Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: Nandana on February 15, 2012, 01:09:49 PM

Title: කාලය Time
Post by: Nandana on February 15, 2012, 01:09:49 PM
සිතුවිලි තෙරපෙන හදවත සසලයි
අදරැති සොදුරගෙ පෙම මට උරුමයි
ලෝකය ගෙන දෙන කදුළැලි බෝමයි
ඇගෙ සිතෙ මා සිතෙ සුසුමන් බෝමයි

හදවතෙ ප්‍රේමය ජීවය වූවයි
ලෝකය මොහොතක් අමතක වූවයි
ඇය හට ගෙදරින් තහන්චි එමටයි.
ඒ වෙනුවෙන් නෙතෙ කදුළැලි පිරුණයි

ආදර්යෙන් පැතු පැතුමන් ඉහළයි
උතුම් පැතුම් හද කුල්මත් කෙරුවයි
නමුත් ගෙදරවුන් ප්‍රේමය නොදනියි.
මගේ සිතුම් හරි පැටළිලි සහිතයි.

මා හට සතුට අරගෙන මා ළගට පැමිණුන
සතුටින් සිටි ළද අද මා හින්ද දුකෙන් ය.
කුමක් කරම්දෝ කියලා දන්නේ නෑ මම.
කාලය හොද විසදුම් හෙට ගෙනත් දෙනවද..?