Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: araliyamala on October 22, 2011, 01:41:08 PM

Title: "අවිගත්තෝ අවියෙන් නැසෙති"
Post by: araliyamala on October 22, 2011, 01:41:08 PM
"අවිගත්තෝ අවියෙන් නැසෙති"මේ අපි කවුරුත් හොඳට අසා පුරුදු බුදු වදනකි.මෙය සැබෑවක් කිරීමට තවත් එක නිදසුනක් එක් කරමින් පසුගිය 19 වන දින ලිබියා ජනාධිපති කර්නල් ගඩාෆි ද මරුමුවට පත් කලේය.සදාම් හුසේන්,ප්‍රභාකරන්,බින්ලාඩන් මෙන්ම ගඩාෆිද මිය ගියේ ජනතාව බුරුතු පිටින් ඝාතනය කිරීමෙන් පසුවය.ත්‍රස්ත ක්‍රියාවන් මෙන්ම ජනතා හිතවාදී ක්‍රියාවන් සිදුකලවුන් මේ අතර විය.අරමුණ කුමක් වුවද සිදු වූයේ මිනිස් ඝාතන නම් විපාකය මෙයම වන්නේය.කනකැස්බෑවා විය සිදුරින් අහස බලනවා තරම් දුර්ලභ කාර්යක් ලෙස මනුෂ්‍යත්වය ලැබීම බුදුන් වහන්සේ දේශනා කොට ඇත.මෙසේ දුෂ්කරව ලබාගන්නා මනුෂ්‍ය ආත්මය මිනිසුන් විසින්ම විනාශ කරන්නේ මොනතරම් පහත් විදියටද .කිසිම අරුතක් නැති සුළුතරහ මරහා බෙරා ගැනීමටදමනුෂ්‍ය ඝාතන කිරීමට අද මිනිසුන් පෙළෙඹෙති.මනුෂ්‍යයින්ට මනුෂ්‍යත්වයේ අගය දැනෙන දින කවදා උදාවේදෝ....බුදුහාමුදුරුවනේ.......   

muthu
Title: Re: "අවිගත්තෝ අවියෙන් නැසෙති"
Post by: NIMALI on October 22, 2011, 07:40:59 PM
අවිත්තෝ අවියෙන්ම නසී කියන කියමන හැමදාටම වලංග˛යි අක්කේ. මිනිස්සු මිනිසත් බවේ වටිනාකම තේරුම් ගන්න කාලෙ වෙනකොට මේ ලෝකෙන් ක්ම විනාශ වෙලා තියෙයි.
Title: Re: "අවිගත්තෝ අවියෙන් නැසෙති"
Post by: araliyamala on October 23, 2011, 12:05:13 AM
ඔව් නගා මිනිසුන්ට මනුෂ්‍යත්වයේ අගය දැනෙන දිනය එනවා කියන එකනම් හීනයක් වගේ.ඒත් අඩුම ගානෙ මිනිසුන් බල්ලො බලල්ලු වගේ මරලා දාන එකවත් අඩු උනොත් වාසනාවක්.අම්මට තත්තට දරුවො නැති සහෝදරයන්ට සහෝදරයො නැති මෙවන් යුගයක මනුෂ්‍යත්වය කියන වචනය පවා අමතකව යන යුගයක් ඉදිරියට එතැයි සිතන යුගය පැමිණ ඇති බවනම් පැහැදිලියි.

......මුතූ.....


muthu