Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: wathsla on May 08, 2011, 12:45:51 PM

Title: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on May 08, 2011, 12:45:51 PM
වැලි කැටයක් වී පයේ ගැටෙන්නම්
දෙපා සිඹින්න‍ට අවසර නැතිනම්...
මද පවනක් වී ගතේ වෙලෙන්නම්
ගත දැවටෙන්නට වරම් නොමැති නම්........

කදුලු බිදක් වී නෙතින් වැටෙන්නම්
සිනා පොදක් වී හිදිනට බැරිනම්
සුසුම් පොදක් වී පාවී යන්නම්
ආදරයට අවසර නැතිනම්.........
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on May 08, 2011, 01:09:46 PM
නුඹ කදුළු බිදුවක් නොවී
හසරැල් බිදක් වූවානම්
අනේ මට හිනැහෙන්න තිබුනා....

නුඹ මහ සයුර නොවී
දිය බිදක් වූවා නම්
පිපාසෙට සුරතට ගන්න තිබුනා....

නුඹ තුරු පෙතක් නොවී
විසල් රුකක් වූවා නම්
දාහයට සෙවනේ සිසිල ලැබ ගන්න තිබුනා....

මේ තරම් මා නුඹට
පෙම් නොකලා නම්
අනේ මට නොහඩා ඉන්න තිබුනා......
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: araliyamala on May 08, 2011, 03:55:54 PM
godaak lassanai.digatama liyanna.magen subapathum





muthu
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: -ŴăśĦ- on May 08, 2011, 07:17:06 PM
WoW..... :048:
Keep It Up......... :54:
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: NIMALI on May 09, 2011, 12:21:30 PM
mm lassana kavi tikak but font size eka poddak vadi  kalanam kiyavanna lesi daruvoo :045:
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on May 20, 2011, 04:02:09 PM
සද එබී හොරැහින්ම
සිපගනී මගේ මුව..
අඩවන් දෙනෙත් ලග
දිලිසේවි තරු නුවන්

සද නොවේ ඒ නුබයි
මසිත මට මුරගායි....
සිහිනයක් පමනි එය
නුඹ කොහෙද මා අසල.......
Title: Re: අහිමි වුවත් ඔබ මට
Post by: wathsla on May 20, 2011, 04:28:49 PM
 :006: :006: :006: :006: :006: :006:
හුදෙකලාව නිසොල්මනේ
වහන්වෙන්න හිතෙනවා මට....
නුඹෙ හසරැල් නොදකින්නට
නුඹෙ කටහඩ නොඇසෙන්නට....

ගීතයක් වෙලා සවනත
රැව් දෙන කල ඔය කටහඩ
සවන වසා නො ඇසෙන්න‍ට
ඉකි බිදීවි මයෙ හදවත

දොඩමළු දෙනෙත් අගින්
ඉගිමරන විට හොරැහින්
දැස පියා ඉවත බලා...
උණු කදුලින් දුක දෝවමි