Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on January 07, 2012, 10:15:34 PM

Title: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: w乇乃ᄊム丂イ乇尺 on January 07, 2012, 10:15:34 PM
ඔබත් 1980,1981,1982,1983,1984,1​985,1986,1987,1988,1989 වර්ෂ වල උපත ලද අයෙක්ද??? එසේනම් මේ මතක් කිරීම ඔබටයි...
 
•පාරේ සෙල්ලම් කරපු අවසන් පරපුර අපි වෙමු.  :dft004:
 •වීඩියෝ ක්‍රීඩා(video games) පලමුව සෙල්ලම් කරන ලද්දේද අප විසින්‍මය.  :57:
 •රූපවාහිනියේ වැඩිම cartoon ප්‍රමාණයක් බැලූවේද 80 දශකයේ උපන් අපි වෙමු.  :54:
 •අවසන් වතාවට කැසට් පටවල පටිගත කිරීම සහ VCR භාවිතා කරන ලද්දේද අප විසින්මය.  :dft012:
 •Chat Rooms සහ Walkman භාවිතයේ කෙල පැමිණියෝ අපි වෙමු.  :045:
 •56 kbit මොඩමයකින් පවා ''අධිවේගී'' අන්තර්ජාල සේවාවක් අත්විඳි එකම පිරිස අපි වෙමු.  :048:
 •ජංගම දුරකතනයෙන් මල් කැඩීම ලොවට හඳුන්වා දීමේ ගෞරවයද අප සතුය.  :004:
 •බ්‍රේක් බිඳුවක් නොමැතිවත් පල්ලම් වල වේගයෙන් බයිසිකල් පැදි අවසන් පිරිස අපි වෙමු.  :59:
 •අද පරපුර මෙන් PlayStation, Flat Screen, Surround Sound, iPods, iPads, Broadband එදා අප භාවිතා නොකලමුත්, අද පරපුරට වඩා බොහෝ සෙයින් සුන්ඳර ළමා කාලයක් අප එදා අත්වින්ඳෙමු...  :045:  :003:
 


- මූණු පොතේ තිබී සද්භාවයෙන් ගලවා ගන්නා ලද්දකි. පූර්ණ අයිතිය "ලොවෙත් නෑ" මූණු පොත් සමූහයට සතු වේ.  :045:
(http://www.facebook.com/#!/l0w3thna (http://www.facebook.com/#!/l0w3thna))
Title: Re: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: veer on January 07, 2012, 10:21:08 PM
akanam aththa thamai webby aiyyazzzzz :008:
Title: Re: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: w乇乃ᄊム丂イ乇尺 on January 07, 2012, 11:06:33 PM
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල හතර බීරි සිලබස් වලින් ඇති පදමට බැට කෑ අය නම් අපි වෙමු.
- යුද්ධයක වේදනාව මෙන්ම එහි ජයග්‍රහණය ද අත් විඳි තාරුණයක හිමිකරුවෝ නම් අප වෙමු.
- බෝම්බ බිය නිසා පාසල් නිවාඩුව දෙගුණ තෙගුණ වූ වාසනාවන්තයින් අපි වෙමු.

 :033:
Title: Re: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: sutikki on January 08, 2012, 12:48:40 PM
- නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල හතර බීරි සිලබස් වලින් ඇති පදමට බැට කෑ අය නම් අපි වෙමු.
- යුද්ධයක වේදනාව මෙන්ම එහි ජයග්‍රහණය ද අත් විඳි තාරුණයක හිමිකරුවෝ නම් අප වෙමු.
- බෝම්බ බිය නිසා පාසල් නිවාඩුව දෙගුණ තෙගුණ වූ වාසනාවන්තයින් අපි වෙමු.

 :033:

meka thamay 80's wala Upan ayage niyama Sundara kalee... :57:  :045:.....
Title: Re: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: -ŴăฎśĦไ- on January 09, 2012, 10:54:26 PM
math me kaleta aithi ane.... e kale nam amathaka karannama ba....  :54:
Title: Re: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: NIMALI on January 11, 2012, 11:07:57 PM
ඇයි අනේ ඉස්කෝලෙට විනිවිද පේන බෑග් අරගෙන ගියෙත් අපි.
Title: Re: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: liza123 on January 17, 2012, 12:22:11 PM
 

:045: :045: aththama thamai webby..... aith nam e kale enne nahe ne..........  :dft004: :dft004: :dft004:
Title: Re: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 21, 2012, 01:17:02 AM
ඇයි,
:dft003: "ඔට්ටුපාලු" වලින් ක්‍රිකට් ගැසීම ලොවට හඳුන්වාදීමේ ගෞරවය ද අපි සතු ය.

ඔට්ටුපාලු කියන්නෙ රබර් වතු වල, කිරි කැපීමේ දෙ, කිරි පොල් කට්ටට "නූලක් වගේ" වෑස්සෙන රබර් කිරි ගල් උනාම හැදෙන රබර් නූල් වලට..
ඉතින් ඒවා ගලෝල ගුලි කරල ක්‍රිකට්, එල්ලේ වගේ සෙල්ලම් කරනව.. සාමාන්‍ය ටෙනිස් රබර් බෝල වගේ නෙමේ.. ඕවරේ දාන බෝල හයම බවුන්සර්.. හරියට වැදුනොත් බෝලෙ හොයලත් හමාරයි.. සාමාන්‍ය බෝලයක් වගේ තුන් හතර දුරක් කෙළිතැහැකි..

ග්ලවුස්, පෑඩ්ස්, බෝල් ගාඩ්ස් තියා ඇඟේ ෂර්ට් එකක්වත් නැතුව ඔට්ටුපාලු වලින් ක්‍රිකට් ගහල ගෙදර යනකොට ඉතින් ඇඟේ පළු කෝටියයි.. ඒ විතරක් නම් මදෑ.. ගෙදර ගිහිනුත් කන්ඩ එපායැ,.

ඉස්සර ඔට්ටුපාලු බෝලෙන් කල තවත් ත්‍රාසජනක සෙල්ලමක් තමයි "පිට මැරීම" හෙවත් "පිට පැළීම" කියන්නෙ.. සෙසු ක්‍රීඩකයින් ලුහුබැඳල ගිහින් අතේ තියෙන බෝලෙන් "පුරෝල දෙන" එක තමයි වෙන්නෙ..

ඉස්සර ඒ දවස් වල අපේ ගේ වැට අයිනෙන් සෙල්ලම් කරන්ඩ යන යාළුවො අහනව,, "ඒයි කට්ටා, පිට මරන්ඩ එනව ද?" කියල.. ඉතින් මම අහන්නෙ,
"ඔට්ටුපාලු ද ඒරොප්ලේන් ද?" කියල...

(ඒරොප්ලේන් කියන්නෙ අපි අතරෙ ජනප්‍රිය උසස් තත්වයෙ ටෙනිස් බෝලයක්.. රුපියල් දයක් පහලොහක් විතර උනා මයෙ හිතේ..) බෝලෙ ඒරොප්ලේන් නම්, මං රෙඩි.. නිකන් හරි ඔට්ටුපාලු කිව්වොත්,

"ඉස්කෝලෙ වැඩ වගයක් තියෙනව.. උඹල සෙල්ලම් කොරල වරෙල්ල.." කියල මං ගෙදර..

- ආදරණීය වෙබී
Title: Re: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: kamal(tricar) on February 21, 2012, 07:17:39 PM
කියල වැඩක් නෑ ඔට්ටු පාල කතාව නම් :027:
.අම්මො ඒ කාලේ නම් ආයේ එන්නේ නෑ ...දැන් ඉන්න අය දන්නවාද දන්නේනැ ඔට්ටු පාල කියන්නේ මොනවාද එවා ගන්නේ මොකෙන්ද කියලාවත් :dft007:
.සෙල්ලම් කරන්න අමාරු උනත් අපිත් ඒවායින් සෙල්ලම් කරලා තියෙනවා  : :015:
Title: Re: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: iris on March 13, 2012, 11:05:08 PM
මේ සටහනට තවත් දෙයක් එකතු කරන්න හිතුන....

ඒ කාලේ අපි කාපු අයිස් පැකට්...! දැන් නම් ඒව වැඩිය නැහැනේ.. අපිට නම් ඒ කාලේ මේ තරම් කඩවල් තිබුනේ නැහැ එක එක දේවල් ගන්න,, ඒත් හවසට ගෙදර යන ගමන් අයිස් පැකට් එකක් ගන්න අමතක කරන්නෙත් නැහැ, ඔක්කොම ගෙදරට හොරෙන්,, නැත්තං අම්මගෙන් ලැබෙනවනෙ සැලකුම්...

මතකද අපි සෙල්ලම් කරපු "කං කං බූරු", "ගෑනු පිරිමි මල් පලතුරු" එහෙම ?

විවේකී දවස් වල ගෙදර දී කං කං බූරු... ඉස්කෝලේ ඇරිලා පාසැල් බස් එකේ ගෙදර එන ගමන් (පාසැල් බස් එකේ දී අපි විනෝද වුනු කාලේ ගැන දවසක් කියවන්න පුළුවන්) කරන්න කං කං බූරු ඒක "බස් සංස්කරණයකුත්" අපිට තිබුනට, බස් එකේ දී වඩාත් ජනප්‍රිය උනේ ගෑනු පිරිමි මල් පලතුරු...

දැන් කාලේ ළමයින්ට ඒ සතුට නැහැ,,, පුළුවන් තරම් දිගට බෑග් එකක් එල්ල ගන්නවා, ෆෝන් එකට සම්බන්ධ කරපු වයර් කනේ එල්ලගෙන මෙලෝ විචාරයක් නැතුව පාරේ යනවා..
Title: Re: ඔබත් අසූව දශකයේ උපත ලද අයෙක්ද ?
Post by: w乇乃ᄊム丂イ乇尺 on March 14, 2012, 01:16:36 AM
"සදාචාරාත්මක ගැන්සි ෆිට් එක" තිබ්බ අවසාන පරපුරත් අපිම තමයි..

කෙල්ලො නිසා කොල්ලො ගහ මරා ගන්න එක තමා ඒ කාලෙ කොල්ලෙක්ට තිබ්බ ලොකුම ලජ්ජාව... ඒ නිසා කෙල්ලෙක් නිසා තවත් කොල්ලො දෙන්නෙක් පටලෙන්න යන්නෙ නෑ "කොල්ලො ෆිට් එක" නිසාම..

සිංහලෙන් ම කියනව නම්,
"මුලින්ම, කොල්ලො දෙන්න හෝ උන් අයත් ගැන්සි දෙක සෙට් වෙලා කතා කර ගන්නව සාමදානෙන්.. අඩෝ කෙල්ලෙක් නිසා කොල්ලො අපි අපි ඇර ගන්ඩ ඕනෙ නෑ.. #$%@#@      $%$%$     #@$#%$ අරවද මෙව්වද.. ......

අන්තිමේදි,
"හරි,, උඹ කරපන් එහෙනම්, කෙල්ල උඹටනෙ කැමති.. එල එල.. ෆිට් තමා.. හැබැයි කෙල්ලට ජරා විදිහට බූට් තියල එහෙම අහු වෙන්ඩ එපා හරී....? දවසක කෙල්ල උඹට බූට් එක තිබ්බොත් එහෙම මුලින්ම මට සිග්නල් එක දියන්.. ෆිට් තමයි මචං.." කියල ඇස් දෙකේ කඳුළු බෝල පුරෝගෙන "අමීර් ඛාන් පාට්" එකක් දාල විරහවේ වේදනාවෙන් මිරිකිල ඉන්න මිත්‍රයව සෙට් එකේ ඉන්න අනිත් උන් සනසන්නෙ,
"ඕව හිතන්ඩ එපා බං.. ගඟේ එක මාළුවද ඉන්නෙ.. ඕකිගෙ කොන්ඩෙත් නෑ.. %#[email protected]#[email protected]  බලපංකො අර අහවල් ක්ලාස් එකට යන සුජානි... ෂුහ්.. %@#[email protected]#    ඒ වගේ කොන්ඩෙ එහෙම දිග එකක් ට්‍රයි කරමු... උඹ ගණන් ගන්ඩ එපා බං... ෆිට් එකේ ඉඳපං.." කියල..

තවත් වෙලාවක,
නිකං හරි වෙන ගැන්සියක එකෙක් එක්ක වළියක් දා ගන්න වෙලාවට ඒ ගැන්සියේ එකාගෙ කෙල්ල අහල පහල උන්න නම්, කෙල්ල ගියාට පස්සෙ තමා අරයට නෙළන්නෙ.. කෙල්ලෙක් ඉස්සරහ පොරවල් වෙන්ඩ කාටවත් ඕනෙ උනේ නෑ.. ඒක තමා සදාචාරවත් ගතිය...

අපෝ ඒකට අද ඉන්න වැඩිමනක් කොල්ලො "නිකං පිම්පියො වගේ".. කෙල්ලො ඉස්සරහ තවත් කොල්ලෙක්ව බයිට් කරනව.. නැත්තම් අරූ ඇඟේ හයිය හත්තිය නැති එකෙක් නම් බොරු පාට් දානව... තමන් වීරය වෙන්ඩ.. (සමාවෙන්ඩ වචනෙට.. ඒත් ඒක තමා ගැලපෙනම වචනෙ..)
ඒ කාලෙ නම්, කිසිම කොල්ලෙක් තවත් කොල්ලෙක්ට විරුද්ධ ව කෙල්ලෙක් එක්ක කතා කරන්නෙ නෑ.. "මොනා උනත් ඌත් කොල්ලෙක්නෙ.." යන මානසිකත්වය නිසා..

අද හැදෙන සමහර කොල්ලො නම් කෙල්ලන්ගෙ තියෙන ගෑණු ගතියටත් වඩා අන්තයි...
ගෑණු වගේ අනිත් අයගෙ ඇද කුද හොයන්නෙ..
ඒ වගේමයි ඕපාදූප හෙවිල්ලත්..

සමා අවසර, එක ඇත්තක් කියන්නම්,
අද හැදෙන සමහර කොල්ලො තමයි, ගෑණුන්ටත් වඩා යස අගේට ඊරිසියා කරන්නෙ තමන් වගේම තව කොල්ලෙක්ට.. නියම පිම්පියො.. නියම ගෑණු..කෙල්ලො තව හොඳයි..
(මං හැබැයි ඒ කාලෙ කෙල්ලන්ට වඩා දැං කාලෙ කෙල්ලන්ගෙ බුද්ධිමත් සහ විචක්ෂණ බවක් දකිනව.. තමාත් පරෙස්සම් වී තම පෙම්වතාත් නිවැරදි මගට ගැනීමට තරම් ඔවුන් දක්ෂයි..අනතුර වළක්වා ගැනීමේ දී කපටියි.. සුළුතරයක් කෙල්ලො අමරුවේ වැටෙන්නෙ අහිංසක වැඩිකම නිසා කියලයි හිතෙන්නෙ...)

වැඩේ කියන්නෙ තමන් පොර වෙන්න අනිත් කොල්ලව කෙල්ල ඉස්සරහ "චා" කලාට, කෙල්ලො දන්නව නියම පෞරුෂය තියන, පිරිමිකම ඇති පිරිමිය කවුද කියන එක.. කෙල්ලො ඒ අතින් බුද්ධිමත්..

හැබැයි තව කොල්ලෙක්ව පහතට දාල කෙල්ලෙක් එක්ක කතා කරන්නෙ තමාගෙ "බැරිකම" නිසාම මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි..
(මෙවන් ගොඩාක් සිදුවීම් අද සජීවී ව ම අපිට බල ගන්ඩ පුළුවං අපේම kk chat එකේ උනත්.. ඒ වෙලාවට ඉතින් පරම්පරා පරතරයෙ ප්‍රතිඵල කියල උපහාසයෙන් බලා ඉන්නව අපිත්..)

කලාතුරකින් මෙහෙමත් අවස්ථාවන් තියෙනව..
තව කොල්ලෙක් තමාගෙ කෙල්ල පස්සෙ වැටිල ඉන්නව කියල ආරංචියක් ආවොත්, ඉස්සෙල්ලම ශේප් එකේ ඉවසනව.. පස්සෙ තමාගෙ කෙල්ලගෙනුත් අහනව.. කෙල්ලගෙ නිර්දෝෂීභාවය පිලිබඳ ව සියයට සියයක් ම "සැටිස්" නම්, කෙලින්ම අරූව සෙට් වෙලා, කියනව... "මේ මං ලව් කරන කෙල්ල මචං.. අවුලක් නෑ,, මං රණ්ඩු වෙන්ඩ නෙමෙයි ආවෙ.." කියල...

අරූ ඒත් ට්‍රයි නම්,
"හරි,, පුළුවන් නම් ඒකිව දාගෙන උඹේ හැකියාව පෙන්නපං.. සතියකින්, මාසෙකින් බැරි උනොත් පැත්තකට වෙලා ඉඳපං හරිද?" කියල බය නැතිව චැලෙන්ජ් එක කරන්නෙ තමාගෙ ආදරයත්, කෙල්ල පිලිබඳවත් තියෙන අපිරිමිත විශ්වාසය නිසා..

ඔය කිව්ව ගැන්සි සදාචාරෙට ම අයිති තවත් බොහෝමයක් දේවල් තියෙනව,, මතක් වෙන හැටියකින් ලියාල තියන්නම්..

- ආදරණීය වෙබී



සැ.යු:
මෙම සමාජ කතිකාව වෙනුවෙන් බස හැසිරවීමේ දී තරමක් ප්‍රශ්ණකාරී වුවත්, අළුත් පරපුරට හිතන්න යමක් දීමේ සද්භාවයෙන් ම කල හෙයින් අගුණක් නොදකිමි.