Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Nandana on January 05, 2012, 02:19:59 PM

Title: නුඹ _ You
Post by: Nandana on January 05, 2012, 02:19:59 PM
:043:

සොදුරු නුඹේ මුව මඩලම සිඹින්න ආසයි....
දවස පුරා නුඹෙ උණුහුම විදින්න අවැසියි....
දිවිය පුරා නුඹෙ සෙනෙහස ලබන්න ඕනයි...
ළදේ නුඹට හැමදාටම මගෙ හිත භාරයි....

දිවි ගමනට මහගු පැතුම් අහුරක් ආවයි....
නුඹ වෙනුවෙන් ඇති හැගුමන් මහමෙර පරදයි...
ජීවිතයට අරුණැල්ලක් නුඹ ගෙන දුන්නයි....
ළදේ නුඹේ නෙතෙ කදුලක් ඕනම නෑමයි....

නුඹ සිහිවී මගෙ නෙතගට කදුලක් ආවයි...
ඒ කදුලේ සිසිල විදන් නුඹ ගැන සිතුවයි....
නුඹ වෙනුවෙන් මහද පුරා පෙම් මල් පීදෙයි....
නුඹෙ සෙනෙහස දිවිය පුරා මගේ විතරමයි....
Title: Re: නුඹ _ You
Post by: Nandana on January 05, 2012, 05:45:29 PM
යෙහෙළියයි....
නුඹ මා
සැනසුවයි.....
රැක ගනියි...
විටකදි
මව වැනියි.....
නැගනියයි....
ළය බැදි
සොයුරියයි....
මිහිරියයි...
නුඹ මගෙ
ලෝකයයි... :043:

ලෙන්ගතුයි..
පෙර පැතුවා
වගෙයි....
ආදරෙයි...
දිවි මා
වෙනුවෙනුයි....
පින්බරයි..මට දැනුනේ
පසුයි...
සුන්දරයි...
දියතම
නුඹ තමයි.... :043:

උමතුවෙයි...
මා හද
නුඹ ළගයි...
ඉකි බිදියි...
හදවත
නුඹ සොයයි....
ප්‍රේමියයි...
නුඹ මගෙ
ජීවිතෙයි....
බොළදියයි..
සුළු දේටත්
සැලෙයි... :043:

රුවැතියයි...
නුඹ මගෙ
සුරතලියි....
මිහිරියයි...
මගෙ
ආලෝකයයි...
රිදේ යැයි...
නුඹෙ සිත
නොසිතුනයි...
අසරණයි...
මා දැන්
පසුතැවෙයි....
:043:
Title: Re: නුඹ _ You
Post by: Nandana on January 24, 2012, 11:18:58 AM
සිහිල් මාරුතයක් විලාසෙන්
මගේ දිවියට සිසිල සදමින්
හමන් සොදුරිය ගත පුරා මගෙ
සුවද විහිදවනා...

නොයෙක් බාධා සුසුම් මැද්දෙන්
ගෙවන අප දිවි බොහෝ වෙහෙසෙන්
දිනක ජයගෙන් ඔබව සනසමි
ප්‍රේම සුර අගනා...

පැතුම් ඉටුවී නව සිනහවෙන්
ලොවමු ජය ගමු අපේ නාමෙන්
සොදුර නුඹ මගෙ දිවිය මැද්දෙන්
රටා අමදින්නා....
Title: Re: නුඹ _ You
Post by: Nandana on January 25, 2012, 10:50:50 AM
මනකල් මනහර කුසුමන්
පරදියි නුඹෙ රූ මනරම්.
නුඹේ හදේ දුක් සුසුමන්.
වළකමි දිවි තියෙනා කල් :54:

කදුළු නුඹේ මුතු කැටවන්.,
හෙළනු එපා බොරු වෙනුවෙන්
ඒ කදුළැලි අප වෙනුවෙන්
ගලන එකයි නගේ උතුම්. :048:

සිනහව නිති අප අසලින්..
රැදෙයි ළදේ බිය නොමවෙන්.
හොද හැටි සව්දිය පුරමින්
තුටින් නටමු එදින පෙමින් : :dft009:

දිවියම සතුටින් තුටුවෙම්.
නුඹ අසලින් ඉන්නවනම්.
ඉසුරින් පිරි හෙට වෙනුවෙන්
කැප වෙමු මේ විලස තුටින් :003:.

නුඹ මගෙ වස්තුවයි උතුම්
පෙම් කරනෙමි පණ පුදමින්
නුඹ වෙනුවෙන් පතන පැතුම්
නගේ නුඹට දැනෙනවනම් :043:
Title: Re: නුඹ _ You
Post by: Nandana on February 09, 2012, 10:04:07 AM
මුළු ලොවට හොරා
පෙම් කෙරුවා නුරා
නුඹ මගේ වෙලා
ඇත දිවිය පුරා.... :dft009:

නුඹ ළගට වෙලා
කී සොදුරු කථා
මගෙ සවන් පුරා
හැම විට රැදෙනා... :dft001:

නුඹ ප්‍රේම කළා
නුඹෙ හදට හොරා
මගෙ ලොවම වෙලා
අද නුඹ සොබනා... :043:

සිත ආල නුරා
නුඹ වෙත පුදලා
නුඹ තුරුළු කරන්
තුටු වෙමි සැමදා... :003:
Title: Re: නුඹ _ You
Post by: araliyamala on February 09, 2012, 11:58:08 AM
මුළු ළොවට හොරා
පෙම් කෙරුව නියා
මම නුඹේම වෙලා
හිඳිමි දිවිය පුරා.....

නුඹේ ලඟ දැවටිලා
පෙම් කවක් මුමුණලා
ඔබේ සවන් සනසලා
හිඳිමි ලඟ රැඳිලා......

මම සේම නුඹද මට
නුඹසේම මමද නුඹට
ප්‍රේම කල නිසාවෙන්
අපි අපේම වෙලා අද....


muthu
Title: Re: නුඹ _ You
Post by: Nandana on February 09, 2012, 12:15:32 PM
WoW.......... Great........  :54:
Title: Re: නුඹ _ You
Post by: araliyamala on February 09, 2012, 02:18:34 PM
Thanx malliya

muthu
Title: Re: නුඹ _ You
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 09, 2012, 04:13:40 PM

ප්‍රේම කලා ලොවට හොරා
ලඟට වෙලා ඔබට හොරා
සිඹිමි දෙතොල් මටත් හොරා
ඔබේ හැඟුම් ගතිමි හොරා

මීට,
"හොරා.."
Title: Re: නුඹ _ You
Post by: araliyamala on February 09, 2012, 04:22:31 PM
ප්‍රේම කලෙමි ලොවට හොරා
නුඹෙ සිත මම ගතිමි   හොරා
ලඟින් සිටියෙ සැමට   හොරා
නුඹෙ වෙන්නයි ඇයට හොරා


muthu

Title: Re: නුඹ _ You
Post by: Nandana on March 15, 2012, 03:20:19 PM
නුඹෙන් තොර වූ ලෝකයක් ගැන කිසිදු විට මා නොසිතු හින්දා...
මෙලොව වසනට වෙනත් පැතුමක් කිසිදු විට මට නොතිබු හින්දා...
නුඹට පමණක් සෑම මොහොතෙම මගේ සිතුවිලි උරුම හන්දා...
නුඹම පතමින් මියෙන්නම් මා නුඹේ පෙම අද අහිමි හින්දා... :044:
Title: Re: නුඹ _ You
Post by: Nandana on June 05, 2012, 11:20:16 AM
දෙමාපිය සිත් තුටින් සදනට අපේ සිත් රිදුනී...
මෙමට මෙන් නොව නුඹට ඔවුනගෙ සෙනෙහෙ නිති ලැබුනි..
නුඹම පමණයි මෙමට ඇත්තේ... නමුත් කැප කරමී...
නුඹෙන් තොර වූ ලෝකයක අද සිහිවටන රකිමී..... :038:


බොහෝ කාලයකට  පස්සෙ FAntasya පැත්තේ ආවේ.... රස්සාවත් කරන තැන මාරු කළා... පණ වගේ කරපු ආදර සබදකමත් ගෙදරින් කචල් නිසා නතර වෙලා... මාමණ්ඩි මැරෙන්න යනවනේ... ඉතින් දැන් අපි දෙන්නා විදවලම මැරෙයි වගේ.... මොනා කරන්නද ඉතින්... අපි තාමත් ආදරෙයි.... ආදරය කියන්නේ ලබා ගැනීමම නෙමෙයිනේ....මගෙ කෙල්ල ( නුඹ ) කොහෙ සිටියත් සතුටෙන් ඉන්න... මගෙ හිත හැමදාමත් නුඹේ ළගමයි.... :043:
Title: Re: නුඹ _ You
Post by: araliyamala on June 08, 2012, 08:55:11 AM
මගේ ආදරයට ආදරය කල
ඒ ආදරය නුඹ ජීවයම කොට
දිවි මගේ බොහෝ දුරක් යන්ට
මා සමග එක්වී සිහින දුටු
මගේ පෙම් කුමරුනේ.........
අපි වෙනුවෙන් ජීවිතයම දුක්  විඳි
මාපියන් ආදරෙයේ අරුත නොදත් කල
ඔවුනගේ සතුට වෙනුවෙන් අපි විඳවනවාහැර
කුමක් කරමුද මෙසේ වෙන් නොවී අද........


muthu