Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: parami22 on January 16, 2012, 03:32:37 PM

Title: tharu eliya
Post by: parami22 on January 16, 2012, 03:32:37 PM
අදටත් නුබේම වු

ඒත් නුබේ සෙනෙහස නොලබන

සෑමදා ලත වෙන

හොරෙන් ඉකි ගසා ලොවට සිනහා වී

ඔබෙත් මගෙත් අවසන් උන ඒ කතාවේ

මතක අතරේ තවම මියදෙනා

අදුරු මාවතේ අත හර ගිය

ඔබටම විකසිත උන තරු එලියයි මා

Title: Re: tharu eliya
Post by: -ŴăśĦ- on January 17, 2012, 12:17:34 AM
මතකය හමුවේ නුඹේම වන්නට

දහසක් පෙරුමන් තවමත් පුරමින්

සැමට හොරා නුඹ ගැන සිත ලතැවෙන

අතීත සුවඳින් ගත තවමත් නැළවෙන

සුසුමක් නොලැබෙන ඝන අඳුරේ තනිකල

මියැදෙන්නටවත් වරම් නොමැති වුන

අවසන්වූ අපේ ආදර කතාවේ

සැමදා තනිවුන තරු එළියයි මා....