Author Topic: Sri Lankawe Wyanjana (Hath Maluwa)-By Chef(Specially 4 Sinhala & Tamil New Year)  (Read 11117 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Advertisement
ලඟ එන අලුත් අවුරුදු උත්සවයට තවත් අහාර වටෝරුවක්. :003:
අවුරුදු කෑම මේසයට "හත් මළුව" ඇතැම් පලාත් වල නැතුවම බැරි ව්‍යාංජනයකි.සබරගමු පලාත් වල අවුරුදු කාලෙට ගොඩ වදිනවා නම් දහවල් කෑම මේසයට "හත් මාළුව" නම් වරදින්නෙ නෑ.
නමුත් නුවර පලාතේ වෙසෙන මාගෙ මිතුරියක් කියු පරිදි නුවර පලාතෙ මෙය ලෙඩ්ඩුන්ට සාදා දෙන ව්‍යාංජනයකි.. :022:(මෙහි එලවලු වර්ග කිහිපයක් තිබෙන නිසා ගුනදායක වැඩි නිසාත් එසේ පිලියෙල කර දෙනවා ඇති )තවද ගාල්ල පලාතේ වෙසෙන මාගෙ මිතුරියක් පැවසුවේ ගාල්ල පලාත්වල මල ගෙදරක හත් දවස දානය දා පිලියෙල කර මලවුන්ට පිදෙන ව්‍යාංජනයක් බවයි. :58:

කෙසේ වෙතත් සබරගමුවේ හැදුන වැඩුන මට නම් මෙය දිව්‍ය බොජුනකි. මන්දයත් මෙය අවුරුදු දවසේ අහාර අනුභවය සඳහාත් අවුරුද්දට නෑසිය මිතුරන් එක් රැස්වන දිනය දාත් විතරක්ම පිලියෙල කරන බැවිනි. :57:       

මෙය එලවලු වර්ග කිහිපයකින් පිලියෙල කරන නිසා ගුනාත්මක භාවයෙන් වැඩි අහාරයක් ද වනවා. :dft003:

"හත් මාලුව, සැමන් ව්‍යාංජනය, බැදගත් පපඩම් සහ රතු හාලේ බත්" මැනවින් ගලපෙන අහාර වටෝරුවකි.  :045:
ඔබත් අත් හදා බලන්න. :dft012:   


« Last Edit: May 20, 2011, 04:14:44 PM by Chef »