Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Nandana on February 03, 2012, 05:18:54 PM

Title: දයාබර මාමණ්ඩිට _ Dear Father in law
Post by: Nandana on February 03, 2012, 05:18:54 PM
යහමින් මිළ මුදල් මා හට තිබුනා නම්....
දෙමාපියන් ලොකු තැන් වල හිටියා නම්....
සමාජයේ පිළිගැනුමත් ලැබුනා නම්.....
අද සතුටිනි පියතුම ළග උන්නා නම්....

රට හදන්න මා පියතුම පෙරට ගියා...
ඒ වෙනුවෙන් භීෂණයෙදි දිවි පිදුවා...
රට නොව අප වෙනුවෙන් ඔහු උන්නා නම්....
අද සතුටිනි මව සහ අප සියලු දෙනා.....

උත්සාහය දයිරිය නිති හිතට ගෙන.....
වැඩ කල මා අද ඉන්ජෙකි පිළිගැනුන....
කවදාවත් මට දුක නැත මා ගැනම.....
මාමණ්ඩිය ඇයි මේ ලෙස උනෙ නරුම....

දූව බලාගන්නට මට බැරිද පියේ.....
සැප සම්පත් දෙන්නට මට බැරිද පියේ....
මගේ කිසිම වරදක් වත් තියෙද පියේ.....
නුඹ හට ඒවා නොදැනෙනවා නොවෙද පියේ....

ආදරයෙන් නුඹෙ දුව මා රැක ගන්නම්....
දිවි ඇති තෙක් සැප සම්පත් ලැබ දෙන්නම්.....
සතුටු සිතින් සැමදා ඇය ළග ඉන්නම්.....
දූ දෙනවා නම් ලෝකය ජය ගන්නම්.....