Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: @[email protected] on November 01, 2011, 10:44:13 AM

Title: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on November 01, 2011, 10:44:13 AM

POINTS ON HOW TO IMPROVE YOUR LIFE

Personality:
1. Don't compare your life to others'. You have no idea what their journey is all about.
2. Don't have negative thoughts of things you cannot control. Instead invest your energy in the positive present moment
3. Don't over do; keep your limits
4. Don't take yourself so seriously; no one else does
5. Don't waste your precious energy on gossip
6. Dream more while you are awake
7. Envy is a waste of time. You already have all you need..
8. Forget issues of the past. Don't remind your partner of his/her mistakes of the past. That will ruin your present happiness.
9. Life is too short to waste time hating anyone. Don't hate others.
10. Make peace with your past so it won't spoil the present
11. No one is in charge of your happiness except you
12. Realize that life is a school and you are here to learn.
Problems are simply part of the curriculum that appear and fade away like algebra class but the lessons you learn will last a lifetime.
13. Smile and laugh more
14. You don't have to win every argument. Agree to disagree.

Community:
15. Call your family often
16. Each day give something good to others
17. Forgive everyone for everything
18. Spend time with people over the age of 70 & under the age of 6
19. Try to make at least three people smile each day
20. What other people think of you is none of your business
21. Your job will not take care of you when you are sick. Your family and friends will. Stay in touch.

Life:
22. Put dharma first in anything and everything that you think, say and do.
23. dharma heals everything
24. Do the right things
25. However good or bad a situation is, it will change
26. No matter how you feel, get up, dress up and show up
27. The best is yet to come
28. Get rid of anything that isn't useful, beautiful or joyful
29. When you awake alive in the morning, thank GOD for it
30. If you know dharma you will always be happy. So, be happy.

While you practice all of the above, share this knowledge with the people you love, people you school with,
people you play with, people you work with and people you live with.
Not only will it enrich YOUR life, but also that of those around you.

Remember,
 
GOOD THINGS ARE FOR US TO SHARE.....!!!!!!
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: araliyamala on November 01, 2011, 07:45:28 PM
Wow its wonderful........Thanx a lots share with us....... :54: :54: :54: :045: :045: :045: :04

muthu
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on November 01, 2011, 07:48:52 PM
 :045: :dft003:
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: sithari on November 03, 2011, 10:54:46 PM
We are await more other sharings. :003:
Title: තරුණ නාවිකයා සහ මහලු පියා
Post by: @[email protected] on November 16, 2011, 09:50:25 AM
ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇද අසලට රැගෙන ආවා.

"මහත්මයා මෙන්න ඔබේ පුතා ආවා" ඇදෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස් හඩින් කිව්වා. නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට එය කීප වතාවක්ම පැවසීමට සිදු වුනා.

වැලදුන දරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොද වූ ඡායාවක් ලෙස ඇද අසල සිටි තරුණ නාවික සෙබලාව පෙනුනා.මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා. තරුණ නාවිකයා තම ශක්තිමත් ඇගිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්ය වර්ධණය කරන නියාවෙන්.

මොහොතකින් පුටුවක් රැගෙන පැමිනි හෙදිය එය මහලු මිනිසාගේ ඇද අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සන් කලා. තරුණ නාවිකයා මහලු මිනිසාගේ අත අල්ලාගෙන ඔහුව ධෛර්යවත් කරන ආදරණීය වචන පවසමින් ඒ රාත්‍රිය පුරාම අවදියෙන් සිටියා.
රැය පුරාම වරින් වර හෙදිය පැමිණ තරුණයාට විවේකයක් ගන්නා ලෙස පැවසුවත් ඇයට ඔහු කන් දුන්නේ නෑ.

රාත්‍රිය පුරා වාට්ටුව තුලින් කුමන ශබ්දය ආවත් ඒ කිසිම දෙයකට කන් නොදුන් තරුණයා මරණ මංචකයේ සිටින තම පියාට ආදරණීය වචන පවසමින් ඔහුව ධෛර්යමත් කරන ආකාරය ඇය දුටුවා. මහලු පියා කිසිවක් කතා නොකල අතර තම තරුණ පුතා අසල ඔහු සැනසීමෙන් තම මරණය ලගා වන තෙක් සිටින ආකාරය පෙනුනා.

පාන්දර යාමයේ මහලු පියා මිය ගියා. මහලු මිනිසාගේ ප්‍රාණය නිරුද්ධ වූ අත සිරුර මතින් තැබූ තරුණයා හෙදිය අසලට ගොස් මේ බව දැනුම් දුන්නා. මරණය සම්බන්ධයෙන් කල යුතු රාජකාරී කටයුතු අවසන් කල හෙදිය තරුණයා අසලට පැමින පියාගේ මරණය පිලිබදව ඇයගේ කණගාටුව පල කලා.

මෙහිදී හෙදියට බාධා කල තරුණයා

"ඒ මිනිසා කවුද?" කියා හෙදියගෙන් විමසුවා.

විශ්මයට පත් වූ ඇය "ඒ ඔබගේ පියා" යැයි පැවසුවා.

"නෑ ඒ මගේ පියා නෙවේ මම ඔහුව මීට පෙර කවදාවත් දැක නෑ" තරුණයා පැවසුවා.

"එහෙනම් ඔබව ඔහුට හදුන්වා දුන් මොහොතේ ඇයි ඔබ ඒ බව ඔහුට නොකීවේ"
ඇසුවේ විමතියෙන්.

"මට ඒ මොහොතේම තේරුම් ගියා කුමක් හෝ ලොකු වැරදීමක් සිදු වී ඇති බව..ඒ සමගම මට පෙනුනා ඒ මහලු මිනිසාට ඒ මොහොතේ තමන් ගේ පුතාව තදින්ම අවශ්‍ය බව,නමුත් ඔහුගේ පුතා ඒ මොහොතේ අසලක නෑ,ඔහුගේ අසාධ්‍ය තත්වය මත මා ඔහුගේ පුතා නොවන බව ඔහුට හදුනා ගැනීමට නොහැකි නිසාත්,ඔහුට ඔහුගේ පුතාව තදින්ම අවශ්‍ය නිසාත් මම ඔහුගේ පුතා ලෙස පෙනී සිටියා"

"මම අද මේ රෝහලට ආවේ විළියම් ග්‍රේ මහත්මයා හොයාගෙන..
ඔහුගේ පුතා යුද්ධයේදී මිය ගියා..මාව එව්වේ ඔහුට ඒ බව දන්වන්න"තරුණයා නොනවත්වා කතා කලා.
"මිය ගිය මිනිසාගේ නම මොකද්ද?" අවසානයේ ඔහු ඇසුවා.

හෙදියගේ කදුළින් වැසී ගිය දෙනෙත් ඔහුගේ ප්‍රශ්ණයට උත්තර සැපයූවා.
"ඔහුගේ නම විළියම් ග්‍රේ"

ජීවිතයේ කාට හෝ ඔබව අවශ්‍යම මොහොතේ ඔහු අසලින්ම සිටින්න
ජීවිතය තරගයක් නොව චාරිකාවක් බව පමනක් සිතට ගන්න.
.
.
.
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: araliyamala on November 16, 2011, 08:54:19 PM
"මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි"මේ උපමාවට අපූරුවට ගැලපෙනවා ඒ කතාව.ඇත්තටම අපිට ඒ අයුරින් හරි කෙනෙකුට උපකාරයක් වෙන්න පුළුවන්නම් ඒක මොනතරම් හොඳ ක්‍රියාවක්ද.ඒත් අද සිදු නොවන්නෙත් ඒ දේම නොවේද.......මිනිසුන්ට අමතකව ඇත්තේද ඒ ගුණයහපත් ක්‍රියාවන්ම නොවෙද.....මිනිසාගේ හදවත් තුල මිනිස්කම ජනිත කිරීමට මෙවන් සටහන් යම්තාක් දුරට හෝ උපකාර වේවායි පතමු.බොහොම ස්තුති XYZ.   

muthu
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on November 17, 2011, 10:32:02 AM
In life there is no going back.
The road lies straight ahead.

 You cant return along the track to see out what has past.

 You cant undo your past mistakes; even wishing to do so is

 in vain.

 But in between all this; Dont forget that you can always try
 again..
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on November 18, 2011, 01:53:59 PM
What Is It Hard To Break ?
 
 
Diamonds Are Hard To Find But Not Hard To Break.
What is The Hardest Thing To Break Then?
The Answer is: HABIT!
If you break the H, you still have A BIT.
If you break the A, you still have BIT.
If you break the B, you still have IT! 
Hey, after you break the T in IT, there is still the ' I '.

And that "I" is the root cause of all the problems that You/me/all are facing.

Isn’t it right? Do You endorse? Do You agree?

Now you know why "HABIT" is so hard to break.

Now let's take quick taste and it will confirm to You
 
Now You think it is a frog and i think it is a horse

(http://www.sinhalaya.com/userimages/imgs/downlokvk.gif)


Moral of the story
We have to respect each other's opinion and views too.
As You can clearly see & understand from  the above picture.
We just need to listen to others  and  to their point of view
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on December 05, 2011, 09:11:20 AM
 :61:
(http://www.sinhalaya.com/userimages/imgs/budun.gif)
(http://www.sinhalaya.com/userimages/imgs/budun1.gif)
(http://www.sinhalaya.com/userimages/imgs/budun3ovo.gif)
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: sutikki on December 05, 2011, 06:34:48 PM
"budunge Manaram sithuwili " Yana marthukawata man godaakma Kamathiy eya Obatath matath api hamatamath Eka Lesa Galapey  :045:
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: NIMALI on December 06, 2011, 12:14:40 PM
vatina mathrukavak.. digatama ee vage vadagath deval liyanna suba pathanava :54:
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on December 06, 2011, 01:51:57 PM
(http://www.sinhalaya.com/userimages/imgs/mithura.jpg)
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: araliyamala on December 06, 2011, 02:35:56 PM
ඇත්තටම සාමාන්‍ය ජීවිතයට ගොඩාක් වටින ඔවදන් ටිකක් ඔයා මේ ගෙන එන්නේ....(හැබැයි පිළිගන්නා අයට පමණක්)දිගටම මෙවැනි දේ ගෙන එන්න.අපි කැමැත්තෙන් ඉන්නව කියවන්න.බොහොමත්ම ස්තුතියි.සුබපැතුම් මගෙන්.

muthu
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on December 07, 2011, 12:10:57 PM
කලිසම තට්ටමෙන් පහලට වන සේ ඇදීම(Sagging) අද ලෝකයේ තරුණ පිරිස් අතර ජනප්‍රිය විලාසිතාවක් වන අතර ශ්‍රී ලංකාවේද මෙම විලාසිතාව අනුගමනය කරන තරුණ තරුණියන් එදිනෙදා ජීවිතයේදී අපට දක්නට ලැබෙයි.
එසේම හිප් හොප් ගායකයන් යැයි කියා ගන්නා බොහෝ ශ්‍රී ලාංකික තරුණයන් මෙම විලාසිතාවට තදින්ම ඇබ්බැහි වී ඇති බව පෙනේ. තරුණයන් අතර ජනප්‍රිය මෙම විලාසිතාවේ මූලාරම්භය ඔබ දන්නවාද?

මෙම විලාසිතාව ඇමරිකා එක්සත් ජනපදයේ සිර ගෙවල් තුලින් බිහි වූ විලාසිතාවකි. ඇමරිකාවේ සිරගෙවල් තුල සිරකරුවන්ට බදපටි පැලදීම නීතියෙන් තහනම්ය.
සිරගෙවල් තුල වසර ගණනක් කාන්තා ඇසුරින් වෙන් වී වෙසෙන සිරකරුවන් බොහෝ විට සමලිංගික ඇසුරට හුරුවෙයි(මෙය ඕනෑම රටක සිරගෙවල් තුල පොදු ලක්‍ෂණයකි).
සමලිංගික ඇසුරට ලොල් සිරකරුවන්ට ඒ බව ජේලර්වරුන්ට නොදැනී අනෙක් සගයන්ට දැනගැනීමට සැලැස්වීමට සලකුනක් අවශ්‍ය විය. ඒ සදහා ඔවුන් කලේ තට්ටමෙන් කොටසක් ප්‍රදර්ශනය වන සේ කලිසම තට්ටමෙන් පහලට ඇදීමයි. පසුව සිරෙන් මිදී එලියට පැමිනි සිරකරුවන්ගෙන් මෙය විලාසිතාවක් ලෙස ඇමරිකානු සමාජයේ පැතිරුනු අතර පසුව එය ලොව පුරා ප්‍රචලිත විය.
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: araliyamala on December 08, 2011, 05:54:31 PM
ඔයාගේ මේ කතාව දැක්කාම මටත් ඔය වගේම කතාවක් මතක් උනා.ඔයලා දන්නවා ඇතිනෙ ගණිකාවන් කියන අය ලෝකය පටන් ගත් කාලයේ ඉදන් හිටිය කොටසක් බව.බුදුන් වහන්සේගෙ කාලයේ මෙන්ම ජේසුස් වහන්සේගෙ කාළයෙත් ගණිකාවන් සිටිය බවත් ඔවුන් රැකියාවක් වශයෙන් එය කල් බවත් අපි දන්නෙමු.ජේසුස් වහන්සේගෙ කාළයේ ගණිකාවන් හඳුනා ගැනීම සඳහා ඔවුන් කන කීප පොලක් විද කරාඹු කීපයක් පළඳා සිටි බව කියති.ඒ කාළයේ දේව පුජාවන් සඳහා පල්ලිය වෙත යන කාන්තාවන් හිස වසා සිටිය යුතුව තිබූ බව එක් දේව සේවකයකු දේශනා කරනවා මම අසා ඇත්තෙමි.එයට හේතුව වී ඇත්තේ පූජාව අවසානයේ පිරිමින් විසින් ගණිකාවන් රැගෙන යාම වැලැක්වීමයි.අතීතයේ එසේ වුවද අද කෙසේදැයි ඔබ අපි සුලභව දකින්නෙමු.අරමුන කුමක් වුවද වෙන අයකු කරනු දුටු පමනින් එය කිරීමට පෙලඹෙන අපි හරි දේ දැන ගන්නා විට ලැජ්ජා විය යුතු නොවේද?
                 එසේම විදේශයෙන් ඇසූ කරුණක්ද මෙයටම එකතු කරන්න සිත් උනා.එනම් මේ රටවල අපි දකින අයුරින් පිරිමින් කන විදින්නේ සම ලිංගික ඇසුර ප්‍රිය කරන්නෝ ඔවුන් හඳුන්වා දීමට බවයි.විශේශයෙන් පිලිපීන් ජාතිකයන් අතර එවැනි පුද්ගලයන් අපි දැක ඇත්තෙමු.යුරෝපයේද එය එසේම බව මා අසා ඇත.එසේනම් අපේ කොලුපැටව් කන් විදින්නේ කුමක් සඳහාද යන්න නම් අපිට ගැටළුවකි.
......තව මොන මොන දේවල් අපි නොදැනුවත්ව කරබැඳගෙන ඉන්නවාද කියන එකනම් ප්‍රශ්ණයක් නේද??????.........   


muthu
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on December 09, 2011, 01:50:52 PM

කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.

දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?

කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.

දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.

කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක කොහොමහරි කරගන්න ඕනෙ.

දොස්තර :- නෑ මම ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි.

(කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා)

දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ.

කාන්තාව :- ඔව් ඩොක්ටර්.

දොස්තර :- ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න.

කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද?

දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ.

දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහිංසක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහිංසක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා. තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහිංසක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද?
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on December 09, 2011, 01:53:21 PM
1. ජයග්‍රහණය කරා ඇති මාවතේ නොනැවතී පිනගන්න.

2. පරාජය ජයග්‍රහණය වාරුවක් කරගන්න.

3. සෑම විටම ජයග්‍රහණය කරා පියනගන්නන් කඳුළු නොසලති.

4. දුක පසුතැවීම දැනෙන නමුත්, එය ඉතා කෙටි කාලයකට සීමා කරගන්න. එය නොවැටී ගමන් කිරීමට පහසු කරයි.

5. දුධනන් කොතෙකුත් ඇතත් ඔවුන්ට වෛර නොකරන්න. ඔවුන් නොලබා ඇති තමන් ලබා ඇති උසස් මනස ගැන ස්තූතිවන්ත වන්න.

6. අවමාන, මඩ ප්රතහාර, හිතට ධෛර්යය කාන්දු කරන උල්පත් වැනිය. එයින් සිත පෙලා ගැනීම ඔබවන් ජයග්රානහී මාවතෙහිපියනගන්නෙකුට නොවටිනා දෙයක් සේ සලකන්න.

7. පසමිතුරා හඳුනාගන්න. ඔහුට වෛර නොකරන්න. ඔහුද ඔබේ මාවතේදී අත්වැල් බැඳගන්න. එහෙත් පිටුපසින් පැමිණ පිහියෙන් අනින්නන් හට රැවටීමට තරම් නිවට නොවන්න.

8. ඔබ ඔබේ දුර්වලතාවයන් ගැන තේරුම් ගන්න. කිසිවෙකු කිසිවක් සම්බන්ධයෙන් පරිපූර්ණ නොවන බව සිහියේ තබාගන්න. තමන්ගේ දුරුවලතාවයන් අවම කරගනිමින්, වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට ගමන් කරන්න.

9. සෑම විටම නම්යතශීලී වන්න. ඕනම දෙයක් සඳහා එක් මාර්ගයකට වඩා මං පෙත් ඇති බව දැනගෙන වැඩ කරන්න. කොයිතරම් නිවැරදි ක්රිනයාවලියක් වුවද එහි වැරැද්දක් දුටුවිට ක්රි යාවලියේ වෙනසක් ඇති කිරීමට බිය නොවන්න. වෙනස්වීම තුලින් පැන නගින සාර්ථකත්වය ගැන දැඩි ලෙස විශ්වාසය තබන්න.

10. සෑම විටම ධානාත්මකව සිතන්න. ඔබගේ යහපත්, ධානාත්මක ආකල්ප හේතුවෙන් ඔබ අවට සිටින්නන්ගේද ජීවිත ආලෝකමත් වන බව සිහියේ තබාගන්න. ඔවුන්ගේ දිරියට සැමවිටම අත්වැලක් වන්න. තමන් තුලින් මතුවන ධානාත්මක අදහස්, ආකල්පයන්, වාරුකරගෙන නැගිටින්නන් දැකීමෙන් ඇති වන ප්‍රීතිය භුක්තිවිඳීමට සෑම විටම සැරසී සිටින්න.

11. ජයග්‍රහණය තුලින් ලබා ගන්නා පැහැදිලි මනස තුලින් සමාජය දෙස බලන්න. ඔබේ පිරිසිදු වචන තුලින් සමාජය යහමගට පැමිණේවි. ඔබ විසින් සමාජයට ලබා දෙන අවංක හැඟීම් තුලින් ලෝකය සුන්දර තැනක් වේවි. සමාජය සුන්දර තැනක් කිරීමට අපි සැවොම එකට අත්වැල් බැඳගනිමු. එවිට අප සැමට ජයග්රා්හකයන් ගේ ප්රීජතිය භුක්තිවිඳිය හැකිය.
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: araliyamala on December 09, 2011, 04:29:08 PM
 :045: :045: :045: :54: :54: :54: :003: :003: :003:

muthu
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: Prabhashini Podi on December 11, 2011, 10:50:59 AM
"බුදුන්ගේ මනරම් සිතුවිලි" උදෙසා එකතු කිරීමක්,



(http://www.sinhalaya.com/userimages/imgs/oillamp3.jpg)
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on December 26, 2011, 03:27:30 PM
(http://www.sinhalaya.com/userimages/imgs/downloafa.jpg)
Title: පවුල් කෑම
Post by: @[email protected] on January 31, 2012, 11:48:14 AM
ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ…
කාගෙද බං….
ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි.
එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ.
උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ?
මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය
මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව උඹත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න යනව කියල.
ඉතිං…. ?
එතන ඉඳල එක කෝල් විස්සකට වැඩිය එන්න ඇති මේකිගෙන්.
ඉතිං බං ලව් කරන කාලෙ කෙල්ලගෙන් කෝල් එකක් එනවට වඩා සැපක් තවත් තියනවයි ?
ඒ ඉතිං ලව් කරන්න කතාකරනවනම් නෙ, මේක එහෙම එකක් නෙමෙයි මචං.
එහෙනං… ?
කෝල් කරල කියයි “බොන්න එපා හොඳේ” “අනේ රෑ වෙන්න එපා” “ඔයා ඔය යාළුව ආශ්‍රයකරනව වැඩියි” “මොනවද අනේ ඔයාලට ඔච්චර කතාකරන්න තියෙන්නෙ” “ඔන්න අටට කලින් බෝඩිමට ගියේ නැත්නම් මම තරහයි” ඔන්න ඔය වගේ විකාර ගොඩයි බං.
ඉතිං මචං තමන් ආදරේ කරන මිනිහට බොන්න එපා, රෑවෙන්න එපා කියන එකේ වැ‍රැද්ද මොකක්ද?
උඹ කැමතිද උඹෙ වයිෆ් හැමතිස්සෙම කනිපින්දං ගානවට “බොන්න එපා, රෑවෙන්න එපා, යාළුවො එක්ක ඇවිදින්න එපා” කියල.
නෑ මම හිතන්නෙ නෑ. ඒත් මචං මම ඔය අත්දැකීමට මූණදීල නෑ.
ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට.
ගානක් නැතුව නෙමෙයි මචං. මුතූ කිසිම දවසක මට කිසිම නීතියක් දාල නෑ. ඒක නිසා මට ඒකිට ඇණයක් වෙන්න උවමනා වෙලා නෑ. මම ඈණයක් නෙවෙනතාක් කල් එයා මට ඇණයක් වෙන්නත් නෑ කියල මට විස්වාසයි.
සර්.. මොනවද ගේන්නෙ ?
අපිට ගේන්න කාල්ස්බර්ග් ස්ට්‍රෝන්ග් දෙකයි හැඬැල්ලො බයිට් එකයි.
අනික මචං, මම බියර් එකකට වඩා දෙයක් බොන්නෙ නෑ මොකද මම දන්නව මගේ ලිමිට්.
එතකොට උඹ කියන්නෙ උඹ උඹට ඕන විදියට ජීවත්වෙනව මුතූ එයාට ඕනෙ විදියට ජීවත් වෙනව කියලද? ඒක එහෙම වෙන්න ඕන නම් අහවල් දෙයකටද බං උඹල බැන්දෙ ?
ඔය… උඹ වලිගෙ පගගෙන නෙ ප්‍රසන්න… සහයෝගයෙන් ජීවත්වෙන එකයි මම එතනින් අදහස් කලේ. එහෙම නැතුව එයා මොනවා කලත් මට ගානක්වත් මම මොනවා කලත් එයාට ගානක්වත් නෑ කියන එක නෙමෙයි. අපි දෙන්න තනි තනිවම කරන හැම දෙයකම බලපෑම දෙන්නටම සමානව දැනෙනව. ඒත් ඒ දේවල් දරාගන්න පුළුවන් සීමා ඇතුලෙ සිද්ධවෙනවනම් එතන ගැටළුවක් නෑ මචං.
ඒ කිව්වෙ ?
හ්ම්… මම මෙහෙම කියන්නම්කො…… සීතල බියර් උගුරකට පස්සෙ බැදපු හැඬැල්ලෙකුට පිඟානෙ පැත්තක තිබිච්ච දෙහි බෑයෙන් බිංදුවක් මිරිකල දාගෙන හපන ගමන් දුලිප් ආයෙම කතාව පටන් ගත්ත.
උඹ හිතපන්කො මම අද බීල ගෙදර යනව කියල. මම බලාපොරොත්තු වෙන්න නරකයි මුතූ වෙනද වගේ දුවල ඇවිල්ල මාව පිළිගනීවි කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. ගෑණු ගෙදර දාල පිරිමි අපි තනියම විනෝද වෙලා එනකොට උන්ට තරමක දුකක්, කේන්තියක් ඇතිවෙනව. ඒ වෙලවට අපි දැනගන්න ඕන ඒ කේන්තිය සමනය වෙන විදියට වැඩ කරන්න.
මහ දේවල් කරන්න ඕන නෑ අමනාපෙන් පැත්තකට වෙලා ඉන්න ගෑණිව ලඟට ඇදල අරගෙන පොඩ්ඩක් හුරතල් කරල, එහෙම නැත්නම් උයන පිහන දෙයකට පොඩි උදව්වක් කරල, විහිළුවක් දෙකක් කරල බොහොම ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් “මේ මොන මඟුලක් ද ? මේ ගෑණිට ඇවිල්ල දොරවත් අරින්න බැරිද” කියල හිතල ආරෝවක් ඇදගත්තොත් ඔන්න පුතේ එදා ඉඳල වැඩේ දෙල්.
උඹ ඔය කියන්නෙ අත්දැකීමෙන් ද ? මෙච්චර වෙලා බ්යර් මග් එක දෑතට මැදිකරගෙන හිටපු ප්‍රසන්න ඇහුව.
හෙහ් හෙහ්…. උඹට කැමතිනම් එහෙම හිතාගත්තට මගෙ අමනාපයක් නෑ..
ඒත් බං අපි මොන එහෙකටද ගෑණුන්ට ඕන විදියට ජීවත් වෙන්නෙ පිරිමිය පවුලේ මූලිකය වෙච්චිකොට, අනික ගෑණුන්ට යටත් වෙලා, එහෙමත් නැත්නම් උන්ට බයවෙලා, හුරතල් කර කර ඉන්න කොන්ද පණ ඇති පිරිමියෙකුට පුළුවන්ද ?
හෝව් හෝව්……. මචං.. පිරිමිය පවුලෙ මූලිකය කියල කවුද කොහේද බං කියල තියෙන්නෙ ? ඔන්න ඔතන නෙ බං උඹල වරද්දගන්නෙ. පවුලක ප්‍රධානිය පිරිමිය නෙමෙයි බං, ගෑණි. පිරිමිය ඉන්නෙ නාම මාත්‍රිකව විතරයි. ෆැමිලි එකේ කෝර් ඩිසිෂන්ස් ගන්නකොට වැඩි බරක් එන්නෙ ඒ පැත්තෙන්, රස්සාවල් කරගෙන උයල පිහල ළමයින්ගෙ වැඩයි මිනිහගෙ වැඩයි තමන්ගෙ වැඩයි කරල වැඩි බරක් අදින්නෙ ගෑණි. ඒක මේ අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක් නෙමෙයි.
ඒ මොන විකාර කතවක්ද බං, ඕක හයියෙන් කියන්න එපා, මෙතන ඉන්න උන් උඹට හිනාවෙයි…..
ඒ උඹ දන්න තරම ප්‍රසන්න, ලෝකෙට පේන්න පිරිමිය ‍රැස් විහිදෙව්වට හිත යටින් දන්නව හැබෑව මොකක්ද කියල. ස්වාභාවිකවම ගෑණි මූලික වෙලා තමයි බං පවුල් හැදිල තියෙන්නෙ. එතනදි සත්තුයි මිනිස්සුයි කියල වෙනසක් නෑ. උදාහරනෙකට ගනිං මීමැසි කූඩුවක්, එහෙමත් නැත්නං වේ ගුලක්. පිරිමිය කියන්නෙ පවුල වටේට තියන ෂෙල් එක මිසක් ෆැමිලි කෝර් එක නෙමෙයි. හැබැයි උවමනා නම් ඒ ක්‍රමේට පිටින් ගිහිල්ල පිරිමියට ඩොමිනේට් වෙන්න පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්න බ්‍රෙන් පවර් එකෙන් මිසක් මසල් පවර් එකෙන් නම් නෙවෙයි. පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං
උඹට නම් පිස්සු බං, මුතූ උඹව බයකරගෙන යටත් කරගනෙද කොහෙද ඉන්නෙ. ඒකනෙ මේ වගේ විකාර කියවෙන්නෙ, නැත්නං මේ කොන්ද පණ ඇති පිරිමියෙක් කියන කතාද බං…
හෙහ් හෙහ්… මාත් කාලයක් උඹ හිතන විදියට තමයි මචං හිතාගෙන උන්නෙ. ඔන්න ඔහේ අපි මේ කතාව අමතක කරල දාමු බං. ඒක නෙමෙයි රෑට උඹට බෝඩිමෙන් කන්න දෙනවද?
නෑ මචං, කඩෙන් මොනාහරි අරං යන්න ඕනෙ.
පිස්සුද .. අපි මෙතනින්ම ඩිනර් එක අරගෙන යමු… අනික මේ රෑ බෝඩිම ලඟ කඩවල් වහලත් ඇති. පොඩ්ඩක් ඉඳහංකො..
ෂ් … මල්ලී…… අපිට ඩිනර් මෙනූ එක ගේන්න….
මචං.. උඹ බීෆ් කනව නේද ?
අවුලක් නෑ..
එහෙනම් මල්ලි අපිට ස්පෙෂල් මික්ස් චොප්සුයි රයිස් ෆුල් එකක් ගේන්න..
හරි සර්..
ඈ මචන් ෆුල් එකක් ඇතිවෙයිද…. ?
අවුලක් නෑ මචං.. මෙතන ෆුල් එක දෙනව දෙන්නක්ටම ඇතිවෙන්න. අනික ආයෙ ගෙදර ගිහිල්ල මුතූගෙ කෑම කන්නත් එපාය, අද උදේ ඉඳලම ඔන්න උඳු ඇට වගයක් දියේ දාගෙන උන්න රෑට ‍තෝසෙ හදන්න ඕන කියල.
උඹ මාර බඩුවක්නෙ, මෙතනින් කාල ආයෙ ගෙදර ගිහිල්ලත් කනවද .. ?
උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ?
තේරුං ගනිං මස්සිනා… මේ තමයි පවුල් කෑම කියල කියන්නෙ.. හෙහ් හෙහ් ….. !!
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: sutikki on February 01, 2012, 12:38:34 PM
godaak honday Me article eka ...man eka agayanawa   :045:

"පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං" me adahasata nam Godaak kamathy Man  :003:
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on February 09, 2012, 06:33:26 PM
 :dft010:
Title: Re: ජීවිතේ හැඩගස්සා ගන්ට ලොවෙන් යමක්
Post by: @[email protected] on February 15, 2012, 01:54:52 PM
(http://www.sinhalaya.com/userimages/imgs/3875412319.jpg)