මේ ඊයෙ පෙරේදා ස්වර්ණවාහිනියෙ "මෙගාස්ටාර්" වැඩසටහන එහැම පිටින්ම වාගෙ කුරුවල් උනා නෙව.. කාගෙ අතිනුත් වැරදි සිද්ද වෙනවා.. පුරස්නෙ නං ඒක නෙමේ.. ඒ සිද්දිය වෙච්චි තකහනියෙම අන්තර්ජාලෙයි, මගතොටෙයි හැමතැනම "මහා හා හූවක්" ඇති කොරන්ට අපේ සමාජෙ එක එක ඈයො කටයුතු කොලා...
"සිරස තමයි ඕර්ගනයිසිං නම්බර් වන්.."
"සිරසට ගහන්ඩ බෑ ස්ටේජ් ෂෝස් වලින්..."
"සිරස කොපි කරන්න ගියම ඔහොම වෙනව..."
"ස්වර්ණවාහිනිය මැක්සා චා...... සිරස තමයි බෙස්ට්.."
මේ ආකාරෙං "සිරස ඉස්සරහ තියාගෙන" හරි හරියට පුරසාරං නෙව...?
අපේ රටේ කොරාපු හැම අළුත් වැඩක් ම සිරස කොලා කියන ඈයො අමතක කොරාපු දෙයක් තමයි, "ලෝකෙ වටේ තියෙන හැම දහ ජරාවක් ම මේ සිරිලකට කුට්ටි පිටිං ලැජ්ජ නැතුව ගෙනාවෙ සිරස" කියන වග...
තවත් විදිහකිං කියනව නං,
සිරස තමා මුලින් ම අනුංගෙ ඒව කොපි කලේ?
ලෝකෙ වටේ තියන වැඩසටහන් ටිකක් අවුස්සල බැළුවොත් ඒ කොපි කිරිල්ලෙ රඟ පෙනේවි..
මේං ඒකට පුංචි පහේ උදව්වක්..
(අපි ඉස්සරහට තවත් මේකට විස්තර එකතු කොරනවා හොඳේ....)
ඒ වගේම ඔයැයිල ලඟත් මේ වගේ "කොපි විස්තර" ඇත්නම් පල කොරනව හොඳා..