Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Nandana on March 14, 2012, 02:25:49 PM

Title: සමා දෙන්නේ ඇයි මෙදා...
Post by: Nandana on March 14, 2012, 02:25:49 PM
නොසිතු විලසින් නොසිතු අයුරින් නොසිතු මොහොතක සිදුවුනා...
වැරැද්දක් නොව වැරැද්දක් නොව නමුත් වැරදිද සිතෙන්නා...
සමාවක් මට අයදිනුත් බෑ සිතට සහනක් නොම එනා....
සොදුර නුඹගේ උතුම් හදවත සමා දෙන්නේ ඇයි මෙදා...


පෙරදිනක මා නුඹගෙ අත ගෙන සොදුරු පෙම් බස් මුමුණලා...
නුඹගෙ මොළකැටි සුමුදු දෑගිලි අතර මුදුවක් පළදලා...
දිවිතුරා නුඹෙ පෙම රකින්නට ගත්තු අදිටන තද නිසා...
නුඹට වරදක් කළේ නෑ මම නමුත් වරදක් තිබෙන්නා...

නුඹේ ලෝකය මගේ ලෝකය අපේ ලෝකය ගැන සිතා...
මගේ වරදට නොපැතු විලසට සමාවක් නුඹ ගෙන දුනා...
දරාගන්නට නොහැක මා හට නුඹේ ප්‍රේමය අදරිනා...
මගේ සොදුරිය මගේ ප්‍රේමිය හිදිමි නුඹ ළග දිවිතුරා...