පාලු රැයක්දි හීන් හිරිපොද
ගලනතුරු අපි දඟකලා
සුපිරිසිදුබව පාලු යහනේ
කොනක සිතුවම් වුනා
නෙතග කදුලක් රදාගෙන ඈ
හීන් ඉකියක් මතුකලා
වාන් දමනා රාග සිතුවම්
කැකුලු මල මුකුලිත කලා
අහස් වියනේ පුංචි තරු කැට
අපිදිහා හොරහින් බලා
කෝල තාලෙන් සඳවතිය වෙත
අපේ රැගුමන් පෙන්නුවා
සඳවතිය් රජවන තුරාවට
අපේ රැගුමන් රජවුනා
සඳවතිය බැස යන වෙලාවට
දෙතුන් සැරයක් අපි එක්වුනා