Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @[email protected] on February 09, 2012, 06:42:40 PM

Title: නොකියාම පවසන්නේ
Post by: @[email protected] on February 09, 2012, 06:42:40 PM
අවුල්වූ කෙහෙරැල්,
දෑතින්ම සදමින්
ඉස්සිච්චි යට ගවුම
පාත්වී අදිමින්
ලැම මඩල වසාගත්
බ්ලවුසයත් හදමින්
හොර ඇසින්
නෙත් කොනින්  බලමින්
වැලමිටේ එල්ලෙමින් දුවමින්
නොකියාම පවසන්නේ
නුඹ මෙන්ම මා නොබැලු
ඒ චිත්තර පටිය
යලි දිනක බලන්නද
වෙන් වෙන්ව වාඩි ගෙන
Title: Re: නොකියාම පවසන්නේ
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 09, 2012, 11:09:09 PM
හා පුළුවන් නම් උඹ කියපන් බලපු චිත්‍රපටියෙ නම මොකක් ද කියල?
Title: Re: නොකියාම පවසන්නේ
Post by: araliyamala on February 10, 2012, 01:57:24 AM
ඔයාට පිස්සුද වෙබී......මෙයාට චිත්තරපටියෙ නම කොහෙ මතක තියෙන්නද?.....නොකියාම කියලා තියෙන්නෙ සිද්ද උන හරිය. :005: :005: :005: :011: :011: :011:

muthu