Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on February 03, 2012, 02:29:15 PM

Title: ද්‍රෝහීන් ව කවි අසිපතින් පෙති ගසමු,.!
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 03, 2012, 02:29:15 PM
ලියන දෙයක් රට වෙනුවෙන් ලියාපන්
කියන දෙයක් දම වෙනුවෙන් කියාපන්
පතන දෙයක් මව් වෙනුවෙන් පතාපන්
මෙතුන එකක් බැරි තෝ ලිඟු කපාපන්

ලියන දෙයක් රට වෙනුවෙන් රන් වැනි ය
කියන දෙයක් දම වෙනුවෙන් මිණි වැනි ය
පතන දෙයක් මව් වෙනුවෙන් මුතු වැනි ය
මෙතුන් එකක් බැරි තෝ වෙසඟන වැනි ය


- වස වෙබී
Title: Re: ද්‍රෝහීන් ව කවි අසිපතින් පෙති ගසමු,.!
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 03, 2012, 02:42:54 PM
දේශ ද්‍රෝහීන්ට එරෙහි වස් කවි..

රටට එරෙහි ගතු කී කට කුණු වී යන්
බසට එරෙහි කළු සුද්දන් වැනසී යන්
තබන තබන පය හතරට කැඩී යන්
පණැති තොගේ කඳ කුණු වී මැරී යන්


- webby
Title: Re: ද්‍රෝහීන් ව කවි අසිපතින් පෙති ගසමු,.!
Post by: Nandana on February 03, 2012, 04:52:49 PM
සිතට නැගෙන අදහස් නුඹ ලියාපන්...
කිසිවිට ඒ ගැන බීයපත් නොවීයෙන්...
නුඹේ සිතට තව දයිරිය ලැබීයෙන්....
මෙතුන් පදෙන් නුඹ හට සෙත් පිදීයන්.... :045:

රටට එරෙහි ගතු කියනා කුණු කටවල්...
රටට වනසන දේ කරනා පර බල්ලන්...
එලවා මතුදින ලක්දිව පුරවැසියන්....
දිනනා දින ළග ළග එයි බිය නොමවෙන්.....
:037:
Title: Re: ද්‍රෝහීන් ව කවි අසිපතින් පෙති ගසමු,.!
Post by: @[email protected] on February 03, 2012, 11:45:58 PM
තක්කඩි හොරුන් රජවෙනවා බලේ ගෙන
පාලන බලෙ ඇත තනිකර පිස්සු කෙල
කෙලවෙල යන්න කියනව පද හතර බැද
කුනුවෙල මැරීයන් මෙ වස් වැදී හෙට

සිපිරි ගෙදර හිරකර ඇති වීරකම
නිදහස් වෙයන් කැපිලා කල මෝඩකම
බදි පද හතර ගන පිහිටා හොදට හිට
කල පවු කැපීයන් වැදිලා හතම හෙන
Title: Re: ද්‍රෝහීන් ව කවි අසිපතින් පෙති ගසමු,.!
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 04, 2012, 02:04:22 AM
මේ එයාට:
රජුන් කියන්නේ ජන හිත කෙනා ම ය
රජුන් තනන්නේ දුප්පත් කෙනා ම ය
රජුන් හිතන්නේ ඒ කලෙ තමා ම ය
රජුන් නසන්නේ බල අඳ නිසා මය

මේ අරයට:
විරුවා නම් විරු ලෙස කට අරින්නේ
විරුවා නම් විරු ලෙස ම ය හිතන්නේ
විරුවා නම් තම අබිමන රකින්නේ
විරුවා නම් දිරු ලණු නෑ ගිලින්නේ

තොට:  :003:
දේසපාලනේ නොවේ ය මෙතන කියන්නේ
දේස ද්‍රෝහි එවුන් ගැන ය මේ හුය යන්නේ
අපේ දේසපාලන මත මෙතන නොයන්නේ
එ තුන් කරුණ දැනගෙන මෙය දිග් ගස්සන්නේ

Title: Re: ද්‍රෝහීන් ව කවි අසිපතින් පෙති ගසමු,.!
Post by: araliyamala on February 04, 2012, 11:00:51 AM
ජනහිත පතන රජවරු අපහට      ලැබීයන්
හැම ජන හිතම එක මවකගෙ මෙන් වීයන්
පරගැති ඇත්තවුන් නිති වැනසී      පලයන්
මගේ මව් බිමට හැමවිට ජය අත්      වීයන්

ජාතිය පතා  නගනා හඬ සිහ නද      වීයන්
ආගම පතා දෙසනා බණ අම රස     වීයන්
මවුපිය නිසා වෙහෙසෙන දරු රජ     වීයන්
මේ හැම සමග මගේ රට නිති    බැබලීයන්

රට ජාතියට හැම සිත් ආලෙන්          බැඳියන්
පරගැති සිතැත්තන්  නිති වැනසී         පලයන්
කට වරදගෙන කෙතරම් කෙරුවත්     කෙරුමන්
රජකම් කලත් කලකම් නිති             පලදීයන්   


muthu
Title: Re: ද්‍රෝහීන් ව කවි අසිපතින් පෙති ගසමු,.!
Post by: Nandana on February 08, 2012, 10:48:35 AM
අනේ බොල කූඹින්නේ...
තොපටත් රජෙක් ඇත්තේ...
අපටත් රජෙක් ඇත්තේ.....

තොපේ දුක තොප රජුට පෙනෙන්නේ...
අපේ දුක අප රජු නොම දන්නේ...
දුකපත් අය හට දුක වැඩි වන්නේ...
සැමවිට දුදනන් මෙහි රජයන්නේ....

කට මැත දොඩවන අති පඩි ඇමතින්..
මත් කුඩු විකුණන ඔල මොල නිවටුන්..
කප්පම් ගන්නා මහ තුප්පහියන්...
රජු වට කරගෙන නටයි නාඩගන්...

රජතුම නුඹ හට මෙය නොපෙනේදෝ.....?
පෙනුනත් එය නොදකින සේ හිදිදෝ....?
සැම දුක සැනසෙන දින ළග එයිදෝ......?
එදිනට තොප සැම යන්නේ කොහිදෝ...?       (කොයි අපායටද...?)
Title: Re: ද්‍රෝහීන් ව කවි අසිපතින් පෙති ගසමු,.!
Post by: w乇乃ᄊム丂イ乇尺 on September 05, 2015, 02:19:05 PM

:031: ඔහේ තියෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්නත් බෑ..
අහක ඉන්න පිම්පියො රැළක් ඉහගෙන කන හැටි බලං ඉන්නත් බෑ
හැම පැත්තටම වැනෙන පෙන්දෙක්ගෙ පාවා දීම් බලං ඉන්නත් බෑ..

:dft007: මේක මට තියෙන එකම රට..
කොල්ලො දාස් ගාණක් තමන්ගෙ ඇස්, ඉස්, මස් දන් දීල රැකපු රට..
දැං අහක ඉන්න සමලිංගිකයො රැළක් විසින් කරවන මගේ රට..
ඒ සමලිංගිකයන්ට ආ වඩන, බත් කන හරක් ඉන්න මගේ රට..
:dft007: සුජාත සිංහල ලේ ඇත්තෝ වරෙව් ඉස්සරහට, රකින්නට මගේ රට..

- වස වෙබී..

(03/09/2015)