Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @[email protected] on February 06, 2012, 07:56:39 PM

Title: ආදරෙයි හැමදාම
Post by: @[email protected] on February 06, 2012, 07:56:39 PM
(http://www.sinhalaya.com/userimages/imgs/xyz.jpg)
Title: Re: ආදරෙයි හැමදාම
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 09, 2012, 02:56:40 AM
එක අතකින් දුර ඉඳල පෙම් කරල ලබන අහිංසක වේදනාව කියන්නෙ,
ලඟ ඉඳල ලබන ඒකාකාරී, ආත්මාර්ථකාමී ආදරේට වඩා ගොඩක් නිදහස් බං..
Title: Re: ආදරෙයි හැමදාම
Post by: @@[email protected]@ on February 09, 2012, 11:01:51 AM
ඒකේ ලොකු ඇත්තක් තියනවා. ඔයා හරි අයියේ :045:
Title: Re: ආදරෙයි හැමදාම
Post by: sutikki on February 09, 2012, 03:52:11 PM
එක අතකින් දුර ඉඳල පෙම් කරල ලබන අහිංසක වේදනාව කියන්නෙ,
ලඟ ඉඳල ලබන ඒකාකාරී, ආත්මාර්ථකාමී ආදරේට වඩා ගොඩක් නිදහස් බං..



masuran kiyamana  :011:
Title: Re: ආදරෙයි හැමදාම
Post by: Nandana on February 09, 2012, 04:09:56 PM
ආදරයක් ආත්මාර්ථකාමී නොවී පරාර්ථකමී වෙන්න පුලුවන්ද...?
ලෝක ප්‍රශ්නයක්.............?
:49:
Title: Re: ආදරෙයි හැමදාම
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 09, 2012, 04:27:56 PM
ඔව් පුලුවන්..
හැබැයි පුතෝ අමාරුයි..
Title: Re: ආදරෙයි හැමදාම
Post by: araliyamala on February 09, 2012, 04:33:04 PM
අමාරුවෙන් හරි කරන අයත් ඉන්නවා වෙබී

muthu
Title: Re: ආදරෙයි හැමදාම
Post by: @[email protected] on February 09, 2012, 06:13:22 PM
ඒක හරියට මම මුතූට කරන ආදරේ වගේ නේද මුතූ  :dft010:

 :62: ආ තව විදිහකට කියන්න පුලුවන් සූටික්කි මට හොරෙන් හොරෙන් කරන ආදරේ වගේ...  :dft012:

ආදරේ කියන්නෙ අනෙකා වෙනුවෙන්, අනෙකාගේ සැපත වෙනුවෙන් කරන කැපකිරීම් වලට මිසක් ආත්මාර්ථකාමී විදිහට ආදරේ කියන මුසාවදෙට නෙවේ....

ඒ  කියන්නෙ රාගය මුසු ආත්මාර්තකාමීත්වයට ආදරේ කියල මානුශීයමුහුනක් බද්ද කිරීමක් විදිහටයි මම දකින්නෙ.

ඇත්තම ආදරේ විදින්න ඕනි කෙනෙක් අම්මගෙ ආදරේ ගැන හිතන්න
අම්ම කොච්චරනම් කැපකිරීම් කරනවද තමන්ගෙ දරුවන් වෙනුවෙන්....

අන්න සැබෑ ආදරේ...
කෙල්ලො කොල්ලො අතරත් ඒ වගේ ආදරයක් ඇතිවෙනවනම්

ලෝකෙ කොච්චර සුන්දර වේවිද....
Title: Re: ආදරෙයි හැමදාම
Post by: araliyamala on February 11, 2012, 11:25:40 AM
ඔන්න අපේ xyz කාලෙකට පස්සෙ ලොකු බොරුවක් කියලා.......ආදරේ ආත්මාර්ථකාමී නැහැ කියලා......ආදරේ කියන්නෙ ආත්මර්ථකාමී කැපකිරීමක් කියන එකයි මගේ නම් අදහස.....එහෙම ආත්මාර්ථකාමීව පට ගන්න ආදරේ කලෙකදි පරාර්ථකාමීව කැපකිරීම් කරන අය ඉන්නවා.....ඒක ඇත්ත....ඒත් ආදරේ පටන් ගන්නේ තනිකරම ආත්මර්ථ්කාමීව කීවොත් නිවැරදි නැද්ද කියන්න......එහෙම කියන්නෙ කොහොමද කියලත් මම කියන්නම්කො........ලස්සන හෝ ගුණගරුක හෝ වෙනත් මොනයම්ම ගුණාංගයක් හිමි කොල්ලෙක් හෝ කෙල්ලෙක් දුටුව විටදි ඔහු හෝ ඇය කෙරෙහි ආදරයක් උපදින්නෙ ඔහු හෝ ඇයව තමන්ගේ කර ගැනීමේ අරමුණ නිසාවෙනි.ඉතින් එය ආත්මර්ථකාමී හැඟීමක් නොවෙයි කියන්න පුළුවන්ද?........කවුරු හෝ එහෙම කියනව නම් ඒක තනිකරම බොරුවක්.....හැබැයි එහෙම කරන ආදරය කාළයක් යද්දි තමන් ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් කැප කරන අය නැතිව නොවෙයි....එත් ඒ ආත්මර්ථකාමීව පටන් ගන්නා ආදර්යේ අවසාන කොටසක් වෙන්න පුළුවන්......ඒ නිසයි මම කීවේ ආදරය කියන්නේ ආථ්මර්ථකාමී කැපකිරීමක් කියලා.

muthu
Title: Re: ආදරෙයි හැමදාම
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 12, 2012, 03:30:49 AM
තරහා අවසර..!

:022: මේ සටහනත් මේකට අදාල වෙනවද බලන්ට..

http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9319.msg51400.html#msg51400 (http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9319.msg51400.html#msg51400)

- ආදරණීය වෙබී
Title: Re: ආදරෙයි හැමදාම
Post by: araliyamala on February 12, 2012, 10:58:34 AM
ඔයාගෙ මේ සටහන මේ මාතෘකාවට අදාලයි වෙබී.......ඒත් ආදරේ කරන බොහෝ දෙනා තමන් කරන ආදරයට වඩා ආදරයක් බලාපොරොත්තු වෙන එකනම් සහතිකයි.....එහෙමත් අයෙක් තමන් කරන ආදරය තමන්ට ලැබෙන ආදරය හා සන්සංදනය නොකර ආදරය කරනවා.......හැබැයි එහෙම ආදරයක් ලබන කෙනා නම් හරිම පිංවන්තයි......මොකද එහෙම ආදරය කරන අය ඉන්නේ අතලොස්සක් නිසාවෙනි.....

muthu