Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @@[email protected]@ on February 05, 2012, 07:30:16 PM

Title: මිතුරැ දමක් මිස
Post by: @@[email protected]@ on February 05, 2012, 07:30:16 PM
නොසිතු ‍නොපැතු මොහොතක
ඔබ හා මා මුණ ගැසුනා
මිතු දමින් එපිට ගොස්..........
ආදරයක් සෙවිවෙ ඇයිද ඔබ...?
තවමත් සිතා ගන්න නොහැක එය මට
අහිමි බව දැන දැනත්...........
පෙමි කරන්නේ ඇයිද නුබ මට.......?
ඔබ මෙන්ම මමද දනිමි.........
මෙය සිහිනයක් පමණක්ම බව


දයාබර නුබටයි (මිනිදු)
Title: Re: මිතුරැ දමක් මිස
Post by: kamal(tricar) on February 06, 2012, 04:01:22 PM
සිහිනයක් උවත් කම් නැත
මට ඒ සිහිනය මහ මෙරකි
මිතු දම ආදරයක් බවට  පත් උවත්
ආදරය කිසිදා
මිතු දමක් බවට පත් නොවෙයි
Title: Re: මිතුරැ දමක් මිස
Post by: @@[email protected]@ on February 06, 2012, 06:02:03 PM
නුබට එය මහා මෙරක් වුවත්
දනි එය සිහිනයක් පමණක් බව
නමුත්..........
මෙ අපේ බැදීමට හැමදාම
මිතු දමක් විලස ආදරය කරමි
කියන් හිතවත අවසරද මට.......


Title: Re: මිතුරැ දමක් මිස
Post by: kamal(tricar) on February 06, 2012, 11:19:27 PM
සිතේ දුකට මේ පද වැල් ලිය උනා වේ
ගතට සිතට ඉන් සුවයක් ලැබුනා වේ

මිතු දමකින් ඔබ හදුනා ගත්තා වේ
සිතුම්  පැතුම් සැමදා ඔබේ ඉටු උනා වේ

සිහිනය මට සැමදා මහ මෙරක් උනා වේ
ඉල්ලිමට ඔබේ   අවසර මම දුන්නා වේ

Title: Re: මිතුරැ දමක් මිස
Post by: @@[email protected]@ on February 07, 2012, 11:40:07 AM
පලමුව තුති පුදමි නුබට
වටහා ගත්තාට සිත මගේ
කොතරමි සිත දුක් වුවත්
සිතට කුමක් හෝ සැනසුමක් වෙ නමි
එය නොවෙද යථාර්තය අපේ
ඔබට දුකක් වු ව්ටකදි
සිටිමි සැනසුමක් ලෙසට
මෙ භවයෙත්  මතු භවයෙත්
මිතු දමකින් බැදිනෙමු අප
පවසන් මට මෙ ගැටළුව
අමරණීය නො‍වේද එය?



Title: Re: මිතුරැ දමක් මිස
Post by: Max456123 on February 11, 2012, 09:42:13 PM
NiYamaii tHaruu  :021:
Title: Re: මිතුරැ දමක් මිස
Post by: @@[email protected]@ on February 11, 2012, 09:46:48 PM
NiYamaii tHaruu  :021:
තැන්ක්ස් අයියේ............... :027: