Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: new_born on May 04, 2011, 09:01:56 PM

Title: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 04, 2011, 09:01:56 PM
මගේ ජීවිතේදි......,මේන්න මේ කතාව ඇත්ත උනා....
"..මිනිස් ජීවිතය, ගිනි කූරු හිසක් දැල් වී නිවී යන තරම් ක්ශ්ණයකින් නිමාවන ක්ශණ සම්ම්පත්තියකි. ජීවිතය නම් වූ ක්ශණයකින් මතුව යන එකී නිමේශය තුල අපි විසින් පොදි බදින බලපොරොත්තු සමුදාය කොතෙක් දුරට සඵල වේද? වසන්තය සදාකාලික නැත. සියුම් සුළගක් සේ සිත් කවුලු තුලින් හද මඩලට පිවිසෙන ප්‍රේමය, සුළි සුළගක්ව සියල්ල කළඹා පෑල දොරින්  පිටව යන්නේය..

"සුළග නුඹ වගේ" පොතේ පෙරවදනින්.
ගයා රම්‍ය අල්විස්,
බාහිර කතිකාචාර්ය,
කොළඹ විශ්ව විද්‍යාලය.

දුක හිතෙන කතාව තව ඉස්සරහට.......

මම අළුත උපන් එකා...                                                                                                                 මම අළුත උපන් එකා...                                                                                                                                              මම අළුතඋපන් එකා...                                                                                                                                              මම අළුත උපන් එකා...                                                                                 
(http://www.sinhalaya.com/userimages/imgs/untitled.png)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 04, 2011, 09:18:24 PM
තනිකම...
පාළුව...
විරහව...
...............???????
මේ ඔක්කොම හිතේ තියන්
දුක කියන්නම්...
අඩන්නම නෙමෙයි...

මනුස්සකමට හරි අහගෙන ඉන්න...
දුක දැනුනු වෙලාවට කවුරුම හරි ළග ඉන්න ඕනෙ...
ඒ දුක අහන්න...
ඒත් දෙයියනේ...
මං ළග නැත්තෙත් ඒ දේමනේ...

දන්නවද...?
මගේම නංගා... යන්නම ගියා...
එයාවත් හිටියනම්... මේ දුක අහයි...
අයියෝ අමතක උනා...
එයා හිටියනම්...මේ දුක නෑනේ නේද...?

උඹ ගිය හන්දා......මම දුකින් මගෙ නංගෝ.......



දුක හිතෙන කතාව තව ඉස්සරහට...

මම අළුත උපන් එකා...

(http://www.sinhalaya.com/userimages/imgs/untitlldl.png)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: ගුරු on May 04, 2011, 09:35:40 PM
අලුත උපන් එකාට කිරි දීලා කවලා පොවලා ලෝකෙට ගෙනියන්න සින්හලයා අපි සුදානම්..

දුක විතරක් නෙමේ...සතුටත් බෙදාගන්න
සතුට විතරක් නෙමේ...දුකත් බෙදාගන්න

අපි ඉන්නවා උඹත් එක්ක!

උඹේ නිර්මානශීලිත්වය උනුහුමට තුරුලු කරගන්න අවසරයි!
පිලිගන්නවා නිම්නයට..
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 04, 2011, 09:37:41 PM
අහපන් මගෙ නංගෝ..

හිතා ගන්න බෑ මේ මොකද උනේ කියලා...
සමහරවිට මේ ලෝකෙට ඔයාව ගැලපුනේ නැතුව ඇති
නැත්නම් ඔයාට මේ  ලෝකේ ගැලපුනේ නැතුව ඇති..
අනේ මන්දා...
කොහොමින් කොහොම හරි අන්තිමේට ඔයා යන්නම යන්න ගිහින්.
ඒත් ඔයා දන්නවද?
ඔයා ගිය හන්දා තනි උනේ මන් නැති උනෙත් මන්...
හිත හදා ගනින් බන්.
හැමෝම මට එහෙම කියනව
ඒත්..අනික් උන් දන්නැතුව ඇති මගේ මුළු තුන් හිතම තිබුනෙ ඔයා ගාවඔයාගෙ ඔය ආදරේ ගාව කියලා
එහෙවු එකේ මන් අමුතුවෙන් හදාගන්නේ මොකද්ද දෙයියනේ
මට තේරෙන් නෑ
යන්න ගිය කෙනෙක් ගැන හිතුවට වැඩක් නෑළු
ඒත් ඔයා දන්නවද...? ඔයා ගැන හිතන එක ඇරුනාම මට දැන් වෙන වැඩකුත් නෑ.
අනේ පුළුවන්නම් හීනෙන් හරි ආපහු වරෙන් නංගා
ඇවිත් උඹ ඉන්න දිහාවටම මාවත් එකතු කරන් පලයන්
ඇත්තමයිමම හරි කැමැත්තෙන් ඒ ගමන යන්න එනවා
                                                       මම ඔයාගෙ අයියා පැටී
 දුක හිතෙන කතාව තව ඉස්සරහට...


(http://www.sinhalaya.com/userimages/imgs/untitljqj.png)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 04, 2011, 09:56:48 PM
අලුත උපන් එකාට කිරි දීලා කවලා පොවලා ලෝකෙට ගෙනියන්න සින්හලයා අපි සුදානම්..

දුක විතරක් නෙමේ...සතුටත් බෙදාගන්න
සතුට විතරක් නෙමේ...දුකත් බෙදාගන්න

අපි ඉන්නවා උඹත් එක්ක!

උඹේ නිර්මානශීලිත්වය උනුහුමට තුරුලු කරගන්න අවසරයි!
පිලිගන්නවා නිම්නයට..
හුගාක් ස්තූතියි ගුරු..
හැම දේකින්ම හැම පැත්තෙන්ම මට උදව් ඕනෙ වෙයි...
වැඩියමත් කරදර නොකර ඉන්නම්...
ඒත්... වැටෙන්න ගියොත් අත දෙන්න...
පරීක්ශණ මට්ටමේ ඉදන් හැම දේම කරන නිසා වරදින තැන් සමාවෙලා පෙන්නලා දෙන්න..
ඇත්තටම මම ඉපදුනේ සිංහලයා ට පින් සිද්ද වෙන්න.....
ඒ හින්දා...මන් දන්නවා මගේ පස්සෙන් සිංහලයා හැමදාම ඉන්නවා කියලා...
                                      මම අළුත උපන් එකා...
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: nsgalagedara on May 04, 2011, 10:05:46 PM
මෙකයි යාළුවා ජීවිතය කියන්නේ නොයෙක් හැල හැප්පීම් වලට භාජනය වෙන බිඳෙන සුළු විසිතුරු නිර්මානයක් . ඉතිං ජීවිතය දුක. සතුට සන්තාපය සමග අත්වැල බැඳන් පැමිනෙන දෙයක් මේ දහම කාටත් පොදුයි . උබට පමනක් සිදුවන සිදුවීමක් නොවේ . ජීවිත්යේ කවදාහරි සෑම පුද්ගලයෙක්ම යම් දරා ගන්න බැරි සිදුවීමකට මුන දෙනවා එය එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් විය හැකි මෙය ලෝක දර්මතාවය මෙය කාට කෙසේ වේද කියා කියන්න බෑ. යම් දිනකදී සිනාසී ඉන්න අය අඬනවා අඬන අය සිනා සෙනවා එය කෙසේද සිදු වන්නේ කියන එක දන්නේ තම තමාගේ ආත්මය පමනි.
ඉතිං තමාට දුකක් ආවිට තමා හිතනව තමා තනි වෙලා කියා . ඇත්ත තුවාලයේ වේදනාව දැනෙන්නේ තුවාලය තිබෙන කෙනාට  නමුත් අපි ඔක්කොම එකම පවුලක් ඉතිං ඔබ තනි වෙලා නෑ කියන්න අහන් ඉන්නම් ඔබේ නිර්මාණ හැකියාව යොදා එය රස වින්දින්නට හැකි ලෙස නිර්මාණය කරන්න සත්ත්‍ය නව නිමාවකින් කියන්න
 මම කවුද ඔබ දන්නෙත් නෑ ඔබ කවුද මම දන්නෙත් නෑ නමුත් අපි සැවොම එකම යාන්ත්‍රනයක බිහිවීමක් කියා මම දන්නවා

(http://img194.imageshack.us/img194/2306/logondx.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: veer on May 04, 2011, 10:39:00 PM
 :047:nice to meet u...a...lu...tha.. u..pa..n aka

 :54:harima nirmanashili adahas tikak....aluth deyak......
ethin ape sinhalaya lokayata mamath sadarayen oyawa piligannawa yalu......

mama veer
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 05, 2011, 01:02:38 AM
මෙකයි යාළුවා ජීවිතය කියන්නේ නොයෙක් හැල හැප්පීම් වලට භාජනය වෙන බිඳෙන සුළු විසිතුරු නිර්මානයක් .
:047:nice to meet u...a...lu...tha.. u..pa..n aka
ස්තූතියි...යාළුවනේ....,
තවත් තියෙනවා දුක කියන්න.. අහගෙන ඉන්න...


දුක හිතෙනම කතාව තව ඉස්සරහට...
                                         මම අළුත උපන් එකා...

(http://www.sinhalaya.com/userimages/imgs/untitlbxb.png)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 05, 2011, 02:12:09 AM
මගෙ නංගෝ

හිත් කොනක මතකයත්...
නෙත් කොනක කදුළකුත්...
ඉතිරි  උන කල...
අමතමි...
සොයමි...
ඒත්...,
නුඹ නැත...
           අයියා පැටී


දුක හිතෙනම කතාව තව ඉස්සරහට...
මම අළුත උපන් එකා...

(http://www.sinhalaya.com/userimages/imgs/untitliyi.png)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: liza123 on May 05, 2011, 08:46:09 AM
  :57: :57: :57:  mata sinhala font na....... ane image ekak widiyata post karannako .....


 
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: ගුරු on May 05, 2011, 09:39:24 AM
අනේ අනේ..

මේ කතාව හරියට බේකරි කාරයා පාන් දැකලා නැහැ වගේ කතාවක් නේ?

මෙන්න සින්හල අකුරු..හිතේ හැටියට බා ගන්න එකයි ඇත්තේ!!

http://www.sinhalaya.com/nimnaya/index.php/topic,5871.msg39657.html#msg39657
http://www.sinhalaya.com/nimnaya/index.php/board,15.0.html
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: NIMALI on May 05, 2011, 12:47:42 PM

(http://www.sinhalaya.com/userimages/imgs/aweqwe.png)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: araliyamala on May 05, 2011, 04:37:38 PM
මල්ලි අපි හැමෝගෙම ජීවිත වල කවුරුත් දැන හෝ නොදැන දුක සැගවිලා තියෙනවා.ඒවගේම ඒ දුක බෙදා ගන්න කෙනෙක් නැතිව හිත්වලින් වැලපෙනවා.ඒක තමයි ඇත්ත.ඒත් ඔයා ඒ දුක ලස්සන නිර්මාණයක ස්වරූපයෙන් අපි සමග බෙදා ගන්න අයුරු හැබෑම ලස්සනයි.දිගටම ලියන්න.අපි හැමෝම ඔයා ලඟින් ඉන්නව ඔය බලපොරොත්තු වෙනවාටත් වඩා.ඒ සමගම වෙනස් විදියෙ නිර්මාණත් කරන්න නිම්නයෙ අපි වෙනුවෙන්.ඔයාට සුබ අනාගතයක්........
           මුතු   
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 05, 2011, 04:43:40 PM
:57: :57: :57:  mata sinhala font na....... ane image ekak widiyata post karannako .....
hi liza123...,
(http://www.sinhalaya.com/userimages/imgs/untitlumu.png)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 05, 2011, 08:12:46 PM
මල්ලි අපි හැමෝගෙම ජීවිත වල කවුරුත් දැන හෝ නොදැන දුක සැගවිලා තියෙනවා.
ස්තූතියි මේ දක්වන සැළකිල්ලට...
තවත් තියෙනවා දුක කියන්න..
පුළුවන් නේද.. අහගෙන ඉන්න...?

                                  මම අළුත උපන් එකා...               
                                 
දුක හිතෙනම කතාව තව ඉස්සරහට...

 
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 05, 2011, 08:28:12 PM
ඔයාට මේවා මතකද නංගා..

"අයියා පැටී..."
"ම්..."
"අපි දෙන්න අපේ බබාලට  අවුරුද්දෙ මාස වලින් නම් තියමු..."
"හා... දූ පැටියෙක් වුනොත් මොකක්ද හොද...?"
"අපි දාමු සිංහල විදියට "නිකිණි" කියල..."
"එතකොට කොළු පැටියෙක් උනොත්...?"
"අපි දාමු "බිනර" කියලා..."
"තව එකෙක් හිටියොත්...?"
"ඇයි ඇසළ...?"
"හොදයි වැඩේ... ඔයාට බඩගෙඩිය උස්සන් ඉන්නම තමයි වෙන්නේ එහෙනම්..."
"ඇයි...?"
"ඉතින් නංගා.. අවුරුද්දට මාස දොලහක්ම තියෙනවනේ..."
"අනේ යනවා යන්න..."

දෙයියනේ... කෝ... ඒ ආදරේ...!!!

දුක හිතෙනම කතාව තව ඉස්සරහට.


මම අළුත උපන් එකා...
(http://www.sinhalaya.com/userimages/imgs/01.png)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: araliyamala on May 05, 2011, 10:32:45 PM
අහසෙ තරු ගානට
පොලවෙ වැලි ගානට
පෙරූ පිරුමන්
සිතූ සිතුමන්
අතැර දමා ඈ යන්න ගියේ
මෙලොව හිඳින්නට
කල පින් මදි නිසාවෙනි
සොභා දම එයයි.....
තන අග පිනි බිඳට
සම උන අපේ දිවිය ණයට
ගෙනා දෙයක් යැයි
කීවොතින් මා නිවැරදී
කෙදිනක හෝ ඒ ණය
ඉල්ලු තැන අපි දිය යුතුයි
ජීවිතෙ සත්ථ්‍ය එයයි...
කෙමෙන් ඒ සත්ථ්‍ය වටහාගැනීමට
වෙරදරමු ප්‍රිය සබඳ.....


         මුතූ


Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: liza123 on May 06, 2011, 08:35:46 AM



Thanx... Dan Nam Kiyawanna Puluwan....  :003: :003: ... Godak Lassanai Digatama Liyanna...  :045:
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 07, 2011, 09:07:10 AM
ජීවිතෙ සත්ථ්‍ය එයයි...
කෙමෙන් ඒ සත්ථ්‍ය වටහාගැනීමට
වෙරදරමු ප්‍රිය සබඳ.....

ඇත්ත...
මාත් පිළිගන්නවා...
ඒත්...
මට දැනෙන දුක...
ඔයාලටත් දැනෙයි..
මොකද...
දුක හිතෙනම කතාව....
තව ඉස්සරහටනෙ...

හිත හදාගන්න අත දෙනවට පින්...ගොඩාක් පින්...
                                                  මම අළුත උපන් එකා...

Godak Lassanai Digatama Liyanna...  :045:
ahagena innawa nam.... thawa duka kiyannam...
                                                                        mama new born
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 07, 2011, 09:14:37 AM
මතකද නංගා..

"මං අර නෙළුම් මලට ආසයි.."
ඔයා කිව්වා..
මම චුට්ටක්වත් හිතුවේ නෑ. එහෙමම වතුරට පැන්නා.
මලත් කඩාගෙන පීනගෙන ගොඩට එද්දි... ඔය පුංචි ඇස් දෙකේ කදුළු බිංදු ගුලි ගැහිල තියෙනව මං දැක්කා...
"ඔයා නම් මහ පිස්සෙක් අයියෙ... ඔය තරම් පිස්සුවෙන් මට ආදරේ කරන්න එපා... දවසක  ඔයාට මාව නැති උනොත්..... එහෙම වෙන්න එපා කියලා තමයි හැම තිස්සෙම කියන්නෙ... ඒත් එහෙම උනොත්... ඔයා මොනා හරි වැරදි තීරණයක් ගනී කියල මට බයයි... ඇත්තමයි අයියේ... ඔයාට මාව නොලැබෙන්න යන්නෙ කියලා දැනෙන පළවෙනි මොහොතෙම මං මේ ලෝකෙ දාල යනවා... මාව නැති කරගෙන ඔයා දුක් විදිනව බලන්න වෙනවට වඩා මට ඒක සැපයි මගෙ දෙයියෝ..."
ඊට පස්සෙ ඔය ඇස් අකීකරු වෙන්න ගත්තා...

අඩවන්න හිතාගෙන නෙමේ මං ඒක කලේ...
අඩන්න හිතාගෙනත් නෙමේ ඒ තරමට ආදරේ කලේ...
එහෙව් මං  කොහොමද මේ දුක දරා ගන්න මගෙ නංගා...
කියන්න දැන්වත්.... ඇයි ඔයා මට නොකියම යන්න ගියේ...?

                                            මම ඔයාගෙ අයියා පැටී.....

දුක හිතෙනම කතාව තව ඉස්සරහට...
(http://www.sinhalaya.com/userimages/imgs/lotusflowe.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: araliyamala on May 07, 2011, 06:51:12 PM
(http://www.sinhalaya.com/userimages/imgs/test6.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 07, 2011, 10:19:32 PM
පොරොන්දු වුනා නේද...?
ඉන්නවා කියලා හැමදාමත්....
මාත්තෙක්කන්ම...
කෝ ඉතින් අද...?
ඔයා යන්න ගිහින්නෙ...
එනවද ඉතින් බලලා යන්නවත්...?
නෑ... නෑ... ඕනෙ නෑ එක්කො....
ආයෙත් යන්න නම්
එන්නෙ මොකටද...?
ඩිංගිත්තක් ඉවසන්නකෝ...
මන් එන්නම්කො
ඔයා ගිය ලෝකෙට....
ඔයා ගාව නැවතිලා ඉන්නම...

එතකන් චුට්ටක් ඉන්න මගෙ නංගා..

                මම ඔයාගෙ අයියා පැටී...

දුක හිතෙන කතාව තව ඉස්සරහට....
(http://www.sinhalaya.com/userimages/imgs/handhearts.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 07, 2011, 11:35:17 PM
(http://www.sinhalaya.com/userimages/imgs/stcleare00.jpg)
tnx akke..eth....oya hithanna epaa... :032:
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 08, 2011, 11:44:11 AM

තාම වහිනවා පායන පාටක් නෑ වගේ
හුළගත් හෝ ගාලා
ඒකටත් එක්කම හෙනත් ගහනවා
රැ වෙලා නම් නෑ ඒත් කළුවරයි
ගිය අවුරුද්දෙත් මේ වගෙම වැස්සක් වැස්සා...
ඔයාට මතකද?
අපි හිටියෙ තිසා වැවේ බැම්මේ ඉසුරුමුණියෙ පඩිපෙළ ගාවම තියෙන මේ ලොකු පළු ගහ යට...
කුඩේ තිබ්බට ඔයා හොදටම තෙමුනා මාව නොතෙමා තියා ගත්තෙ ඔයා හොදටම තෙමීගෙන
ඔය ආදරේ කොච්චරක්ද කියලා තේරුනේ එදා විතරක්ම නම් නෙමෙයි මගෙ නංගා...
ඒත් එදා ඔයා කරපු කියපු දේවල් මට තාමත් මැවිලා පේනව මගෙ නංගා...
"පිස්සු නැතුව ඉන්න නංගා... කෝ ඔයා හොදට කුඩේ අල්ල ගන්න... මාව තෙමුනට කමක් නෑ... මම බයික් එකේනෙ යන්නෙ... ඔයා බස් එකේ යන්නත් එපැයි... ඒ හින්දා කිව්වම අහලා නොතෙමී ඉන්න ..."
මං සැරවුනා... 
" නෑ...නෑ ...ඔයා තමයි තෙමෙන්න හොද නැත්තෙ...තෙමිලා ලෙඩ උනොත් ඔයාව බලන්න එන්නවත් මට විදියක් නෑනෙ... කවුරුත් නැති ගෙදර කවුද එතකොට ඔයාවා බලා ගන්නේ...? ඒ හින්දා ඔහොම ඉන්නවා... අනික මගෙ සාය විතරනේ චුට්ටක් වැඩිපුර තෙමෙන්නේ... ඒකට කමක් නෑ..."
එපා කිවුවට ඔයාගෙ ඔය හුරතල් මුරන්ඩුකම නවත්ත ගන්නැති බව දන්න හින්දා මං සැර බාල කර ගත්තා...

ඔයා එහෙම කිවුවට අන්තිමේදි මාව ගහට හේත්තු කරගෙන... මට තුරුල් වේගන... මාව නොතෙමා තියන්න කුඩෙත් අල්ලගෙන... ඔයා හොදටම තෙමුන

අදත් ඒ වැස්ස වහිනවා
පළු ගහත් තියෙනවා...
මාත් ඉන්නවා ඒත් ඔයා නෑ...

ඔයාට පේන් නැද්ද..? මම හොදටම  තෙමෙනවා
අද මාව නොතෙමී තියාගන්න කවුරුවත් නෑ...
හිටිය ඔයත් යන්න ගිහින් නංගා...
ඒ හින්ද මාත් තව තෙමෙනකම් ඔහේ ඉන්නවා...

"...ගැලූ දිය කද හැපී බිදුනා තිසා වැව් බැම්මේ...
ඉතින්  නුඹ නෑ... මමත් හෙට නෑ... තිසා වැව් ඉවුරේ... "

ඇත්තමයි මාත් හෙට නෑ...
ඒ හෙට එනකම්ම මේ කදුලු වැස්සටත් මාව තෙමිච්චදෙන් මගෙ නංගා...
                                                         මං ඔයාගේ අයියා පැටී...



දුක හිතෙන කතාව තව ඉස්සරහට...  

(http://www.sinhalaya.com/userimages/imgs/03.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/04.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 09, 2011, 01:10:26 PM

හිත දුකින්...
ඔයාට තේරෙනවා නේද...?
ඈතක ඉදලා හරි බැළුවොත් පෙනෙයි...
මං කිව්වෙ දිව්‍යලෝකෙ ඉදලා හරි...
සමහරවිට ඔයාටත් දුක හිතෙයි...
ඒ හින්දා බලන් නැතිව ඔහොමම ඉන්න... මං ඔයා ළගට එනකම්...
ඒත් කොහොමද මං එන්නේ...?
දන්නෙ නෑනෙ ඔයා කොයි දිව්‍යලෝකෙද ඉන්නෙ කියලා...
ඉතින් කොහොමද මං හොයා ගන්නේ...?
මේ ලෝකෙදි වගේම ආයිමත් මං අතරමන් වෙයි...
මේ ඉන්නවා වගේ පිස්සෙක් වෙන්න වෙයි...
ඒ හින්දා මට බෑ... මං එන්නෑ... ඔයාම ඇවිත් එක්ක යන්න...
මං ඉන්නම් එතකන්...
කියන්න... යන්නම යන්න ගියාට ඔයා එනවා නේද ආපහු...?
අඩුම ගානෙ තව එක පාරක්...
මාව එක්ක යන්නවත්...

මං බලන් ඉන්නවා මගෙ නංගා...
එන්න ඇවිත් මාවත් ඔයාගෙ ලෝකෙට එක්ක යන්න...

                                       මං ඔයාගේ අයියා පැටී...
දුක හිතෙන කතාව තව ඉස්සරහට...


(http://www.sinhalaya.com/userimages/imgs/untitled01.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 11, 2011, 09:14:00 PM


අද සිකුරාදා....
ජීවක අයියා බැන්දා...
දෙවෙනි දවස අද...
එන්නම කියපු හන්දා ගියා නංගා..
සුභ පතන්න අත දුන්නු ගමන් ජීවක අයියා මාව අදුන්නලා දුන්න
මනමාළිට...
"මේ මං අර කියපු මල්ලී... අර ඔයා වෙඩින් එකට ආවොත් පෙන්නන්නමයි කියලා ඉල්ලුවේ... එයා..."
ඒ අක්කට මතක් උනා කියලා මට තේරුනා...
ජීවිතේ ලස්සනම දවසෙදිත් ඒ ඇස් වලට කදුළු පිරුනා
මං වෙනුවෙන්...
ජීවක අයියා වගේම මාත් හරියට අසරණ වුනා...

හැමෝම අනුකම්පාවෙන් බලද්දි ඒකත් හරි වදයක් වෙනවා නංගා...
දන්නවද ..?
ලෝකයක්ම මං ගැන දුක් වෙනවා...
මං ඔයා ගැන හිතලා දුක් වෙනවා...
අන්තිමට බලද්දි ඔක්කොමල්ලා දුකින්...
ඒත් මං හින්දා වෙන අය දුක් වෙන එකත් මට බලන් ඉන්න බෑ...
ඒ හින්දා ඒ අයට පේන්න මං හිනා වෙනවා මගෙ නංගා......
ඔයාව හිනැස්සුවා වගේ විහිළු කතාවක් දෙකක් කියලා ඒ අයවත් හිනස්සනවා...
සමහරවිට ජීවිතේ කවදාවත්ම අවංකව හිනාවෙන්න බැරිවෙයි...
ඒ තරමටම අඩන්න කදුළු තවමත් මගෙ ඇස් වල ඉතුරු වෙලා තියෙනවා මගෙ නංගා...
කමක් නෑ... මේ ඔක්කොම තව ටික දවසයිනෙ...

ඔයා දීල ගිය රුපියල් දෙදාහෙන් තව රුපියල් 450ක් තියෙනවා...
ඔයාගෙ තුන් මාසෙ දානෙටත් තව දවස් 29 ක් තියෙනවා...
ඇහුනා නේද ..? තව දවස් 29 ක් තියෙනවා...
ඒ කියන්නෙ 04 වෙනිදා...

දානෙ වැඩ ටික ඉවර වෙනකන් චුට්ටක් ඉන්න මගෙ නංගා...
ඊට පස්සෙ මං ඔයා ගාව..

                                      මම ඔයාගෙඅයියා පැටී...
දුක හිතෙනම කතාව තව ඉස්සරහට...


(http://www.sinhalaya.com/userimages/imgs/0j0000.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 12, 2011, 01:48:25 PM


උදේ නැගිටින්න ටිකක් වෙලා ගියා නංගා...
නැගිටල බලද්දි ඔයාගෙ මූණ පේන්න තිබ්බෙ නෑ...
වෙනදට හිනා කටක් පුරවගෙන මං දිහාම බලන් ඉන්න
මගෙ නංග කෝ ...?
හීල්ලෙනවත් එක්කම ඇස් දෙක ඔයා වෙනද ඉන්න තැන බිමට ගියා...
ඔයා එතැන හිටියා... ඒත් වීදුරුව පුපුරල ගිහින් ...
මාත් එක්ක තරහටද බිමට පැන්නෙ ...?
දානෙ ඉවර වෙනකන් චුට්ටක් ඉන්න කියපු එකටද තරහා උනේ ...?
කරන්න දෙයක් නෑ... වැඩ ගොඩ ගැහිලනේ...
ඉක් ඉක්මනින් ඉවර කරන්නත් එපැයි...
ඇයි තව ඔයාට ඇවිත් බලන්න මේව මෙහෙම ලියලා තියන්නත් එපැයි...
ඒ හින්ද පරක්කු වෙන එකට අයියා පැටීට සමාව දෙන්න...
නෑ... නෑ... මම ඇවිත්ම සමාව ගන්නම්කො....
මං දන්නවනෙ බොරුවට හරි තරහ උනාම
නංගව යාළු කර ගන්න මොනවද  කරන්න ඕනෙ කියලා....
චූටි ඇගිල්ලට කිස් එකක් දුන්නනම් ඔය ඔක්කොම තරහ අමතක වෙනවනේ... හී... හී...

ඇවිත් දෙන්නම්... එතකන් ඉන්න හොදේ...

                                           මම ඔයාගෙ අයියා පැටී...
දුක හිතෙන ම කතාව තව ඉස්සරහට...

(http://www.sinhalaya.com/userimages/imgs/dsc07419ot.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 21, 2011, 02:01:47 PM

මගෙ නංගා..,
අද පෝය...වෙසක් පෝය...
ගිය අවුරුද්දෙනම් මගෙ උපාසක අම්මත් හිටියා.. ඒත් මේ අවුරුද්දෙ නෑ...
මතකද එදා...
සිල් පාවාරනය කරලා උතුරු සළුවත් අතේ පටලවගෙන මාත් එක්ක තරගෙට වගේ පහන් පත්තු කරපු හැටි...
කොහොමත් ඔයා ආසයිනෙ පහන් පත්තු කරන්න නේද..?
ඒ වුනාට මේ සැරේ වෙසක් එකේදිනම් මට තනියම පහන් පත්තු කරන්න තියලා ඔයා යන්නම ගිහින්...
හරි දුකයි...
මං කූඩුවක්වත් හැදුවෙ නෑ..
"පන්සලේ ඉදල එනකොට මට පේන්න කූඩුවක් තිබුන් නැත්තන් බලාගමු. මං සතියක් මැසේජ් කරන්නෑ.."
එහෙම කියලා මාව බොරුවට බය කරන්න අද කවුරුත් නෑ...
ගිය අවුරුද්දෙ ඔයා ඉල්ලුවෙ එක කූඩුවක් විතරයි. ඒත් මං අටපට්ටම් දහයක්ම් හැදුවා.. ඔයාගෙ නමේ අකුරු වලට හරි යන්න..ඒත් මේ සැරේ.....???
මේ සැරේ මං තනියෙන් පන්සල් ගියේ...
කමක් නෑ.. ඔයා නැතිවුනාට... මං ඔයාටත් එක්කම පහන් පත්තු කරා..
අර සල්ලි වලිනුත් පහන් දෙකක් පත්තු කරා..
මේ සැරේ බැරි වුනාට ලබන සැරේ අපි ආපහු එකට ඉදන් පහන් පත්තු කරමු නංගා..
පත්තු කරන්න බැරිනම් අපි වගේම ආදරෙන් ඉන්න දෙන්නෙක් පහන් පත්තු කරන දිහා බලන් ඉමු... උඩින් උඩින් ගිහින් මුලු අටමස්ථානෙම වදිමු... ඔයා ගාවට ආවාම කරන්න වැඩ කෝටියක් විතර තියෙනවා.... ඉන්නකෝ....
නේද නංගා...
එදා මට කාත් කවුරුවත් නැති කාලෙ ඔයා ලගටවුනා...ඒකරල මගෙ ගාවම හිටියා.
අද ඔයා නෑ... ඒත් පනහක් විතර මගෙ ලගට වෙලා ඉන්නව...
ඕනෙවටත් වැඩියෙන් ආදරෙන් පුතේ කියනව.. ඒත් ඒ බොරුවට කියන්න මං දන්නවා..
වෙන එකක් තියා ඔයාලගෙ අම්මත් අද මගෙ ඔළුව අතගාලා පුතේ කිව්වා...
ඇයි ඔය මිනිස්සු ඔයාව මරා ගන්නකන් ඔය ටික කරන්න පහු කරේ...
එතකොට මං අවජාතකයා.. දැන් ඔයා ගියායින් පස්සෙ පුතා..
වෙසක් පෝය උනාට කමක් නෑ මං මේ මුළු සමාජෙටම වෛර කරනව  නංගා.
ඔය ඔක්කොමලා එකතු වෙලා තමයි මගෙන් ඔයාව උදුර ගත්තෙ... ඔයාගෙන් ඔය ජීවිතේ උදුර ගත්තෙ..
පෝය දවසට විතරක් මිනිස්සුන්ගෙ හිත් වල තියෙන කරුනාව  ඇයි අනික් දවස් වලදි නැත්තෙ...
එක දවසකට විතරක් මෛත්‍රිය ඉතිරිලා යන මේ පවුකාර ලෝකෙ තව ඉන්න එකත් පවු පිරෙන වැඩක් නේද නංගා..
ඉන්න මාත් ඉක්මනටම එනවා..

පෝය සද නැග එද්දි සදේ ලස්සන බලා...
සැනසෙන්න බෑ ඉතින් අනේ මං තනි වෙලා...


හිත හුගාක් දුකින් නංගා..තේරෙනවා නේද ..?
                                                       මං ඔයාගෙ අයියා පැටී.....

දුක හිතෙන කතාව තව ටිකයි.....

(http://www.sinhalaya.com/userimages/imgs/0101010.png)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: araliyamala on May 24, 2011, 04:57:31 PM
(http://www.sinhalaya.com/userimages/imgs/test23.jpg)




muthu

Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 25, 2011, 01:06:07 PM

ඇයි ගියේ... නංගා...
යන්නම යනව නම්
කියලා යන්නෙපැයි...
දන්නෙ නැද්ද නොකියා ගියපු හින්දා මං බලන් ඉන්නව කියලා...
ආපහු ඔයා එනකම්...
ඇත්තටම ඔයා ආපහු එන්නෙම නැද්ද...?
හැමදාම ලගින් ඉන්න ඕන් නෑ...
පුලුවන්නම් එක දවසකටවත් එන්න...
ඇවිත් යන්නම් කියලා යන්න...
යන්තමින් හරි හිත හදා ගත්තෑකි එතකොට...
නැත්නම්... ඔන්න මං එනකන්ම බලන් ඉන්නවා..
එහෙම හිටියට කමක් නෑ නේද...?
එපා කිවුවත්...
ඔයා නාවත්...
මැරෙනකන්ම මං ඉන්නවා...
ඔයා ආපහු එනකම්...
දැන්නම් ඔයා පිළිගන්  නැතිවෙයි මම එහෙම ඉදියි කියලා....
ඒත් මම මැරුණු දවසට තේරෙයි ඔයාට...
මම එහෙම හිටියා කියලා..
තව ගොඩක් කල් ඕනෙ නෑ...ඉන්නකෝ...ඉක්මනටම තේරෙයි ඔයාට...
කියන්න
එදාටවත් ඔය ආදරේ ආපහු මට දෙනවද...?
                                        මම ඔයාගෙම අයියා පැටී...


දුක හිතෙන කතාව තව ටිකයි...
(http://www.sinhalaya.com/userimages/imgs/stockphoto.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 27, 2011, 03:02:29 AM

අද මට හිතුනා අපේ පරණ අතීතෙන් මං එකතු කරන් ලග තියන් හිටපු දේවල් ටික දිහා අන්තිම පාරටත් බලන්න නංගා..
මහ ගොඩයි..ඒත් එකින් එක මුල ඉදලම මං බැලුව... කියෙව්වා...
ඔයයි මායි ඉස්සර වෙලාම බස් එකේ ගියපු ටිකට් දෙක ..
සෝයා අයිස් ක්‍රීම් කාපු එකේ බිල..
සොභා උයනට ගියපු එකේ ටිකට් දෙක..
ඉස්සල්ලාම උඩමළුවට ගිය දවසෙ බයික් එකට රු-20 ගත්තු ටිකට් එක..
"විජේන්ද්‍රා" එකේ ෆිල්ම් බලපු ටිකට් ඔක්කොම..
ඔයාගෙ අම්මගෙ උපන් දිනේට සාරිය ගත්තු බිල..
ඒ ඔක්කොමත් හරි..ඔයා මට එව්ව ලියුම් 472...
තව ගොඩාක් දේ..
මං ඔක්කොම බැළුව.. කියෙව්වා.. හති වැටුන් නෑ..
ඒත් ඒ අතීතෙ මතක් වෙලා දුක හිතුනා..
ඇස් වල කදුලු පුරවගෙන මං ඒවා  කියෙව්වා...
ආදරේ වෙනුවෙන් ඔයා ගැන මතක තියා ගන්න අන්තිමට මගෙ අතේ ඉතුරු වුන මතක සටහන
ඔන්න මං ඔයාට පෙන්නනවා.. අහගන්නකෝ...

ඔයාට මතකද අනූෂා නංගි මේක ඔයාගෙ මළ ගෙදර දවසෙ කියෙව්වෙ ඉකි ගගහා..
ඔයා වෙනුවෙන් ගම්මු අන්තිමට කිව්ව දේ මේ තමයි මගෙ නංගා...
එදා ඇහුනෙ නැතිනම් අහගන්න ඔන්න මං කියවනවා....

සුදු මුදු සුමුදු අතැගිළි ටික ඒකට                තියා
ඔබ යයි නිහඩ ගමනක යලි නේමි             කියා
මුතු කැට සිනහවද  සගවන් දෙතොල්         පියා
යනවද යන්න කියන්න සුදු නංගි               ඔයා

සිනහ වතින් මුව සරසන් සරු               සාර
හැමගෙන් විමසුවා කොහොමද? මග     නෑර
මනුස්ස කම දෝතින් ගෙන නුඹ            බාර
හැමටම පෙන්නුවා යා යුතු හරි               පාර

ගමටම හිටිය නිල් නිල්මිණි මැණික       ඔයා
කාටත් නොකිය අද අවසන් ගමන්         ගියා
ජීවිත ගමන නිම කරගෙන නේමි           කියා
ඇයිදෝ ගියේ අපි අඩවල දුකේ             තියා

හදවත පුරා පුරවන් පෙම                  දයාවකින්
සිටි නුඹ ගිහින් යළි නො එනා ගමන        දුකින්
මතු අත් බවේදිත් ඉපදී යළිත්                 ඉතින්
හිනැහී ඉන්න දුක් කරදර කදුළු               මැදින්

රැ එළි වෙනකම් සොහොන ගාවටම වෙලා හිටියා ඔයා දකින්න ඇතිනෙ මගෙ නංගා...
කවුරු ගෙදරට මාව ගෙනත් දැම්මද දන්නෑ.. සිහිය එද්දි මං හිටියෙ ගෙදර..
ඒත් එදා සිහිය ආව වෙලේ ඉදල තාමත් මං ඉන්නෙ අසිහියෙන්...
එකම දෙයයි හිතේ තියෙන්නෙ...
ඒ ඔයා ගාවට එන එක විතරමයි...
දිවුරන්න ඕන් නෑ.. ඒක ඇත්ත කියන්න ඔයා දන්නවා...
ජාති ජාතිත් මං ඔයාට ආදරෙයි මගෙ නංගා...

                                මම ඔයාගෙම අයියා පැටී...


දුක හිතෙන කතාව තව ටිකයි...
(http://www.sinhalaya.com/userimages/imgs/untitlbtb.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: liza123 on May 27, 2011, 09:07:34 AM

Godak lassanata liwwath meka kiyawaddi nodaneima kadulak as walata awa..  :dft004: me wage adarey karanna puluwan aya tama innawada kiyalath hithuna....  godak lassanai hithata godak sameepai......  new born oyatai araliya akkata mage subapathum digatama liyanna kiyawanna maga balagana innawa... :045:
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on May 27, 2011, 11:35:26 PM
කියවල කියවල කට පාඩම් වෙලා තියෙන ඔයා එවපු අන්තිම ලියුම අදත් ආපහු කියවන්න හිතුනා නංගා...
අතීතෙ ආපහු එන් නෑ.. ඒත් ඒක ලේසියෙන් වල දාලා අමතක කරන්නත් බෑ...
මේ ලියුම නැතුව ඒ වෙනුවට ඔයා මගෙ අත් දෙක උඩ හිටියනම් මං අද කොච්චරක් නම් සතුටින් ඉදීද...?
ඒත් ඒක එහෙම වුන් නෑ... මට ඉතුරු වුනේ මේ ලියුම් කඩදහිය විතරයි... කොටින්ම කිවුවොත් කදුළු විතරයි...

ජාති ජාතිත්  මගේම මහත්තයා වෙන්න ඕනෙ මගේම අයියා පැටීට අන්තිම ලියුම මෙසේ අකුරු කරමි...

මේක කොහෙන් පටන් ඇරන් කොහෙන් ලියල ඉවර කරන්නද කියලා තේරෙන්නෑ මගෙ දෙයියෝ.. ඒත් මේක ඔයා කියවලා ඉවර වෙද්දි, සමහර විට කියවන්නත් කලින්ම ආරංචි වෙයි ඔයාගෙ නංගා ඔයත් එක්ක තවත් මේ ලෝකෙ නෑ කියලා. දුක් වෙන්න එපා කියන්න අයිතියක් නෑ මට.. මොකද මේ දුක ඔයාට දුන්නෙත් මමම හින්දා.. ඒත් මට මං මේ කරගන්න මෝඩ වැඩේට සමාවවත් දෙන්න.. මම ඔයාව දාලා යන්න යනවා මගෙ දෙයියෝ.. යන්නම යන්න යනවා... ජාති ජාතිත් මං ඔයාගෙම විතරයි... වෙන කාගෙවත් වෙන්න මට බෑ... ඒ හින්දා මම යනවා... මට සමා වෙන්න මගෙ දෙයියෝ...
මං කෑ ගහලා ඉල්ලුවත් මේ මිනිස්සු මට ඔයාව දෙන්  නෑ.. ඔයා නැතුව මට තව ඉදලත් වැඩක් නෑ.. ඒ හින්දා මම යනවා... මේත් එක්ක ඇති මං පොඩි එවුන්ට නැටුම් පුරුදු කලාට හම්බුවුනු රුපියල් දෙදාහක් ඒකෙන් උඩමළුවට ගිහින් පහන් පත්තු කරන්න.. ඒ කරලා ලබන ආත්මෙදිවත් අපිට අපේ වෙන්න ඉඩ දෙන්න කියලා කළු දේවතා බණ්ඩාර හාමුදුරුවන්ගෙන් ඉල්ලන්න.. මං පවු කරලා නෑ මගෙ අයියේ.. ඒ හින්දා මට පිං දෙන්නත් එපා... කවදා හරි ඔයා ගාව ඔය රත්තරන් ආදරේ ගාව එක මොහොතක් රැදිලා ඉන්න දෙන්න කියලා විතරක් ඉල්ලන්න..
මීට වඩා ලියන්න බෑ මගෙ දෙයියො... මේ ටික ලිවුවෙත් හිත ගලක් වගේ තද කරන්.. මං මේ කරන දග වැඩේට ඔයා මාත් එක්ක තරහා වෙන්න එපා.. තරහ වුනොත් මාත් තරහා වෙනව.. යාලු කරගන්න චූටි ඇගිල්ලට කිස් එකක් දෙන්න වෙයි ඔන්න එතකොට... මං ඔයාට සදහටම ආදරෙයි මගෙ අයියා පැටියෝ... ඒ ආදරේ කොච්චරක්ද කියලා ඔයා දන්නවා.. ආයෙත්  ඉල්ලන්නෙ මට සමාවෙන්න මගෙ දෙයියෝ...

මම යනව... ඔයාගෙ නංගා යන්නම යන්න යනවා...

                                                මම ඔයාගෙ නංගා ...

එක ලියුමකින් අපේ ආදරේට තිත තියල ඔයා යන්න ගියා නංගා.. මං තරහ නෑ...
සංජු මල්ලි ලියුම දුන්නෙ උදේ... ඒ වෙද්දි වෙන්න නොතිබුන විදියකට හැම දේම වෙලා තිබුනා...
මේක බැලුවෙනම් හත් දවසෙ දානෙටත් පස්සෙ... මොකද ඉක්මණින් බැලුවා කියලා ඔයා ආපහු  එන් නෑනෙ නංගා ...
හැබැයි එදා ඉදලා දැන් මේක දස දහස් වාරයක් බලන්න ඇති මං...
හැම දාම අන්තිමට ඉතුරු වෙන්නෙ එක ප්‍රශ්නයක් විතරමයි...

"මගෙන් ඔයාව අයින් කළාට, උදුර ගත්තට  ඒ අයටයි මටයි දෙගොල්ලන්ටම මෙච්චර දඩුවමක් දෙන්න තරම්  ඔයා නපුරු වුනේ කොහොමද දෙයියනේ..???"

තාමත් මට උත්තර නෑ..
අදවත් හීනෙන් ඇවිත් කියල යන්න පුලුවන්ද නංගා ...
හැබැයි මට නින්ද යනකම් ඔයාට හුගක් වෙලා බලන් ඉන්න වෙයි ඔන්න...

නින්ද දැන් හරි මුරන්ඩුයි නංගා...
                                       මම ඔයාගෙම අයියා පැටී...

දුක හිතෙන කතාව තව ටිකයි...

(http://www.sinhalaya.com/userimages/imgs/lonlyboyby.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on June 09, 2011, 04:30:56 PM

හැමදේම ඉවරයි නංගා

ඔක්කොටම කළින් මේ ටික කියන්න ඕනේ
ඔයා දැක්ක නේද..?  දානෙ වැඩටික හරි ලස්සනට කෙරුණා
ඒ ගැන මං වෙන මොනවත් කියන් නෑ ඒත් තව කියන්න දෙයක් තියෙනවා අහගෙන ඉන්නවා නේද..?
ඔයා කියපු විදියටම... ඔයා අන්තිම ලියුමෙන් ඉල්ලපු විදියටම... මං  ඔයා දුන්නු රු;2000 න් පහන් පත්තු කලා...
එක දවසක් නෙමේ... මේ මුළු තුන් මාසෙ තිස්සෙම
හැමදාම මං ශ්‍රී මහා බෝධිය ගාව හවසට ඉන්න එක හුගක් රාළහාමිලාට හුරු පුරුදු දසුනක් උනා
මල් කඩේ අක්කයි අයියයි පහු පහු වෙනකොට මං වෙනුවෙන් වෙනම මල් වට්ටියක් හදලා තියන්න තරමට මං උඩමළු එන එක ගැන ඒ අය බලාපොරොත්තු තියාගන්න පුරුදු වුනා
අන්තිමේට ඒ අයට, පොරොන්දු කරව ගෙන කාටවත් නොකියනව කියලා , මගේ ඇත්තම ඇත්ත කතාවත් කියන්න සිද්ධ වුනා
මං පහන් දෙකක් හැමදාම පත්තු කළා මගෙ නංගෝ
සමහර දවස් වලට, ඒ කියන්නෙ පෝය දවස් වලට එහෙම වැඩිපුරත් එක්කන්ම පහන් පත්තු කළා
සමහර දවස් වලට ආලෝක පූජාවටත් සල්ලි දුන්නා
ඒ මොනවට වියදම් කළත් අන්තිමටත් ඔයාගෙ දානෙ දවසෙ හැන්දෑවෙ පහන් පත්තු කරන්නත් ඔයා දීපු  සල්ලි ඉතුරු කර ගත්තා
ඒ කරලා පහනුත් පත්තු කළා
ඉතින් දැන් ඔක්කොම ඉවරයි
මං කියන්නෙ හැමදේම
හරි ඔන්න දැන් මාත් එනවා
ආයෙවත් මාව අත නොහැර මගදි දාල නොයා බලාගන්න ඕනෙ හොදද මගෙ නංගා

ජීවිතේ අම්බානකම වැටිලා ඉද්දි ඔයා තරමටම නැතත්  හුගක් ආදරෙන් ජීවිතේ මග ගෙවා ගන්න උදවු කරපු යාලුවෝ කීප දෙනෙක් මට හම්බ වුනා
අපි හිනා වුනා... කතා කලා...
ඇයි  සමහර වෙලාවට ඇඩුවත් එක්ක
හරි ඒ අයටත් මං  සමු දුන්න හිතින් විතරයි හැබැයි හොදේ කටක් ඇරලා කියන්න මට බෑ...
තරහ වෙන් නැතිවෙයි ඔයා වගෙම ඒ අයත්
ඒ ඔක්කොම තරහා වුනත් මට කරන්න දෙයක් නෑ
මට ඊට වඩා ඔයාව වටිනවා
ඔයා මං වෙනුවෙන් තියපු ඒ විශ්වාසෙ වටිනවා
ඒ ඔක්කොටම වඩා මට ඔයා දීපු ඔය ආදරේ වටිනවා
එහෙනම් ඔන්න මං එනවා..
නංගා මාව දාල ගියාට ඔයාගෙ අයියා පැටී ඔයා ගාවට එනවා
ආයෙවත් මාව දාලා යන්න එපා මගෙ නංගා
ජාති ජාතිත් උපදින මතු හැම ආත්මෙකදිමත් ඔයා මගෙම විතරයි
මේ ආත්මෙදි ඔයා වගෙම මාත් පවු කලේ නෑ පෙර ආත්මෙකදි කරපු පවක් මේ ආත්මෙදි පඩිසන් දෙන්න ඇති
ඒත්...,
ඊලග ආත්මෙදි එහෙම වෙන්න විදියක් නෑ ඒක මං මේ ඉර හදටත් වඩා විශ්වාස කරනව
අපි ආයෙම සමහර විට හමු වුනත් මට ඔයාව අදුන ගන්න බැරි වෙයි ඔයාටත් බැරිවෙයි...
ඒත් මං එක දෙයක් දන්නවා
තව කල්පයක් ගෙවිලා හරි ඔයාව නැතත් ඔය ආදරේ  මං අදුන ගන්නවාමයි මගෙ නංගා
බොරුද කියලා බලන්නකෝ.
එදාට මං ඔයාව මගෙම කර ගන්නවාමයි....
ඔයා හුගක් වෙලාවල් වලදි මට කියනවා මට මතකයි
"මං මගෙ පණටත් වඩා ඔයාට ආදරෙයි මගෙ අයියා පැටියෝ..." කියලා...
අන්තිමේට ඔයා ඒක ඔප්පු කරලම පෙන්නුවා...
හැබැයි මං කවදාවත් එහෙම කිව්වෙ නෑ...
ඒත් අද මං ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියනවා...

"මාත් මගෙ පණටත් වඩා මගෙ නංගට ආදරෙයි.....!!!!!!!!"

ඒක එහෙමමයි කියලා මාත් ඔප්පු කරලම පෙන්නනවා මගෙ නංගා....


"ඉක්මන් නොවුනා නම් අපී...
අපි අපගෙයි තාමත් හිතවතී....
මේ වසන්තය නෑවිදින් තිබුනා නම්...,
මේ තරම් දුක නෑ සදවතී..."

                                                                      මම ඔයාගේ අයියා පැටී....

දුක හිතුන කතාව අදින් ඉවරෙටම ඉවරයි

අවසානයේ පැවසීමට ඇවැසි දෙයක් ඉතුරුව තිබේ
යම් යම් පමණක සත්ය  සිද්ධීන් සමහර අවස්ථාවන් වලදී නිමිත්තක් වුවත් මෙය මාගෙ හුදු මනංකල්පිතයක්ම පමණකි තවත් දිගින් දිගට පද ඇමිනීමෙන් ඔබව වෙහෙසට පත් කිරීමට සිත් නොදේ. එබැවින් කතාව මෙතකින් නිමවන බව සැබවි නමුදු දිනක  ඉඩක් ලද විගස තවත් දුක හිතෙන කතාවක් ඔබට පවසමි මෙය ඇත්තක්මයැයි ඔබ සිතා සිටියේ නම් මට සමා වුව මැනවි එහෙත් මා එවැන්නන් ගැන හද පත්ලෙන්ම ආඩම්බර වෙමි. ඒ කෙනෙකුගේ දුකක්  ගැන සිතා තමන්ගේ  ඇසින් කදුලක්, සිතින් සුසුමක්, හෙලීමට තරම් වුනු අව්යාජ මනුස්සත්වයක් ඔවුන්ගේ හද තුල සෑම විටම ඉතිරිව ඇති බව මා දන්නා නිසාය. මතු යම් දිනකදී හෝ කෙනෙකුට මේ කතාංගය පිළිබදව දෙගිඩියාවක් සිතෙයි නම් ඒ ගැන සිතීමට  බිදකුදු නොවෙහෙසෙන්න යැයි මා ඉල්ලා සිටිමි...
මන්ද,
මෙය හුදකලා සිතක උපන් හුදු මනංකල්පිතයක්ම පමනක් බැව් මා ඔබට තරයේම කියා සිටින බැවිනි
                                                                              ස්තූතියි
                                                                                  මම අළුත උපන් එකා







(http://www.sinhalaya.com/userimages/imgs/last.jpg)
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: araliyamala on June 09, 2011, 06:16:47 PM
oyata idiripath karanna awasya unu de oya hariyatama apita danena vidiyata idiripath kala malliye.ape hith walata danuna tharamatama oyata sathutu wenna puluwan oyage hakiyawa gana hithala.oyata hoda anagathayak thiyenawa digatama liyanna.lassana  nawakathawak wage deyak karanna.habaama lassanata oya idiripath kala eka .samahara awasthawala asa walata kandulu inuwa.aththatama daksai oya.suba anagathayak pathami.bs
muthu
Title: Re: දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?
Post by: new_born on June 12, 2011, 01:34:53 AM

තවත් කදුළු කතාවක් දුක හිතෙන විදියකට....
දුක කියන්නම් ... අහගෙන ඉන්නවද...?  
දෙවෙනි දිගහැරුම...
ලගදීම...
ෆැන්ටසියෙන්....

මම අළුත උපන් එකා :003:

 :043: :043: :043: :043: :043: :043: :043: :043: :043: :043: :043: :043: :043: :043:

Thawath Kandhulu kathaawak dhuka hithena widhiyakata....
Dhuka kiyannam Ahagena innawadha....?
dhewani dhiga heruma...
lagadheema.....
fantasy yen....

man alutha upan ekaa....  :003: