Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @[email protected] on February 03, 2012, 11:00:17 PM

Title: තනිවුනු හදේ කලුවර මගේ
Post by: @[email protected] on February 03, 2012, 11:00:17 PM
කදුලක් නෙතේ සිතුවම් වුනේ
හැරගියදිනේ ඇය මගෙ ලොවේ
තනිවුනු හදින් පියමන් කලේ
අසරණ නිසයි ලොව ඉදිරියේ

ආදර ලොවේ මතකය දිගේ
පියමන් කලා තනිවී ඔහේ
කදුලක් ගලා දෙනෙතට වෙලා
දගකම් කලා නොදැනිම මගේ

පෙම්ලොව මගේ කලුවර වුනේ
සඳනැති රැයේ තරුමල් පිපේ
තරුවක් කෙසේ මකනුද රැයේ
තනිවුනු හදේ කලුවර මගේ
Title: Re: තනිවුනු හදේ කලුවර මගේ
Post by: Nandana on February 08, 2012, 11:00:02 AM
නොකරනු තරුවට කෙනෙහිළි කම් නම්...
සද නැතිදා පාර කිව්වෙ එය නොවේද බන්...
සද එළියට වැඩියෙන් තරු එළිය දිගේ මන්...
දිවි ගමනේ සැරි සරන්න හරි ආසයි බන්...

සද නැතිදා අමාවකේ තනි වූ දින මන්...
මගෙ ලෝකෙට එළිය අරන් ආවද කියපන්..
තනි තරුවේ මට වගේම තනිද කියාපන්...
නුඹේ සිතේ තනි මකන්න මා එන්නම් දැන්....
Title: Re: තනිවුනු හදේ කලුවර මගේ
Post by: @[email protected] on February 09, 2012, 06:27:42 PM
නොකරමි තරුමල් වෙතට නිගා මම්
සඳ නැති රැය එය කලා වලාවන්
සඳ බිදි කලුවර කෙලෙස බිදිනු වස්
තරුවට නොහැකියි මිතුරේ සැමකල්

සඳ හැර ගියදා කලුවර දැනුනා
තරුවක් ඇවිදින් මට තනි මැකුවා
සඳ එලියේ මම පෙම් කව ලිව්වා
තරු එලියෙන් මම ඒ කව සෙව්වා

අමාවක දිනේ තරු දිලිසෙන්නේ
හැමදාමත් තරු අහසේ තියෙන්නේ
සඳ නැති දාටයි කැපිල පෙනෙන්නේ
සඳ නැති හින්දයි තරු බබලන්නේ
Title: Re: තනිවුනු හදේ කලුවර මගේ
Post by: Nandana on February 10, 2012, 09:21:16 AM
එක එක දින එක එක ලෙස වෙස් පෙරලන්නා...
පුර පස දින මුළු ලෝකෙට එලිය බෙදන්නා...
අමාවකේ මා තනි කර යන්නම යනෙනා...
සදට වඩා සැමදා ඇති තරු මල් සොබනා.... :003:

සද නැතිදා තරු එළියට ආල වඩන්නා....
ඒ එළියම සද ඇතිදා අමතක වෙන්නා...
ගිණි කණ වැටි මෙරු විලසට සද දෙස බලලා...
මිය යන්නට හැක නුඹ හෙට සදවත හින්දා... :048:

සැමදාම එක ලෙස මා හට පෙම කරනා....
කවදාවත් මගෙ ලෝකය අතැර නොයන්නා..
සද මෙන් හිරු එළියෙන් නොව තනිව දිලෙන්නා...
තරු කුමරිය නුඹ වෙනුවෙන් මගෙ පණ පිදෙනා.... :043: