Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: @[email protected] on February 15, 2012, 10:18:52 AM

Title: අනේ දරුවනේ කියපන් හෝයියා
Post by: @[email protected] on February 15, 2012, 10:18:52 AM
චූන් දමා රට කරවයි හෝයියා
රටේ එවුන් බඩගින්නේ හිඳීයා
බඩේ පාර තෙල් වලිනුත් වදීයා
අනේ දරුවනේ කියපන් හෝයියා

නීතිය අව නීතිය වී පෙනේයා
අධිකරනෙත් ආරක්ශා නැතේයා
පිස්සු හැදෙන නඩු තීන්දු ලැබේයා
අනේ දරුවනේ කියපන් හෝයියා

දේශපාලනේ නැත්නම් වලේයා
අද්‍යාපනෙ අවුල් වෙලා කැලේයා
මොනව වුනත් මැති ඇමතින් හුරේයා
අනේ දරුවනේ කියපන් හෝයියා

අනේ බලන් රට වෙත උනු වියෝයා
උපදින හැම එකා නයත් කෙරෙයා
ජීවන බර බඩට කුසට දැනේයා
අනේ දරුවනේ කියපන් හෝයියා

Title: Re: අනේ දරුවනේ කියපන් හෝයියා
Post by: sutikki on February 15, 2012, 11:47:50 AM

බස් ගාස්තු ඉහල යතේ
අපිට පුතේ කලක් යතේ
අනේ මගේ චුටී පුතේ
ලංකාවට වරෙන් පුතේ  :57:

(විදේශ සේවයේ නියුතු මෙරට බස් හිමි පුතෙකුට ඔහුගෙ මව මෙවන් වූ ආරාධනාවක් කල වගයි :52:)
Title: Re: අනේ දරුවනේ කියපන් හෝයියා
Post by: Nandana on February 15, 2012, 12:11:42 PM
සිතේ තියෙන දුක කවියට නගාලා..
පිට කළාට සොව කවි පද ගොතාලා..
අනේ අපේ රට කරවන බබාලා..
මේවා වත් කියවාවිද සොයාලා...?

කියවූවත් මේවා උන් සොයාලා..
තේරේවිද කවි පද උන් බබාලා..
ගොන් තඩියෙක් රුපියල වෙත කෙලාලා..
ජනතාවට ඒ බර ටික පටවාලා...

ඩොලර් එකක් රුපියල් එකසිය විස්සයි..
නමුත් සහල්, පිටි, පරිප්පු රටින් ගෙනෙයි..
රුපියල අඩුවූ දුක අපෙ බඩට දැනෙයි...
ගන්න පඩිය සති දෙකකින් ක්ෂ්ය වී යයි..

එක්කෝ පඩියත් මේ ලෙස වැඩි කරපන්...
නැත්නම් බදු බර ටික ටික අඩු කරපන්..
ඒ බැරිනම් රට දාලා තොපි පලයන්...
අනේ තොපිට හෙන වැදිලාවත් මැරියන්...
Title: Re: අනේ දරුවනේ කියපන් හෝයියා
Post by: @[email protected] on February 15, 2012, 05:04:15 PM
මේ මුලු ආසියාවේ
ආශ්චර්ය ඉටුවුනාවේ
සකල ශ්‍රී ලංකාවේ
අපිට කෙල වුනාවේ

තෙල් මිල ගියා උඩ
වැටුනා අපි නහුතෙට
විදුලිබිල වී උඩ
කෙලියා අපෙ බඩටම

කරුමය උදාවේ
අපි අපිට කෙලවේ
නපුංසක විපක්ශේ
හුරතලා වී නැලවේ

උඩදාගෙන නටලා
ගැහුව කතිරය බලලා
තුනෙන් දෙක දිනලා
ඇරිය අපිටම පස්ස හොයලා
Title: Re: අනේ දරුවනේ කියපන් හෝයියා
Post by: NIMALI on February 18, 2012, 06:15:23 PM
ඇහුවත් කෝ කව්රු
ගැහුවාද නැත පිළිතුරු
කතිරය මහ විහිලු
අනේ අපෙ රට බලන් බහුරු

ඇමතිල මන්තිරීලට නම් කමක් නැති
අපෙ දරු පැටවුන්ගෙ ගින්දර උන් නොදනී
රාජ බෝජනෙන් උන් රිසි සැප විදිතී
අනේ අපේ බත් පතටත් පහඑර දෙතී