Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: @[email protected] on December 08, 2011, 09:31:30 AM

Title: තාම ආදරෙ ඔයාට
Post by: @[email protected] on December 08, 2011, 09:31:30 AM
මගේ ලෝකය පුරාම
කඳුල සිතුවම් කලාට
බනින් නැහැ මම ඔයාට
වෙන කෙනෙකු හා ගියාට

නොහිතු මොහොතක වුනාට
දැනුනා හදවත පුරාම
අහිමි වුන ඔය හිනාව
හිතේ මැවෙනව ගියාට

හැරගියත් මා දමාම
තාම ආදරෙ ඔයාට
විරහ හදතුල තබාම
සුභ පතන්නම් ඔයාට
Title: Re: තාම ආදරෙ ඔයාට
Post by: parami22 on January 07, 2012, 05:49:38 PM
 samu ara nube loven giyath maa sadahatama

saththai me sitha gawa innawa oba horahinma

tharu pipena soduru raa thani una sadha gaawa

awith nathara wennam enawada sada madalata

Title: Re: තාම ආදරෙ ඔයාට
Post by: Nandana on January 12, 2012, 01:15:15 PM
අතගෙන ඔහුගේ
ඔබ යන අතරේ
මා තනිවෙන්නම්
සිතුවිලි අතරේ :006:
කදුළැලි සගවා
මා නෙතු අතරේ
හිනැහෙන්නම් ඔබ
වෙනුවෙන් සොදුරෙ.....
:dft002:
Title: Re: තාම ආදරෙ ඔයාට
Post by: @[email protected] on January 13, 2012, 04:53:19 PM
samu ara nube loven giyath maa sadahatama

saththai me sitha gawa innawa oba horahinma

tharu pipena soduru raa thani una sadha gaawa

awith nathara wennam enawada sada madalata


ඇරයුම් කලොත් ඔයලෙස ඔබ වෙත කැන්දා
පියඹා එන්නෙ කොහෙ සිටියත් නුඹ සොයලා
මා හැරගියත් වෙන දෑතක අත් පටලා
මගෙ හද නුඹ ලගයි නෑ එය යලි දීලා

මා සනසන්න නුබ එන බව දන්නවනම්
මග බල බලා ඉන්නම් මම නුඹ එනකම්
ලෝකෙට හොරා එක්වී විද ගමු එහෙනම්
අපි එක්වෙලා කරමුද අහසේ සිත්තම්
Title: Re: තාම ආදරෙ ඔයාට
Post by: parami22 on January 15, 2012, 03:48:00 PM
lowata horen nube senehasa radawagena sitimi sithe

enamuth awasara naha nathara wennata obage nethe

samawenna himiyeni mage sihina lowee

mathu upadina sasara pura mama obey priyee.......................