Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Muwanwella on February 04, 2012, 09:58:53 AM

Title: අනේ අනිච්චං
Post by: Muwanwella on February 04, 2012, 09:58:53 AM

එකල වැඩ කළ එකට
තරුණන් දෙදෙනෙකු සමග
මැදිවීමි අවන්හලෙක
හැන්දෑ යාමෙක එක් දිනෙක
දැවුරුද්දකට ඉස්සර

පමණ ඉක්මවූ
මධුවිතින් මත්ව
එකකු දෙස් දුනි මට
වයස් ගතවීත් මා
නියුත්තෙන් රාජකාරියේ

පනහත් පහුවෙලා නොවැ
නරකද අස්වෙලා ගියොතින්
දීලා අවස්ථාවක්
කොල්ලන්ට පාරෙ ඉන්නා
හරුපෙකුත් සමගින්
ඇසූ හැටි මට මතකයි

ඔහු කී නිසා නොවෙතත්
ඔහු කී පරිද්දෙන්
අස්වීමි ඊයේ
පනස් පහ පිරුණදා

සමුගැන්මෙ සාදයට
ඔහු නැහැ පැමිණියේ

අවුරුද්දකට ඉස්සර
මියගිහින් මේ ගැටයා
එක් වරම හදිසියේ
හැදුනු ලෙඩකින් හදවතේ