Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => මං ආදරෙයි | i love you => Topic started by: Sudu Manike on October 06, 2011, 11:53:10 AM

Title: `````නුඹ`````
Post by: Sudu Manike on October 06, 2011, 11:53:10 AM
මසිත පිරවූ පදවැල


සමුදුරක් ලෙස මහ හුගක්,
නුඹ...
මවෙත ගෙන ආ සෙනෙහසක්..
සිහිනයෙන් මිස දැක නැතත්
නුඹ...
ජීවිතේ මැව් සිහිනයක්..
අරුත් සැගවුනු පදවැලක්
නුඹ...
ගෙනාවේ මා වෙත සිතින්..
නිසි තේරුමක් දෙන්නට නැතත්
නුඹ...
මසිත පිරවූ පදවැලක්...

Title: Re: `````නුඹ`````
Post by: araliyamala on October 06, 2011, 05:29:08 PM

සෙනෙහසින් පිරුන සිතිවිලි සමග ඇවිදින් සිටින
නුඹ.........................
සෙනෙහසින් තව තවත් ලියනට මගෙන් සුපැතුම්
නුඹ.......................ට
නිමනයට පදවැල් බඳින්නට පලමු පියවර තැබූ
නුඹ........................
ආයුබෝවන් පිලි ගන්නවා මා ගොඩක් අදරින්
නුඹ........................

.....මුතූ.....


muthu
Title: Re: `````නුඹ`````
Post by: Sudu Manike on October 07, 2011, 10:31:00 AM
ගොඩවැවදුනු මුල් වරම
මේ සොදුරු නිම්නයට
ලැබුණු මේ සුභ පැතුම
සමගින්ම දිරියක්ද
පිළිගනිමි දෝතින්ම
දයාබර මා සබඳ.....

Title: Re: `````නුඹ`````
Post by: -ŴăśĦ- on October 07, 2011, 02:56:02 PM
(http://www.sinhalaya.com/userimages/imgs/nubalol.jpg)


Welcome & Keep It Up සුදු මැණිකේ...... :048: :048:
Title: Re: `````නුඹ`````
Post by: Sudu Manike on October 07, 2011, 03:09:40 PM
බොහෝම ස්තුතියි අක්කෝ...
Title: Re: `````නුඹ`````
Post by: Prabhashini Podi on October 08, 2011, 08:19:01 AM
ලස්‌සනයි සුදු මැණිකේ           :045:
Title: Re: `````නුඹ`````
Post by: Sudu Manike on October 08, 2011, 09:28:12 AM
:003:....ගොඩාක් ස්තුතියි අක්කෝ ඔයාටත්.... :003:
Title: Re: `````නුඹ`````
Post by: Sudu Manike on October 10, 2011, 01:41:38 PM
(http://www.sinhalaya.com/userimages/imgs/numbaqmq.jpg)
Title: Re: `````නුඹ`````
Post by: @[email protected] on October 10, 2011, 03:17:04 PM
සමුදුරක් ලෙස මහ ගොඩක් දුර රැගෙන ආවත් සෙනෙහසක්
සිහිනයෙන් නුඹ දුටුව සෙනෙහස වේද හදරැදි මිරිගුවක්
ජීවිතේ තුල සෙනෙහෙ කැටිවුනු අරුත් පිරිපුන් පද වැලක්
හදට විදිනට එන්න මා හා පූජනීයම සෙනෙහසක්