Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: nsgalagedara on September 15, 2011, 09:52:29 PM

Title: කොළඹ කළු සුද්දන්ට
Post by: nsgalagedara on September 15, 2011, 09:52:29 PM
කොළඹ කළු සුද්දන්ට වඩා ගමේ ගොඩේ කොස් දෙල් කාපු අය ණුවනින් දියුණු බව නැවත පෙන්වයි.. මෙ වර පැවැත්වූ විභාගයෙන්ද කොළඹ මහ ඉහළින් සිතන කළු සුද්දන් දෙවෙනි කොට ගම ඉදිරියට ගොසිනි. ඒ පළමු තැන ලබා ගත් සියළු දෙනා කොළඹින් පිට වීමයි අපේ සුභ පැතුම් ඔබට
(http://img194.imageshack.us/img194/2306/logondx.jpg)
Title: Re: කොළඹ කළු සුද්දන්ට
Post by: araliyamala on September 17, 2011, 03:09:09 PM
පොළවේ වැලි කැට දෙවැනි වෙන තරමට දහඩිය කඳුළු හෙලන ගමේ දෙමාපියන්ගේ දරුවන් ඒ වෙහෙසෙට සළකන විදිය ගැන ඇත්තටම ප්‍රශංසනීයයි.....ඔවුන්ට අපි සුභ පතනවා මෙන්ම ඔවුනෙගෙන් පාඩමක්ද ඉගෙන ගත යුතුව ඇත.ඒ උත්සහා වන්තයා සියල්ල ජය ගන්නා බවයි.

.....මුතූ......


muthu
Title: Re: කොළඹ කළු සුද්දන්ට
Post by: -ŴăśĦ- on September 17, 2011, 10:54:39 PM
හරිම සතුටුයි... :048: :048:

කොස්, දෙල් කාලා, ඇලේ, වැවේ නාලා දුක් මහන්සියෙන් කටුක පරිසරයේ ජීවත් වෙන අහිංසක දුප්පතා තමයි කවදා හරි ඔය ගෙන්දගම් පොළවේ ඕනෑම ඉහළ පෙළේ රැකියාවල ඉහළ තනතුරු දරන්නේ...

පොඩ්ඩක්  හොයලා බැලුවොත් ඔය ඕනෑම ඉහළ පෙළේ තනතුරු දරන නිළධාරියෙක්ම උප්පත්තිය කොළඹ නෙවේ...මේ පාර පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 200න් 195 බැඟින් සම ලකුණු ලබාගෙන ප්‍රථම ස්ථාන ලබාගත් ළමයි 3 දෙනාම ගමේ පාසල් වල. ඇත්තටම සතුටුයි. මොකද මමත් ගමක ටික කාළෙකට හරි හැදුන කෙල්ලෙක් නිසා... :003:

ගම් වල ජීවත් වන දුප්පත් අහිංසක දුවා දරුවනේ.. නියත ජය ඔබලාටයි..!!!! :54: :54: :54:
Title: Re: කොළඹ කළු සුද්දන්ට
Post by: NIMALI on September 21, 2011, 02:06:32 PM
[email protected]| qEp\pw\ qr#@v` qEk\ mhn\sQ @vl` vQx`g smw\ un`t e' ayt wQyn phsEkm| nm| an\wQmyQ. ugn\nn\n gOr#vr# n#h#. @p`w\pw\ n#h#. i[gn\n hrQyt pEtEvk\ n#h#. smhr LmyQn\t hrQyt a#[Emk\ spw\wO @qkk\ vw\ n#h#. ugw mn` XQl\pymyQ mwO [email protected]` kQyn kQymn @w\r#m| gw\w @m| qr#@v` @k`yQwrk\ a`r\}Qk qEX\krw` m#q unw\ mhn\[email protected]` [email protected] @gn sm`[email protected]\ ihlt yn ek g#n qQh` bll [email protected] s#p sm|pw\ v|qQn LmyQ l#j\j`@vn\n o|@n\.

h#b#yQ wv @qyk\, @m| [email protected]\ @h`dt XQ;&w\v vQx`@g smw\@vl` [email protected] p`sl\ vlt en smhr qr#@v` ar [email protected]| is\@k`\@l mhn\sQ @vl` v#d kl`t alEw\ is\@k`\@lqQ e' [email protected]\ mhn\sQ @vn\@n\ n$. an\wQmt wQb|b qk\;w`vynEw\ @m`t krgn\nv. e' nQs` [email protected] wQyn pEhE a`@t`\p vlt @n`rFvtW wmn\@g ilk\kvlt yn\n mwk wQy`gn\n o|@n.
Title: Re: කොළඹ කළු සුද්දන්ට
Post by: dagaya on October 14, 2011, 05:04:57 PM
හක් හක් දන්න තරම, මම නෑ කියන්නේ නෑ, ඒ ලමයින්ට මම සුබ පතනවා, ඒත් එක්කම අර ගමේ ලමයි විතරක් හොදට පාස් වෙනවා කියන එක නම් කොහෙත්ම පිල් ගන්නේ නෑ,

කොස් දෙල් නෙමේ බන්, මොනවා කෑවත් තමන්ට උවමනාව නෑත්නම් ඌ පරදිනවා, කොස් දෙල් කාලා ගමක හිටියා කියලා උන් දිනන්නේ නෑ.

අනිත් දේ අර ඉහළ පේලේ තනතුරු දරන අය කොළඹ නෙමේ කියලා තියෙන්නේ, ඒකත් වෑරදි,  හුගක්ම අය කොළඹ ඉස්කොලේ ගිහින් කොළඹ හෑදිච්ච උන්..
Title: Re: කොළඹ කළු සුද්දන්ට
Post by: -ŴăśĦ- on October 14, 2011, 10:43:54 PM
දන්න තරම තමා....

ඔය කොළඹ ඉස්කෝල වලට ගොඩක් වෙලාවට ඇතුල් වෙන්නෙත් 5 ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සමත් වුන කොල්ලේ කෙල්ලෝ තමයි. ගමෙන් නගරෙට යන හැමෝම නෙවේ සමහරක් අය නගරේ පුහු ආටෝප අරන් ජිවිතේ වරද්ද ගන්නවා මිසක් වෙන මොනවද මල්ලි කරන්නේ. නගරේ එකාගේ පුහු මාන්නේ විතරයි තියෙන්නේ. ඇතුල බැලුවාම හිස්. හිතන් ඉන්නේ කඩ්ඩ ටිකක් වැනුවාම එකා තමයි පොර කියලා. ඕවා හොඳයි මල්ලි කොන්ඩ බැන්ඳ කාලේ නම්.
 
ගොඩක් වෙලාවට ඔය ඉහළ පුටු වල ඉන්න කෙනාගේ අතීතය හොයලා බැලුවොත් ගොඩාක් වෙලාවට ඉන්නේ ගමේ ගොඩේ ඉගෙන ගෙන උසස් අධ්‍යාපනය සඳහා නගරෙට ඇවිත් ඉගෙන ගත්ත කෙනා තමයි. ගමෙන් නගරෙට ආවට පස්සේ ඉතින් නම යන්නේ ගමේ නෙවේ නගරෙ තමා. ඒත් ඉතින් හැමෝම නම් නගරෙට එන්නේ නෑ.(වරදවා වටහා ගන්න එපා. ඉහළ පෙළේ ඉන්න හැම උගතාම නෙවෙයි. උගතුන් අතර සිටින සමහර උගතුන්ගේ අතිතය ගැනයි මා මෙහි සිහි කැඳවන්නේ.)  පුළුවන් කමක් තිබ්බත් නැතත් ඕනෙම දෙමාව්පියෙක් හදන්නේ තමන්ගේ දරුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි. එකයි ගේ දොර ඉඩ කඩම් හරි විකුණලා තමන්ගේ ළමයට උගන්වන්න හදන්නේ. ඒ විතරක්ද ගොඩාක් වෙලාවට කොළඹ ඉස්කෝල වලට ළමයින්ව දාන්න හදන්නෙත් කොළඹට කිරි ගමට කැකිරි නිසා. ඉගෙන ගන්න එකා ජය ගන්නවා. නැති එකා නැහැදෙනවා. ඒකට ගමද නගරයද කියලා වෙනසක් නම් නෑ තමයි. නැහැදෙන එකා කොහෙ හිටියත් නැහැදෙනවා.

මම කියන්නේ නෑ ගමේ ඉන්න හැම එකාම උගතා කියලා. මම අදහස් කලේ ගමෙන් බිහිවෙන උගතා ගොඩක් වෙලාවට දුෂ්කරතා මැද්දේ හැදෙන්නේ කොස්, දෙල්, අල , බතල කාලා, සමහර වෙලාවට එක වේලක් දෙවේලක් කාල වෙන්නත් පුළුවන්. ඒ කොස් දෙල් කාලා හැදෙන කෙනා නගරෙට ආවම ඉතින් කන්නේ හැම් බේකන් තමා. ඒත් සමහර ගමේ ඉන්න කෙල්ලෝ කොල්ලනට අත දෙන්න කෙනෙක් නෑ. හොඳ අධ්‍යාපන පරිසරයක් නෑ ගොඩාක් වෙලාවට. සැප පහසුකම් මැද්දේ හැදෙන කොළඹ ළමයින්ට මේවා අගේ නෑ. අගයක් තියෙන කෙනා ඉදිරියට යයි. නැති කෙනා මග නතරවෙයි. ඒ මග නතර වෙන කෙනාට තියෙන පහසුකම් අර ගමේ ඉන්න දුප්පතාට තියෙනවා නම් කොහොම හරි දුරට ජිවිතය හදා ගනියි. මේකයි ඇත්ත.

කිව්ව දේ හරියට තේරුම් ගැනීම මේවා කියවන හැමෝටම පොදුයි. මට හැඟෙන දේ දැමීම මට පොදුයි..
Title: Re: කොළඹ කළු සුද්දන්ට
Post by: araliyamala on October 16, 2011, 02:42:10 PM
මෙතන තියෙන ලොකුම දේ වර්ෂා අධ්‍යාපනෙයේ වටිනාකම සහා එහි අවසාන ප්‍රථිඵලය වන රැකියාවේ වටිනාකමනේ.මේ දෙකම වැඩි පුර දැනෙන්නේ දුෂ්කරතා මැද තම ජීවිතය ඉදිරියට ගෙන යන දුවා දරුවන්ටයි.ඉතින් නගරේ සුඛෝපභෝගී ලෙස ජීවත් වන ලමයින්ට වඩ ගමේ තුන් වේලට දෙවේල කලා හැතැප්මගානක් පයින් ඇවිදලා ඉගෙන ගන්න දරුවන්ට මේ දේ වටිනාකම් දැනෙනව වැඩියි.එ නිසා නගරයට වඩා ගමින් බිහිවෙන උගතුන් ප්‍රමාණය වැඩි.ඒ ගැන කවුරුත් අමනාප විය යුතු නැහැ.ඇත්ත එකයි.හැබැයි නගරයේ උගතුන් නැහැ කියන එක නෙවී එහි අරුත.හිත රිදවා ගන්නේ නැතිව තෙරුම් ගන්න උත්සහ ගන්න බලන්න නගරයේ ඉන්න අය.ඇත්ත ටිකක් තිත්තයි නම් තමා මොකද කරන්නේ ඉතින්......   

muthu