Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => මං ආදරෙයි | i love you => Topic started by: parami22 on February 03, 2012, 07:38:33 PM

Title: obema pathiniyai maa
Post by: parami22 on February 03, 2012, 07:38:33 PM
ඔබේ සෙනෙහස මන්දාකිනි දස දහසක් තරමටම  අනන්තයි
ඒ පිවිතුරු හද මඩලෙහි ඔබටම  පීදුනු නෙලුම මමයි
කියා ගන්නට බැහැ දරා ගන්නට බැහැ ඔබේ පෙම එතරමටම සුන්දරයි
‍යනෙන තුරා මේ දිවි ගමනෙන් වෙන් වී සත්තයි මා ඔබ ලගයි.

සිත පුරා නැගුනු පැතුමන් දරා ගෙන
එ හිනැහෙන ලස්සන වසන්තයට බලාපොරොත්තු තබාගෙන
නුබේම පතිනිය වී මතු යම් දිනයක
එන්නම් සැනසෙන්න අපේම සිහිනයක..........
Title: Re: obema pathiniyai maa
Post by: @@[email protected]@ on February 04, 2012, 11:29:22 AM
 :045:
Title: Re: obema pathiniyai maa
Post by: kamal(tricar) on February 04, 2012, 01:12:05 PM
සිතට දැනුනු හැගිම කවියට ලිවාම
සෙනේහස කෙතරම් සුන්දරදැ යි සිතුනි
ඔහුගේම පතිනිය වි මතු දිනක යන විට
ලග නොසිටියත් සිතින් සුබ පතමි මා
Title: Re: obema pathiniyai maa
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 04, 2012, 02:51:27 PM
අහෝ ප්‍රේමය,
මම ඇයට ප්‍රේම කරද්දී, තොප විසින් විරහවට ප්‍රේම කලෙහි ද?

ලොව ඉදිරියෙහි පැනයක් ඉතිරි ව ඇත්තේ ය..
එනම්,  තොපේ ප්‍රේමය දිනන්නාහු ද?
ඇය කෙරෙහි මාගේ ප්‍රේමය දිනන්නාහු ද?