Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: @[email protected] on October 04, 2011, 09:56:52 AM

Title: akeekaru hegum
Post by: @[email protected] on October 04, 2011, 09:56:52 AM
පාලු රැයක්දි හීන් හිරිපොද
ගලනතුරු අපි දඟකලා
සුපිරිසිදුබව පාලු යහනේ
කොනක සිතුවම් වුනා
නෙතග කදුලක් රදාගෙන ඈ
හීන් ඉකියක් මතුකලා
වාන් දමනා රාග සිතුවම්
කැකුලු මල මුකුලිත කලා
අහස් වියනේ පුංචි තරු කැට
අපිදිහා හොරහින් බලා
කෝල තාලෙන් සඳවතිය වෙත
අපේ රැගුමන් පෙන්නුවා
සඳවතිය් රජවන තුරාවට
අපේ රැගුමන් රජවුනා
සඳවතිය බැස යන වෙලාවට
දෙතුන් සැරයක් අපි එක්වුනා
Title: Re: akeekaru hegum
Post by: araliyamala on October 06, 2011, 05:08:22 PM
වාන් දමනා රාග සිතිවිලි ආදරේ යැයි පවසලා
ආදරේ සොයනා සිතක් අද ඔබේ වදනට වී මුලා
ආදරෙන් වහ වැටුන ඒ නෙත් නුඹේ ලඟ අද අඳ වෙලා
හිතක් පපුවක් නොමැති විලසට නැවුම් කැකුලක් පොඩි වෙලා

.....මුතු.....


muthu
Title: Re: akeekaru hegum
Post by: @[email protected] on October 07, 2011, 02:44:48 PM
වාන් දමනා රාග සිතුවිලි හිත් මලේ පිපුනා
ආදරේ ‍යැදි හදක් එක්වී ආදරේ වින්දා
නොපිපි කුසුමක් ආදරේ ලග සුපිපිලා පෙනුනා
නැවුම් ලොවකට එකට එක්වී ජීවිතෙ වින්දා