Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

තොරතුරු ඉසව්ව - information centre => අදට වැදගත් මොනවැයි ? | today's special => Topic started by: Nandana on February 11, 2012, 04:22:13 PM

Title: දයාබර සරසවි සොයුරනි....
Post by: Nandana on February 11, 2012, 04:22:13 PM
අපි පොඩි කාලේ.
අම්මා කිව්වා තාත්තා කිව්වා
නෑදෑයොත් කිව්වා..
පුතේ උඹ හොදට ඉගෙන ගනින්
විශ්ව විද්‍යාලෙ පලයන්

ඉතින්. අනේ අපිත්.
ගොඩක් මහන්සි වෙලා..
උනන්දු වෙල..
උත්සහ කරලා..
විශ්ව විද්‍යාලයට ආවා

ඒත් අද..
එදා ඒ.. අම්මා කියපු
තාත්තා කියපු.. නෑදෑයොත් කියපු
විශ්ව විද්‍යාල ශිෂ්‍යයා
කොතනද..?

අපි නරකද.?
ඇයි එදා.. සමාජයේ.
අපිට තිබුනු පිළිගැනීම
අද නැත්තේ?

මොහොතක් හිතන්න..

අපිට කොතනද වැරදුනේ
අපි වරද්ද ගත්තද..?
අපිට වැරද්දුවද.?

කුහක දේශපාලුවන්..
පටු අරමුණු තකා
අපිව උසි ගන්වා
ඇන කෙටෙව්වා. නේද?

විශ්ව විද්‍යාල සිසුන්
තිරිසනුන් ලෙස
සමාජයේ.. හන්වඩු ගැහුනා
නේද.?

නිදහස් අධ්‍යාපණය වනසන්නට
ඒකම පිටිවහලක්..
කරගෙන.
නේද..?

ඉතින් අපි තව දුරටත්
ඔවුන්ගේ.. අතකොළු.
වියයුතුද?

අපි පළමුවත්
දෙවනුවත්. තෙවනුවත්.
එසේ වියයුතු නෑ..

අපි පෙළගැසෙමු
විරුද්ධ වෙමු.
නැගී සිටිමු.

අපේ තැන රැක ගන්ටත්.

නිදහස් අධ්‍යාපණය සුරකින්ටත්..
Title: Re: දයාබර සරසවි සොයුරනි....
Post by: araliyamala on February 12, 2012, 12:17:27 PM
නන්දනගෙ මේ සටහන දැක්කාම මටත් හිතුනා අපේ නංගිලා මල්ලිලා වෙනුවෙන් පුංචි සටහනක් තියන්න........රටක ජාතියක වටිනාම වස්තුව වන උගත් පිරිස සිටින සහ බිහිකරන ස්ථනාය වන්නේ සරසවිය බව අපි කවුරුත් දන්නා කරුණකි.මේ තැනට තමන්ගේ දු දරුවන් රැගෙන එන්න කුසට අහර නැතිව ඇහැට නින්ද නැතිව අපේ දෙමාපියන් මොන තරම් දුක් වින්දාද කියලා මම අමුතුවෙන් කිවයුතු නැහැනේ.....මේ හැම දුකක්ම වින්ද අම්මා තත්තා තමන්ගේ දරුවා සරසවියට ඇතුළු වූ දා ඉඳලා හිතවල පුරව ගන්න බලාපොරොත්තු මහ මෙර තරම්යැයි කීවොත් මම නිවැරදි.....මොකද ඒ බලාපොරොත්තු මනින්න මිම්මක් නැති නිසාවෙනි....ඉතින් ඒ අහිංසක බලාපොරොත්තු මල් ඵල ගැන්වීමට ඔබ කලයුත්තේ ඉතා සුළු කැපකිරීමක් පමණයි කියලා මම කීවොත් ඔබලා පිලිගන්නවද?.....ඒ ඔබ උනන්දුවෙන් තම අධ්‍යාපන කටයුතු නිම කිරීම පමණයි.......තමන් සතු යුතුකම සහ වගකීම ඒකම නොවෙද්?.....එහෙත් අද අපේ උගත් නංගිලා මල්ලිලා තමන් ආ කටයුත්ත අමතක කොට ජාතිද්‍රෝහී දේශද්‍රෝහී බෙදුම්වාදී ජාත්‍යන්තරයට පන්දම් අල්ලන ඔලමොට්ටල හරක් පිරිසකගේ අත්කොලු බවට පත් වෙලා ඔවුන්ගේ පහත් සිතැඟියාවන් ඉටු කරන්න කැප වෙලා විහින් විනාශය ලංකර ගන්නවා නේද කියලා හිතන්කොට නම් ඔයාලාගෙ උගත් කම් ගැන පුදුම ලැජ්ජාවක් සහා කණගාටුවක් ඇතිවෙනවා.......තරහා ගන්න එපා මේ සටහන කියවලා.....හිතන්න ඔයාලට මොනාද මේ දේවලින් ලැබුනේ කියලා.....ලැබුන එකම දේ ඔයාලගෙ අහිංසක දෙමව්පියන්ගේ නෙත්වලට ඉනූ කඳුල සහ ඒවෙනුවෙන් ඔබ කරගත් පාපය නේද?.........ඔයාලට යමක් ලබාගන්න දිනන්න සටන් කලයුතු නම් සටන් කරන්න හැබැයි ඒ ගැන සැබෑ අව්බෝධයෙන්......ඒ වගේම එහි ප්‍රථිඵලයේ නියම අයිතිකාරයොත් ඔයාලම වෙනවන්නම් පමණක්......හිතන්න මේ දක්වා සිදු වූ සිද්ධීන් වලින් ඔබලාට හිමි වූයේ කුමක්ද කියල.....සමහර අයට ජීවිත අහිමි උනා...හමහර අයට තම අධ්‍යාපනය අහිමි උනා......තවත් සමහරුන්ට අත්පය අහිමි උනා......89දී ටයර් සැයවල් මත සැතපුනා.....හැබැයි මේ කිසිවක් රටේ උගත්ම දරුවො වෙන ඔයාලට හිමිවිය යුතු දේවල්නම් නොවෙයි...මේකත් මතක තියා ගන්න.....ඔයාලා උගත් අය නිසා පවතින ක්‍රමවල අඩුපඩුකම් ඔබට මට වඩා හොඳට අවබෝධ විය හැකි.....නමුත් ඒවා රජයට හෝ පාලකයින්ට අවබෝධ කරදීමේ ක්‍රමය උද්ඝෝෂන කිරීම කියලා හිතනවානම් ඔයාලට වඩා මෝඩ පිරිසක් නැතැයි සිතිය හැකිය.....එසේනම් ඒ සිල්යල්ලට සුදුසු මාර්ග සොයා ගැනීමත් උගත් නුඹල සතු කාර්‍යයකි.කෙසේ හෝ මේ පුංචි සටහනින් මට කියන්න අවශ්‍ය රටේ වටිනාම වස්තුව වෙන ඔයාලා ඒ වටිනාකම් රැකගෙන තම දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටුකරමින් ඔයාලගෙ අනාගතය වගේම රටේ අනාගතයද ගොඩ නගන්න සිතට ගන්න කියන එකයි. 


muthu