Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Muwanwella on January 25, 2012, 11:28:04 AM

Title: ඇගේ සුවය පතා
Post by: Muwanwella on January 25, 2012, 11:28:04 AM
ගිනි කඳු විලසින් පුපුරා දවමින් ගත උණුවී සැලෙන වෙලේ
වන පෙත් අතරේ දිය වැල් ඇසුරේ සිහිලස ඇය වෙත යේවා
හිම කුටි අතරේ හිරවුණ විලසින් සීතලයෙන් ගැහෙන වෙලේ
ලා හිරු කිරණින් රත් වූ සුළඟින් උණුසුම ඇය වෙත යේවා

ලොව සියලු සතුන් හට සෙත් පතනා පින් අනුමෝදන් වේවා   
නෑසිය මිතුරන් මෙත් පිරි සිතුවිලි ඇගෙ මනසට යොමුවේවා
හෙද හෙදියන්ගේ බැලුමන් සැලකුම් වැඩි වැඩියෙන් හිමිවේවා
වෙද ඇදුරන්ගේ නැණ පිරි වෙදකම් තව තව බලවත් වේවා

ගත රිදුම් නිවා සිත පහන් වෙලා මුව සිනහව නැන්වෙවා
අප පතන ලෙසින්  තුනුරුවන් බෙලෙන් ඉක්මන් සුව සැලසේවා 
Title: Re: ඇගේ සුවය පතා
Post by: araliyamala on January 25, 2012, 02:29:21 PM
wow harima lassana pathumakin lassana nirmanayak ekka oya liyanna patan aragena thiyenne......harima adaren piligannawa oyawa fantasyyata...digatama liyanna....habaawatama asanipen inna kenekutanam me liwe ikman suwaya math pathanawa... :045: :045: :045: :54: :54: :54:

muthu
Title: Re: ඇගේ සුවය පතා
Post by: Muwanwella on January 25, 2012, 10:10:33 PM
Ketiyen kiyannam. Obata bohoma sthuthiy. Bohoma pin.
Title: Re: ඇගේ සුවය පතා
Post by: NIMALI on January 28, 2012, 12:13:23 PM
ඹබ සිතනා අයුරින් එය ඉටුවේවා
ගත සිත ඇගේ සැනසී සුව පත්වේවා
හදවත් එක්ව පතනා දේ ඉටුවේවා
නිදුක් නිරෝගී සුව නිති ලැබ දේවා
Title: Re: ඇගේ සුවය පතා
Post by: Nandana on January 28, 2012, 02:47:54 PM
ලේ කිරි කර පෙව්වා මට මගේ සුදු අම්මා...
අප වෙනුවෙන් හෙලූ කදුල මහමෙර මෙන් මා...
නුඹ වෙනුවෙන් ඇති සෙනෙහස ලොවා හොරෙන්මා..
කියනට මා මේ ලෙස අද කවි පද බැන්දා...

අසරණවී ඇත අම්මා ගිලන් ඇදේ...
ඇය වෙනුවෙන් නෙතෙ කදුළක් ඉබේ නැගේ...
බිය නොම වෙන් අම්මේ හෙට සුව ලබතේ...
නුඹ වෙනුවෙන් මුළු ලෝකෙම සෙත් පැතුවේ...
Title: Re: ඇගේ සුවය පතා
Post by: Muwanwella on January 28, 2012, 09:11:27 PM
ඹබ සිතනා අයුරින් එය ඉටුවේවා
ගත සිත ඇගේ සැනසී සුව පත්වේවා
හදවත් එක්ව පතනා දේ ඉටුවේවා
නිදුක් නිරෝගී සුව නිති ලැබ දේවා


Thanks a lot.
Title: Re: ඇගේ සුවය පතා
Post by: Muwanwella on February 06, 2012, 03:33:52 PM
ලේ කිරි කර පෙව්වා මට මගේ සුදු අම්මා...
අප වෙනුවෙන් හෙලූ කදුල මහමෙර මෙන් මා...
නුඹ වෙනුවෙන් ඇති සෙනෙහස ලොවා හොරෙන්මා..
කියනට මා මේ ලෙස අද කවි පද බැන්දා...

අසරණවී ඇත අම්මා ගිලන් ඇදේ...
ඇය වෙනුවෙන් නෙතෙ කදුළක් ඉබේ නැගේ...
බිය නොම වෙන් අම්මේ හෙට සුව ලබතේ...
නුඹ වෙනුවෙන් මුළු ලෝකෙම සෙත් පැතුවේ...

Thanks.