Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: @[email protected] on October 14, 2011, 12:15:14 PM

Title: Ministre of education
Post by: @[email protected] on October 14, 2011, 12:15:14 PM
(http://www.sinhalaya.com/userimages/imgs/1245641085.jpg)
Title: Re: Ministre of education
Post by: sutikki on October 15, 2011, 11:45:06 AM
මේ ලිපිය මෙහි පල කල එක ගැන මං ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනව..
දරුවො හැදෙන්නෙ තමන්ගෙ දෙමවුපියන් සහ අනෙකුත් නෑදෑයන් හැදෙන විදිය දැකලයි..ඒ වැඩිහිටියන් ගුනයපහත්ව හැදෙනව නම් දරුවත් ගුනයහපත්ව හැදෙනවා..ඉතින් සමහර විට එ දරුවගෙ වටෙ පිටේ ඉන්න අයගේ හැසිරීම දැකල එ දරුව ඒ විදියට සලකන්න ඇති කියලයි මට හිතෙන්නෙ.දරුවො කවදත් අනුකරණය කිරීමට දක්ෂ අය නේ හොඳ වුනත් නරක වුනත්.
මා ඉගෙන ගත් ආයතනයක සමුගැනීමේ දිනයකදී ගුරුමහතෙකුට කලගුණ සැලකීමක් වශයෙන් දනගසා වැන්දෙමි (ඔහු හින්දු බැතිමතෙකු වුව අතර මට වඩා වයසින්ද අඩු වූවෙකි ) නමුත් මෙයට මගේ මිතුරුමිතුරියන්ගෙ සිත් කලකිරවන දෙයක් වූවේ මා ඉහත වරහන් තුල දැක්වූ හේතු කාරනායී.එවිට මා ඔවුනට පැවසුවේ මා දනගසා වැඳුම් කලෙ ඔහුගේ ජතියටවත් වයසටවත් නොව ඔහු විසින් අප හට දුන් " ගුරු හරුකම්" වලට පමණක් බවයි.
මගේ දෙමවුපියන් හා අනෙකුත් නෑයන් අප හට පුරුදු පුහුනු කලේ ගුනයහපත් කම් පමණි. එවායේ පලවිපාක අද දින ඔවුන් සතුටු සිතින් විඳ ගනියී.
ඉදින් ඔබ කිව් පරිදී වැඩිහිටියන්ගේ යුතුකම වන්නේ තම දරුවන්ට ආදර්ශයක් වන ලෙස ජීවත් වීම සහ ඔවුනට ගුනයහපත් කම් පමනක් ඉගැන්වීමයි.
ගුනයහපත්කම ට ජාතී ආගම් වයස කුල මල තරාතිරම අදිය කිසිවිටකවත් වැදගත් නැත.මතු පරම්පරාවට වැඩිහිටියන්ගේ හොඳ ආදර්ශය නිතරම පෙන්විය යුතුය.මෙය මාගේ හිතේ ඇතිවූ අදහසකි.                   
Title: Re: Ministre of education
Post by: -ŴăśĦ- on October 15, 2011, 01:48:07 PM
සත්තකින්ම මෙම ලිපිය පල කල විදූට ස්තුතිය පුදන අතර සුටික්කිගේ අදහස් ටික ඉතාම වටිනවා.

මන්ද යත් දරුවන් ඉගෙන ගන්නේ තම වැඩිහිටි පරම්පරාව කරන කියන දේවල් අනුකරණය කරලයි. පුංචි කාලේ බහ තොරද්දි පොඩි එවුන් කව්රු හරි කියන දෙයක් බලාගෙන ඉඳලා ඒක කියනවා. සමහර විට ඒ කියන දේ හොඳ දෙයක් වෙන්නත් පුළුවන්, නරක දෙයක් වෙන්නත් පුළුවන්. මොකද මට මතකයි මමත් කුඩා කාළයේ කාගේ හරි කටකින් කියවුන ලස්සනම ලස්සන නරක වචනයක් අල්ලගෙන එක ගෙදර ඇවිත් කියද්දි මම අප්පච්චිගෙන් හොඳටම ගුටි කෑවා. මොකද ඒ කෙනා කිව්වදේ මම අහගෙන ඉඳලා මාත් ඒ දේ පුරුදු උනා කියන්න. අනුකරණය කියනදේ තම දෙමාපියන්ගෙන් පමණක් නොව බාහිර පරිසරයෙන් පවා ඕනෑම කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. ඒකට වයස ජාති ආගම් කුල මල කියනදේ වැදගත් වෙන්නේ නෑ.

මෙම විදූ පල කල ලිපිය මම මීට පෙර වෙනත් වෙබ් අඩවියක පලවී තිබෙනු මා දුටු අතර ඒ සඳහා අදහස් පල කල තිබූ අය ජාති වාදය ඇදලා අරගෙන තිබ්බා. මං හිතන්නේ මෙතන ජාති ආගම් කුල මල වැදගත් වෙලා නෑ.  වැඩිහිටියන් වශයෙන් හොඳ නරක, ගුණ යහපත් කම තම දරුවාට හරි විදියට තෙරුම් කරලා දෙනවානම් මේ දෙවල් හරි හැටි තෙරුම් ගැනීමට බුදිධියක් ඇති දරුවා ජීවිතය ජය ගන්නවා. සමහර වෙලාවට ගුණ යහපත් හොඳ දෙමාපියන්ගේ දූ දරුවන් නැහැදෙන අවස්ථා නම් එමටයි. ඒකට ගොඩාක් වෙලාවට බාහිර පරිසරයෙන් ලබා ගන්නා අනුකරණයන් නිසා ජිවිතය වරද්ද ගන්නවා. ඇත්තටම ගුණ යහපත්කමට, අනුකරණයට  මේ කියන ජාති ආගම් කුල මල වයස තරාතිරම ආදිය වැදගත් වෙනවද...??? මං හිතන්නේ කුඩා, තරුණ, මහළු අයට ඉහත සඳහන් කල කිසිම දෙයක් මේ ගුණයහපත් කමටවත්, අනුකරණය කිරීමටවත් වැදගත් වෙන්නේ නෑ කියලයි.

ඇත්ටටම අනුකරණය කියනදේ පොඩි ළමයා විතරක් නොවේ අපි හැමෝම සමහර විට පොඩි හෝ අනුකරණය කිරීමක් කරන්න පුළුවන්. ඒ දේ තමන් කරන කියන විදියට හොඳ හෝ නරක වෙන්න පුළුවන්. අපි කව්රුත් ආසයි පොඩියට හරි අනුකරණය කරන්න. කාලයක් තිබුනේ අපේ ප්‍රසිද්ධ ගායක ශිහාන් මිහිරන්ගගේ කොණ්ඩය අනුකරණය කරලා. ඉතින් වැඩිහිටියන් ලෙස අපි එහෙම අනුකරණය කරනවානම් පොඩි එකත් තම දෙමාපියන්ගේ චර්යා රටාවන් පමණක් නොව බාහිර පරිසරයෙන් ලැබෙන සංඥා ආදියද අනුකරණය කරනවා. මේ දෙවල් වලට මේ පොඩි එකාට දොස් කියලා වැඩක් නෑ. අපේ දෙමාපියන් වග බලා ගතයුතුයි හරිදේ හරි විදියට තම දරුවාට උගන්වන්න. දරුවා තේරුම් ගත යුතුයි හරිදේ පමණක් තම ජිවිතයට ලබා ගෙන ගුණ ගරුක, රටට වැඩදායක දරුවෙකු බවට ජිවිතය ගොඩනගා ගන්න.

දෙමාපියන්ගේ ගුණයහපත් කම මතු පරම්පරාව සඳහා ලබා දීම දෙමාපියන් සතු වගකීම වන අතර දෙමාපියන්ගෙන් ලබා ගන්නා උතුම් ආදර්ශය තම ජිවිතය ජයගෙන ඉදිරි පරම්පරාවන් වලට ලබා දීම දරුවන් සතු වගකීමකි.

Title: Re: Ministre of education
Post by: nsgalagedara on October 15, 2011, 06:33:09 PM
"ශබ්දයට වඩා වේගයෙන් ආලෝකය ගමන් කරයි" .........එබැවින්අප කියන දේට වඩා වේගයෙන් අප කරන දේ කුඩා දරුවෝ දකිති, අප කියන දේ ඔවුන්ට ඇසෙන්නේ පසුවයි, ඒ වන විට අපේ ක්‍රියාව ඔවුන් ගේ මනස උහකාගෙන අහවරය, ඒ වගේම ඇසෙන දෙයට වඩා දකින දේ මනසේ තැම්පත් වේ , එබැවින් අප කුඩා දරුවන් ළඟ බොහෝ ප්‍රවේශම් විය යුතුය.
Title: Re: Ministre of education
Post by: araliyamala on October 16, 2011, 03:11:37 PM
මේ ලිපිය ඉදිරිපත් කල විදර්ශනට වගේම ඒ ගැන අදහස් දැක්වූ හැමෝටම මගේ ස්තුතිය පිරිනමනවා.ඇත්තටම ඔයාලා හිතනවද මේ දරුවා ඒ මොහොතේ එවැනි ක්‍රියාවක් කිරීම ඒ දරුවා හැදුනු පරිසරයේ හෝ ඔහුගේ දෙමාපියන්ගේ වරදක් කියල.මම මෙය මීට වඩා වෙනස් විදියටයි දකින්නේ.මේ දරුවා තමන්ට ඉගැන්වු ගුරුවරයාට සහා තම දෙමාපියන්ට ගරු කල යුතු බව සහා ගරු කිරීමට දන්නවා නම් ඔහු වැඩිහිටයන්ට ගරු කිරීම නොදන්නව යැයි සිතිය හැකිද?කොහෙත්ම විය නොහැකියි.එසේනම් එම දරුවා එවැනි කතාවක් කලේ කුමක් නිසාදැයි අපිට ඊලඟට මතුවෙන ගැටළුවයි.

     තාමත් සම්පූරණයෙන් සුවනොවුන ජාතිවාදීත්වය හෝ දේශපාලන හේතුවක් මත මේ දරුවට මෙසේ පවසන්න උගන්වා ඇති බවක් මට හැඟේ.එය එසේනම් එම පහත් ක්‍රියාව සඳහා මල්කැකුලක් වැනි එම දරුවා පාවිච්චි කල පුද්ගලයන් බොහෝ සේ ලැජ්ජාවිය යුතුව ඇත.අපේ රට හෙට බාරගන්න ඉන්නා අපේ දරුවන් තුලින් තම පහත් සිතැඟියාවන් ඉටු කරන්න පෙලඹීම තරම් නින්දිත ක්‍රියාවක් තවත් නොමැති තරම්ය.ජාති,ආගම්,කුල භේද නොමැති රටක් වෙනුවෙන් අපේ දරුවන්ට හෙට දින පෙල ගැසෙන්න අපි මඟ පෙන්නවමු.......


muthu