය නුඹ්ට පිදුවත් නුබේ හිත...
ඔහු සොයන බව දැනගත් කල්හි..
අසරන මා...
ආදරය මෙයඉ කියා තේරුම් ගන්නද
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on June 20, 2011, 03:27:28 PM
නුඹේ බොර දෑස් අගින්
මැවූ පෙම් කතාවකට‍
හැගුම්බර දෙතොල් අග
රැදුනු දග හසරැල්ලකට..........
මට අහිමි මුදු සිතේ
දෝරෙ ගැලූ ස්නේහයට..............
සත්තකින් මම් ආදරෙයි
දමායන්න බැරි ලෙසකට...
සත්තමයි..........
ආදරෙයි මම්................
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: @[email protected] on June 20, 2011, 03:33:24 PM
ඉදින් ඔහුකෙරේ ගලන....
අනන්තවූ ආදරය තියාගෙන...
අසරන මාසිතේ පෙම් පහන්සිල දල්වන්නට.....
කියන්..
කිමද මාකල වරද....
අවැසිනම් ඔහුව නුඹට.....
කිමද මා රවටා...
මෙවන්වූ චපල ආලයක්......
සෙනෙහසක් සොයන....
අවිහින්සක සිත් පොඩියකට උරුමකලේ.....
ඔහු නමට ඇති ආදර්යට,
මා නමින් පලි ගන්නද.....
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on June 21, 2011, 03:55:33 PM
දරාගනු බැහැ තවත්
මේ රුදුරු තනිකම..
විටින් විට ඔබ අවුත්
පාරවයි මගේ හද

නෑසේ තවත් නම්
ඔබේ හුරු වදන් වැල්
අමතනුවත් නොහැකි ලෙස
ඔබ ඈත්වී ගිහින්....

අසම්මතවූ පෙමක
හිත හිරකරගෙන හිද
වැලපෙනු නොහැක මට
තවදුරට ඔබ නමින්...........







Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on June 21, 2011, 04:03:46 PM
දුක්බර සිතුවිල්ලක.......කදුලින් හෙලූ සුසුමක
කැටිවී ඔබ පෙම........රැදෙයි අත පොවන දුර..........

සිත සිහිල් කර රදන....සුනිල දිය බිදක් නොවී
උනුම උනු දුක් කදුළු....නෙත් අගට එබෙන සද
නුඹේ මුදු වදන් සේම.....උණුසුම් වූ සුසුමද
දුරස් කරනු කෙලෙස මම්......
මගේ පෙම් මතකයෙන්.............
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: NIMALI on June 22, 2011, 10:26:16 AM
(http://www.sinhalaya.com/userimages/imgs/wqe.png)
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on July 26, 2011, 12:06:08 PM
අයාලේ ගිය මසිත
පැතූ ඔබේ උණුසුම
ලැබූදා මතකයි
බැලූ සැටි මදෙස ඔබ...............

අඩවන් නෙත් කොනින්
සිපගත් ලවන් යුග
ගෙන ගියා අනන්තයට
යලිදු නොපැමිණෙන ලෙසට...............

මෙතෙක් දුර ආ මග
නවතනු කෙලෙස මම
නැවතුමක් නැති මගක
ඇරඹූ හෙයින් දිගු ගමන................
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on July 26, 2011, 12:13:38 PM
ඉන්න මට ආසයි
පපුතුරේ හිස හොවා
ලවන් යුග තෙත් කරන
ඔබේ තොල් පෙති මත......

රැදෙන්නට ආසයි
උණුසුමින් ගත පෙලන
සිත සසල කර රදන
ඔබේ ඔය සුරත මත..............

කැලඹෙන මගේ සිත
නොතලන් කිසි දිනක
අපි අපේ නොවුවත්
ආදරෙයි මම නුඹට...................
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on July 26, 2011, 02:24:41 PM
 :044: :044: :044: :044: :044: :044: :044: :044:
කුණාටුවක් වී අවුදින් ඔබ
අවුල් කල මසිත් ගැබ
පිරියම් කරගත නොහැකිව
මසිත හඩනා සැටි
නොදත් සේ ඔබ සිටිනායුරු
කෙසේ වාවම්ද මම්...................

පවසනා අයුරින් ඔබ
නික්ම යනලෙස ඔබේ ලොවින්
නික්ම යන්නේ කෙලෙස මම්....
අහිම් ඔබේ හැගීම් මත
ගෙත්තම් කල මසිත් දැල
ඔබේ එක් වදනකින්
කැඩී බිදී යනයුරු
දරාගත නොහැකි කල.............

ඔබේ එක් පදවැලකට
දැහැන් ගත වූයෙම් මම්
‍ඔබේ එක් සිනහවකට
පුද කලෙමි ආත්මයම
උණුසුම් එක් හැගීමකට
නතු කලෙමි ජීවිතයම
නොහැක දැන් හැරයන්න
කෙලෙස කිවත් ඔබ...............

අපට අප හිමි නැති බව දනිම්
යලිදු එක්නොවෙන බව දනිම්
ඔබට මා හිමි නැති වුවත්
අයදිමි ඔබේ උණුසුම
එයම පමණයි අවැසි මට‍
ඉඩ දෙන්න ලග ඉන්න
දැවටෙන්න ඔබ අසල
නොකඩන්න මසිත් දැල............................