Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: Nandana on January 06, 2012, 05:51:41 PM

Title: පච ඉන්දියාවට පජාත වීම_ Begging from India
Post by: Nandana on January 06, 2012, 05:51:41 PM
උපාලි ධර්මදාස මහතා ශ්‍රී ලoකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති වීමෙන් පසු කළ පළමු ප්‍රකාශය දුටුවද....? අපේ පාඩු මකා ගන්න ඉන්දියාවේ IPL තරග කිහිපයක් මෙහෙ පවත්වන්න කියලා ඉන්දියානු කිරිකට් ආයතන්යෙන් ඉල්ලීමක් කළා නොවැ...? ලැජ්ජ නැති කමක මහත... අපි කරන්න හදපු IPL කොපිය වෙච්චි SLPL වත් කරන්න ඉඩ නොතිබපු නරුම ඉන්දියානුවෝ අපේ ක්‍රිකට් බේර ගන්න උදව් කරයිද...? :005:

සභාපතිතුමෝ මොළේ ( මෝල නෙමෙයි) කල්පනා කරලා වැඩ කරන්න...
ඔබතුමාගේ ඉල්ලීම ගැන උන් සලකලා බලලා නේද..? දැන් IPL කාල සටහන ප්‍රකාශයට පත් කරලා ඉවරයි.  ලන්කාවේ එක තරගයක්වත් නෑ... අඩු තරමේ ඒ ඉල්ලීම සලකා බලා ඉවත දැමීමට හේතු වූ කරුණු ප්‍රකාශයට පත් කරලත් නෑ.. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.. චික්...අනේ කාලේ වනේ වාසේ.... :013:

අපෙන් ලෝක කුසලානය උදුර ගත්තේ කොහොමද කියන එක සැකයක් වෙලා තිබුනට අපේ පරිපාලකයෝ ඉන්දියාවට වදින හැටි දැක්කම කොහොමද කියලා දැන් නම් ටික ටික තේරෙනවා....

මාස ගානක පඩිවත් නැතිව අපේ කොල්ලෝ දකුණු අප්‍රිකාවේ කොහොම හරි ජාමේ බේරන් තරග වදිනකොට, ඔය වගේ බූරු වැඩ කරලා උන්ගේ මොරාලුත් කන්න එපා...

ඉන්දියාවද අපිද දක්ෂ කියන එකනම් ඉන්දියානු පන්ඩිතයින් ඕස්ට්‍රේලියාවෙ දැන් තරග කරන හැටියෙන් පේනවා...
කාටද වැඩි හැදියාවක් තියෙන්නෙ කියලත් උන්ගේ හැසිරීමෙන් පේනවා....

ඉන්දියානු ක්‍රීඩක විරාත් කෝලි ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයිනට පෙන්නපු ඇගිල්ල  උන්ගේ ක්‍රිකට් ආයතනය අපේ ආයතනයේ සභාපතිතුමාට හොරෙන්ම පෙන්නලා.... :59:
 අනේ මන්ද... නුඹලාගේ ඔය කිච වැඩ වලින් පච වෙන්නේ  වසර දහස් ගනනක වැදගත් ඉතිහාසයක් තියෙන අපේ ශ්‍රී ලකාවයි.... :031:

ඒක තේරුම් අරන් ඉදිරියටවත් වැඩ කරන්න... 
  :030:
Title: Re: පච ඉන්දියාවට පජාත වීම_ Begging from India
Post by: w乇乃ᄊム丂イ乇尺 on January 07, 2012, 10:46:38 PM
නියම සටහන.. අපේ ක්‍රීඩාව විතරක් නෙමෙයි, රාජතාණ්ත්‍රීකරණය, ප්‍රවාහනය, ධීවර කර්මාන්තය.. ආදී මේ හැම දේකදි ම අපේ නායකයො ඉන්දියාවට නැමෙනව වැඩියි.. ඕනවටත් වැඩියි.. මම නම් කියන්නෙ "ශ්‍රී ලංකාවේ දියුණුවට වැඩියෙන් ම අකමැති රට ඉන්දියාව.." කියල.. ඒක මම කිව්ව පළවෙනි වතාව මේක නෙමෙයි..

මහා ලොකු ඉන්දියාව මේ පුංචි ලංකාවෙන් හම්බු කරගන්න තරම කොච්චරක් ද?

උතුරු නැගෙනහිර මුහුදු තීරයේ මත්ස්‍යැ අස්වැන්නෙන් සියයට 60-70කට වඩා හූර ගන්නෙ ඉන්දියානුවො.. තමිල්නාඩුව "රන්" කරන්නෙ එහෙ කෝටිපති මාළු මුදලාලිලා.. (මේ රටේ මුහුදු සීමාවෙන් ලැබෙන ලොකු ඉස්සො මුන් යවන්නෙ යුරෝපෙට, ජපානෙට.. ඒවායෙන් තමිල්නඩු ආර්ථිකයට එකතු වන ධනස්කන්ධයෙන් අපේ අයවැය පරතරය උනත් පියවන්න පුළුවන්..) උන් තමයි තමිල්නාඩු දේශපාලකයන්ට අත් දිග ඇරල වියදම් කරන්නෙ.. අර මාළු මුදලාලිලාට ලංකාවේ මූදු තීරය හූර ගන්ඩ ඕනෙ නිසාමයි උතුර බෙදා වෙන් කරන්න වලි කන්නෙ. ඉතින් උන්ගෙ බහට දකුණු ඉන්දීය දේශපාලකයො වැඩකරන එක රහසක් නෙමෙයි.. නැතුව මේ රටේ දෙමල මිනිස්සුන්ට ඇති පපු කැක්කුමකට නෙමෙයි.

අපිට දිගු කාලීන විදිහට ණය දීල ඒවයෙන් උන්ගෙ බස් ම විකුණ ගන්නව,, උන්ගෙ කෝච්චි ටිකත් විකුණ ගන්නව,, ඒවත් ලෙඩ.. අනේ අපි දසක ගාණක් පොලී ගෙවමින් උන්ට ණය ගෙවනව.. ඒ ණය ගෙවල ඉවරවෙනකොට ඒ ණයෙන් ගත්තු කෝච්චි ටිකත් නෑ, බස් ටිකත් නෑ..

ඒ වගේ ද අපේ රටේ කොච්චරක් නම් වන්දනාකරුවො ඉන්දියාවෙ යනවද? ව්‍යාපාරිකයො කොච්චරක් නම් එහෙ යනව ද? ඒ මිනිස්සුන් ඉන්දියාවෙදි කොච්චර වියදම් කරනව ද? ඒ මගින් ඉන්දියාව හම්බ කරන මුදල කොච්චරක් නම් වෙන්න පුළුවන් ද?

ඉන්දියාව කියල අපි ඕනෙවට වඩා නැමෙන්න ඕනෙ නෑ.. වඳින්න ඕනෙ නෑ.. ඉන්දියාව කියන්නෙ අපේ අයියා නෙමෙයි,, යාළුවෙක් විතරයි.
මේව අපිට තෙරුණාට තෙරුම් ගන්න ඕනෙ මිනිස්සු බූරුවො වගේ වැඩ කරනකොට නම් දුකයි තමා නන්දන..

- ආදරණීය වෙබී


ඔබේ සටහනේ ඇති වැදගත්කම නිසාම එය සිංහලයා පුවත් හි පල කිරීමට අපි කටයුතු කලා..
http://sinhalaya.com/news/sinhala/2012/01/07/4393/ (http://sinhalaya.com/news/sinhala/2012/01/07/4393/)
Title: Re: පච ඉන්දියාවට පජාත වීම_ Begging from India
Post by: Asha Nanayakkara on January 08, 2012, 10:31:15 AM
ඉන්දියාවෙන් සැරින් සැරේ එක එක රාජ තාන්ත්‍රිකයො එන්නේ අපිට ආදරේට නොවෙයි. අපිට බලපෑම් කරන්න.. දැන් ඔය හදන්නෙත් බලය බෙදන්න අපිට බලපෑම් කරන්නයි.
මතකනේ, ජේ ආර් ජනාධිපතිගෙ කාලේ උඩින් ගිහින් පරිප්පු දාලා අපිට කරපු අපරාදේ.... කොටි හැතිකරේට කිරි පෙව්වෙත් ඔය ඉන්දියාවම තමයි (ඒකේ ප්‍රතිඵල එයාලටත් අඩු වැඩි වශයෙන් ලැබුනා)
නමුත් පිටට කියන්නේ ඉන්දියාවේ ආරක්ෂාව තියෙන්නේ ශ්‍රී ලංකාව මතලු.

මෙයාලගේ මේ බොරු ආදරය හරියට අඳුනගෙන, අර කුෂ්නර් ට, මිලිබෑන්ඩ් ලට කලා වගේ ඔළුව අතගාල හොඳවයින් ටොකු කීපයක් මෙයාලට අනින්න අපේ දේශපාලකයින්ට කොන්ද පණ තියේ නම් ලොකු උදව්වක් !
Title: Re: පච ඉන්දියාවට පජාත වීම_ Begging from India
Post by: araliyamala on January 08, 2012, 11:45:04 AM
'අපේ දේශපාලකයින්ට කොන්ද පණ තියේ නම් ලොකු උදව්වක් !'
මේකම තමා අපිට තියෙන ප්‍රශ්ණෙත් ආශෝ.....යුරෝපයෙන් එන අනික් හැම බලපෑමක් ඉදිරියේම කොන්ද කෙලින් තියන් වැඩ කරන අපේ නායකයන්ගෙ කොන්ද ඉන්දියාව ඉස්සරහා නැමෙනවා නේද කියලා හිතනකොටත් පුදුම කනගාටුවක් හිතෙනවා අපිට අපි ගැන.....මොකද ලොක්කන්ගෙ කොන්ද නැමෙනවා කියන්නේ අපේ කොඳු ඉබේම උන් ලඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නමනවා කියන එකනේ......අර රජිව් ගාන්ධිට තුවක්කු පාර දුන්න විදියේ කොන්ද කෙලින් තියෙන නියම සිංහලයො අපි අතරෙ නැතිව නෙවී....ඒත් ඒ සිංහලකම ඉබේම ලොක්කොන් ඔලමොට්ටල වැඩ වලින් යට කරනවනෙ.බල තන්හාවට අපේ උන් මර ගන්නකොට ඒකෙ ලාබ ප්‍රයෝජන අපූරුවට පැත්තක ඉඳන් ඉන්ඳියානුවො ලබා ගන්න හැටි ඇස් දෙක ඇරන් හිටියොත් අපිට බලා ගන්න පුළුවන් වෙයි......රටක් ජාතියක් වශයෙන් තනියම නැගිටින්න අවශ්‍ය ශක්තිය තියෙන අපේ රට එක එකාගෙ හෙන්චයියො වෙන්න හදන එක තරම් මෝඩකමක් තවත් තියේද?????????????????????? 


muthu