කවුරුත් දන්න කවුරුත් අකමැති ශුන්‍යය ගැන මොනාඅද කියන්න තියෙන්නේ කියල හිතෙනවද....? මටට් හිතෙනව කිසි වටිනාකමක් නොපෙනෙන ශුන්‍යය නිකන් මගේ ජීවිතේ වගේ කියලා...
කෙනෙක් එක්ක ශුන්‍යය එකතු වුනොත් හරි ශුන්‍යයක් එයාගෙන් අඩු කරොත් හරි (x + 0 = x / x - 0 = x), එයාගේ පෙර පැවති වටිනාකමට කිසිස්ම වෙනසක් වෙන්නේ නෑ.... අඩු වෙන්නෙත් නෑ... වැඩි වෙන්නෙත් නෑ.... ඉතින් වටිනාකම වැඩි නොවන දෙයක් කවුරුවත් කරන් නෑ වගේම ශුන්යයව එකතු කළ්ත් අඩු කළත් වෙනසක් නොවන නිසා කවුරුත් එකතු වෙන්න කැමතිත් නෑ... එකතු වුන අය අඩු කරලා දාන්න බය වෙන්නේත් නෑ....
ඒක නෙමෙයි ශුන්‍යයේ තියෙන භයානකම ගුණය මොකක්ද දන්නවද....? එයාව කොච්චර වටිනාකම වැඩි කෙනෙක්ගෙන් වැඩි කළත් දෙදෙනාගෙම අගය නැත්තටම නැති කරලා දාන්න ශුන්‍යයට පුලුවන්.... ඒ හින්දා ශුන්‍යය එක්ක වැඩ කරන්නේ පරිස්සමෙන්.... (x * 0 = 0)
ඒත් කවුරුවත් වැඩිය නොදන්න දෙයක් තියෙනවා... කාව හරි ශුන්‍යයෙන් බෙදුවොත් ලැබෙන අගය කියලා නිම කරන්න බැරි වෙනවා... ඒ කියන්නේ අනන්තයක් වෙනවා (x /0 = infinite).... ශුන්යයත් එක්ක ඌන් නැති වැඩ කරල අගය වැඩි වෙනස් කර නොගෙන්වත්, අගය නැති කරගන්නෙවත් නැතිව.... හරියට ශුන්‍යය එක්ක වැඩ කලොත් තමන්ගේ වටිනාක මිළ කළ නොහැක බව දැනගන්නකොට ගොඩක් අය ශුන්‍යය අමතක කරලා ඉවරයි....
ඉතින් මගේ ආදරියේ ඔයාට කියන්න තියෙන්නේ කවුරු කොහොම කිව්වත් කවුරු කොහොම හිතුවත් ඔයා මාත් එක්ක මගේ ළගින් ඉදගෙන අපි හරි පාරක ගියොත් හරියට අර ශුන්‍යයෙන් බෙදුවා වගේ අපේ ජීවිත වලට කිව නොහැකි තරම ඉහළ වටිනාකමක් සතුටක් ලබාගන්න පුලුවන් කියන එකයි.... අපි ඉවසීමෙන් හරියට අපේ වැඩ ටික කරගමු... අපේ හෙට දින ජය නියත බව මට සහතිකයි.....