Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: Sudu Manike on October 10, 2011, 03:18:45 PM

Title: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: Sudu Manike on October 10, 2011, 03:18:45 PM
(http://www.sinhalaya.com/userimages/imgs/manikeclc.jpg)
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: @[email protected] on October 10, 2011, 03:34:48 PM
නුඹේ ලොවට ආදරේ අරන්....
ආවේ මං හැරයන්න හිතාගෙන නම් නෙවෙයි.
ඔය හිත් පොඩියට ආදරේ පුරෝලා........
ජීවිතේ වලාකුලක් වගේ සැහැල්ලුවෙන්........
සුලං පොදක් වගේ ගලාගෙන යන්න,,
අපේ ආදරේ අනාගත ප්‍රේම කතාවක් වෙන්න,
හිතාගෙන හිටියට....
වැහිවලාකුළක් වගේ මගේ ජීවිතේට.....
කඩාගෙන වැටිච්චි මේ දුක..
මම කොහොමද මගේ පුංචි ආදරේට......
කටක් ඇරල කියන්නෙ.....
මගේ ආදරේ විතරක් නෙවේ....
මගෙ ජීවිතෙත් මගෙ නෙවේ දැන්..
ඉතින් මම ඔයාගෙන් ඈත් වුනේ,
ඔයාට තියෙන ආදරේ අඩු හින්දනම් නෙවෙයි...
මගෙ ජීවිතෙ දැන් අයිති මට නෙවේ..
දුක්වෙන්න එපා..
මට මෙක ඔයාගෙ මූන බලාගෙන කියන්න බෑ...
මම දැන් අවලංගු කාසියක්..
මට මාවත් අයියිති නැති...
දොස්තර කියපු විදිහට මට තව ටික කාලයයි..
ඉතින් කියන්න මම....
හැරයනව ඇර වෙන මොනව කරන්නද..
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: Sudu Manike on October 13, 2011, 11:18:29 AM
(http://www.sinhalaya.com/userimages/imgs/manike5.jpg)
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: @[email protected] on October 13, 2011, 03:17:18 PM
ඔය දෑසෙ හිනාවක් ඇරෙන්න...
කදුලකට රජවෙන්න...
ඉඩදෙන්න මම කැමති නෑ කියල...
ඔයා දන්නව නේද
මගෙ සුදු මැණිකේ.........
අපිට අපි අයිති නැති වුනත්
මේ ලෝකේ ඔයාට හැමදාම
මගෙ ජීවිතේ
අන්තිම හුස්ම පොද වැටෙනකම්
ඔයාට විතරමඉ ආදරේ කියල
ඔයා හොදාකාරවම දන්නව නේද
මගෙ සුදු මැණිකෙ...
මම හැමදාම හිතුවේ
ඔයානැතුව මට දවසක් වත් ජීවත් වෙන්න
ඕනි නෑ කියල
ඉතින් මගෙ ඒ පැතුම අද ඉටුවෙලා තියෙනව..
ඒත්
නොහිතපු විදිහට
අපේ ජීවිතේ අපෙන් කියන්න බැරිතරම්
ඈතට පාවෙලා ගිහින් නේද..
මගේ රත්තරන් සුදු මැනිකේ
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: avetar on October 14, 2011, 01:49:32 PM
lassanay
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: Sudu Manike on October 14, 2011, 02:43:09 PM
Thank you aiye....
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: avetar on October 14, 2011, 10:53:58 PM
හිතේ දුක හංගගෙන
හිනාවෙන ඔය දෑස් අග
හැන්ගිච්ච කඳුලු කැට
නොදැක්කා නෙවෙයි මං
හිත හදාගෙන ආවාට...

ජීවිතේ අඩිපාරෙ
අත් එකට පටලගෙන
පියෙන් පිය ගාටන්න
හීන නැතුවා නෙවෙයි මට...
 
දන්නෙ නෑ මං හරියකට
වැරදුනේ කොතනදැයි නුඹට මට
මං ඈත වෙන ඉමක ඉන්නකොට
නුඹේ හිත තනි රකියි මගෙ ලොවට...
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: avetar on October 14, 2011, 11:12:53 PM
ජීවිතේ
බරක් පතලක් නැතුව
මහා හයියෙන්
හිනාවෙනකොට
මතකයිද මං
හීනියට කන මිරිකුවා
ටිකක් ලොකුවට හිතපං..

උඹ හිනා උනා...

මක්කරන්නද ඉතින්
හිනා වෙනවා ඇරෙන්න,

පව්...

හූල්ලනවා ඇති
හිත ගින්දරෙන් පිච්චෙද්දි

මං ගියේ හිතකින් නෙවෙයි
පොදි බැඳන් මයෙ හීන ටික
සමාවෙයන් මට
අඬන්නෙපා උඹ මයෙ මැණික...
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: -ŴăśĦ- on October 14, 2011, 11:15:50 PM
මේ ඇස් දෙකේ කඳුළු බිඳු
දරා ගන්න බැරි තරමටම දැන්
බර වැඩි කියලා මං
කොහොමද රත්තරන් කියන්නේ
ඔයා මේ පුංචි ඇස් දෙකෙන්
කඳුළු ගලනවාට
කැමති නෑ කියලා මං දන්නවා
ඒත් රත්තරනේ මට කවදාකවත්ම
හිනා වෙන්න අවසර නෑ කියලා
මං කොහොමද ඔයාට කියන්නේ
කොහොමද ඔය හිතට දුකක් දෙන්නේ
අනේ මට ඔය ඇස් දෙක දිහා බලගෙනම
ජීවත් වෙන්න තියෙනවානම්
මේ පුංචි කෙල්ල කොච්චර වාසනාවන්තද
එත් මගේ රත්තරනේ
මේ කුරිරු ලෝකය හරිම නපුරුයි
කවදාකවත්ම අපිට
එකට හිනාවෙන්න දෙන්නේ නෑ
අනේ මං කොහොමද මේවා දරා ගන්නේ
ඔයාව අඬවන්න බැරි නිසා
මං හිනා වෙන්නම් රත්තරනේ
මේ කෙල්ල හිනා වෙන්නම්
සත්තයි රත්තරනේ මේ බලන්න
ඔයාගේ පුංචි කෙල්ල හිනා වෙනවා
ඔයාගේ ඔය නිල් පාට ඇස් දෙකේ
ලස්සන බලන්න මේ කෙල්ල
හැම දුකක්ම හංඟගෙන
හැමදාටම හිනාවෙනවා රත්තරන්
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: avetar on October 14, 2011, 11:24:51 PM
කවියෙක් වෙලා මං
ආයෙමත්
නතුවෙලා නුඹේ ඔය හිනාවට...

ඉමක් නැති ජීවිතේ
නවාතැන අහිමි වී
ඉබාගාතේ ඇවිදිද්දි
අහම්බෙන් නෙතගැටුනු...
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: -ŴăśĦ- on October 14, 2011, 11:51:33 PM
නුඹේ කවි පද
සනසවයි සැම සිත්
නැගේ හසකැන් මා මුවින්...

ඉබාගාතේ ඇවිද ගිය
ඉමක් නැති නුඹේ ජීවිතේ
නවාතැන කරගන්න
අහම්බෙන් නෙත ගැටුනු
මේ සුන්දර මාවතේ...
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: araliyamala on October 16, 2011, 04:48:07 PM
හිතේ දුක හංගගෙන
හිනාවෙන ඔය දෑස් අග
හැන්ගිච්ච කඳුලු කැට
නොදැක්කා නෙවෙයි මං
හිත හදාගෙන ආවාට...

ජීවිතේ අඩිපාරෙ
අත් එකට පටලගෙන
පියෙන් පිය ගාටන්න
හීන නැතුවා නෙවෙයි මට...
 
දන්නෙ නෑ මං හරියකට
වැරදුනේ කොතනදැයි නුඹට මට
මං ඈත වෙන ඉමක ඉන්නකොට
නුඹේ හිත තනි රකියි මගෙ ලොවට...

හරිම ලස්සනයි.ලස්සන අදහස් ටිකක් ලස්සනට ගලපලා........දිගටම ලියන්න අසාවෙන් කියවනවා අපි......දිගු ගමනකට මගෙන් සුබපැතුම්.......

.....මුතූ.....


muthu
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: Sudu Manike on October 20, 2011, 11:05:07 AM
(http://www.sinhalaya.com/userimages/imgs/aaa.jpg)



හිතේ දුක හංගගෙන
හිනා උණු හැම වරම
නෙතඟ ඉනු කඳුලු කැට
උකහා  ගත්තේ නුඹය..

ජීවිතේ අඩි පාරෙ
අත් එකට පටලගෙන
පියෙන් පිය ගාටන්න
තිබු හීන බොඳව අද..

දන්නෙ නෑ තවම මම
හමු උණේ කුමට අප
විඳගන්නටම නොව
විඳවන්න ජීවිතය...


                   ..සුදු මැණිකේ..
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: avetar on October 22, 2011, 03:11:01 PM
මම ඉරක්
එලියයි ගොඩක්
නුඹ තවත්
හිරු ඇති ලොවක්
එක ලොවක්
ඉරවල් දෙකක්
වෙනු කුමක්
අළු වෙනු මිසක්...
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: avetar on October 22, 2011, 03:15:48 PM
ලියන්න නම් ආසයි
ඒත් මේ වෙලාව නෙවෙයි
එන්නම් ආයෙමත් දවසක
හිත හිනාවෙන් පිරුනාම..

ස්තුතියි හැමෝටම
කවියෙක් කරපු නුඹටත්...
Title: Re: ....ඇයි ආවෙ මගෙ ලොවට?....
Post by: araliyamala on October 22, 2011, 03:49:57 PM
හිත හිනාවෙන් පිරුන දාට
හිනාවෙමු අපි එකව සැමදෙන.....
හිතට දුක සිතී හිත රිදුන දාට
කියන්න ඔබ දැනෙන්න අපිට......
මිතුරන් විය යුත්තේ සැපේදි පමනක් නොව
හඬන දා එකව හඬන්නටය..........

.....මුතූ.....


muthu