Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @[email protected] on February 14, 2012, 01:34:11 PM

Title: ජීවිතේ මෙයයි ඇගෙ ලොව දවා හලුකරන්
Post by: @[email protected] on February 14, 2012, 01:34:11 PM
කාසි කොලවලට සෙයිලමෙ රැයපහන් කලත්
රාග ගිණි නොවේ සිරුරේ දුක් සුසුම් වැලක්
ජීවිතය සොයන ගමනේ තනිවුනා ලඳක්
මොනරු කොල නැතුව බත් පත ලැබේවිද කියන්

සරාගික සලෙලු දෑතට පොඩිවෙනා වුනත්
අතින් අතට මාරුවෙමින් රැය පහන් කලත්
ජීවිතය ඇගේ කව් රුද සනසන්නෙ කියන්
තලා පොඩිකරයි සැපතක් සොයා සලෙලු අත්

සාරා සදිසි පෙම් කරන්න ජීවිතය සොයන්
ඇගෙත් හිතේ නොතිබුනාද කියනවද ඉතින්
නුරාගික දෙනෙත් අබියස සරාගික ලොවක්
ජීවිතේ මෙයයි ඇගෙ ලොව දවා හලුකරන්