Author Topic: ආදරෙන් මා ළඟම නවතින්න...  (Read 15169 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
ආදරෙන් මා ළඟම නවතින්න...
« on: March 18, 2012, 08:33:26 PM »
Advertisement


නිලඹරේ සැදෑවේ කලුවරට
එළියවී මගෙ ලොවට හිනැහෙන්න
සීතලම මදනලක මුහුවෙන්න
උණුහුමෙන් බිඳක්‌වත් මට දෙන්න...

වසන්තය මගෙ හදට ගෙන එන්න
සෙනෙහසින් මොහොතකට නවතින්න
පුන් සඳේ මගෙ හිතට පායන්න
ආදරෙන් මා ළඟම නවතින්න...   :043:

« Last Edit: March 26, 2012, 07:39:25 PM by Max456123 »

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #1 on: March 19, 2012, 09:38:36 AM »
ආදරය සුන්දරයි හරියටම අරැනැල්ලක් වගේ
ඒහි සුන්දර බව වින්දේ සැම විටම
නුබගෙන්ම පමණි....
එය කවදා කෙලෙස අමතක කරමිද මම
සැන්දෑ කළුවරට එළිය වී එන්නෙමි
නුබේ ලොවට.......
සිතල මදනලට වෙමි මම උණුසුමක් නුබට
දරා ගැනීමට නොහැකි ආදරයක් දෙන්නෙමි
දයාබරයි නුබෙ සිත සැම විටම
ඉතින් වෙන්වි නොයමි කිසි දිනක
මෙ ජීවිතය ඔබගේය......

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #2 on: March 19, 2012, 04:25:02 PM »


අනේ සදේ මා ලගටම වී ඉන්න
නොයන් සදේ මා හැරදා කිසිදාක
පුදන්නම් මා පිවිතුරු ආදරය සැමදාම
ඉතින් සදේ ඉඩ දෙන්න මට ආදරය විදගන්න...

කදුකර සැදාවක තිබෙන මීදුම කෙතරම් සිසිලසද
බටහිට අහසේ හිරුබසිනා සැදැවා කෙතරම් ලස්සනද
දගකාර වූ මගේ ආදරේ ඔබ හට කෙතරම් සෙනෙහසද
දියහැකිනම් හාදුවක් ඔබේ නළලත මත එය කෙතරම් සොදුරුයිද...       ?   :009:



« Last Edit: March 26, 2012, 07:39:47 PM by Max456123 »

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #3 on: March 19, 2012, 07:06:08 PM »

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #4 on: March 19, 2012, 07:43:18 PM »
සිහිනයක් මෙනි නතර වන්නට සිතෙයි
ඉගි කරනා  ඔය  නෙතු කැල්මේ
සෙනෙහේ දැනුනි මට පවස නිවනු මැන
ඔය පියාපත් සෙවනේ
සැගව ඉන්නම් ලොවට රහසේ
විදගන්නට පෙම් සුව ඔබගේ
රැගෙන යනු මැන සිහින ලොව වෙත
දගකාර ඔය සිතිවිලි අතරේ..

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #5 on: March 20, 2012, 11:38:54 AM »


අද අමාවකයි..  අහස පාලුයි..  එත් ඒ පාළුව මකන්න අහසට තරු කොතරම්  සිටිත්ද...

ඒ තරු අතරින් මන් ඔබේ රුව සොයනවා...  ඒ ඔයා තරුවක් වී හරි මා වෙත එවිදෝ කියා...

එක තරුවක්ම පැතුවා නිසා...  මන් හැම වරුවක්ම කදුළු අතර තනිවෙලා...

හඩනවා මන් හඩනවා ඉකිලා හඩනවා...

නමුදු දිනයක...  හිමිදිරියේ තෙත පින්න රදවාගෙන..  සතුට අරන් මගේ අහසට ඔබ එවිදෝ සිතුනා...

කවදාවත් නුබ එන්නෑහෑ...  නෑ එන්නෑහෑ...  මා ඉන්නම් මගේ හඩන සුසුම් මට කියන තුරා...
   :dft001:
« Last Edit: March 26, 2012, 07:40:12 PM by Max456123 »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #6 on: March 20, 2012, 08:38:40 PM »



නිලඹරේ සැදෑවේ කලුවරට...
එළියවී මගෙ ලොවට හිනැහෙන්න...
සීතලම මදනලක මුහුවෙන්න...
උණුහුමෙන් බිඳක්‌වත් මට දෙන්න...

වසන්තය මගෙ හදට ගෙන එන්න...
සෙනෙහසින් මොහොතකට නවතින්න...
පුන් සඳේ මගෙ හිතට පායන්න...
ආදරෙන් මා ළඟම නවතින්න...   :043: :043: :043:


ආදරේට ඔච්චම් කළ
හද ඇවිදින් සිත් අහසට
මුමුණන පෙම් බස් අහන්න
එනවද ඔබ තරු යහනට

සද ඇවිදින් බලා හිදී
තව මොකටද පමා ඉතින්
හනික එන්න ඇගෙ තුරුලට
සෙනෙහේ සුව විදගන්නට
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Prabhashini Podi

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 49
  • Gender: Female
ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #7 on: March 21, 2012, 02:36:01 AM »



නිලඹරේ සැදෑවේ කලුවරට...
එළියවී මගෙ ලොවට හිනැහෙන්න...
සීතලම මදනලක මුහුවෙන්න...
උණුහුමෙන් බිඳක්‌වත් මට දෙන්න...

වසන්තය මගෙ හදට ගෙන එන්න...
සෙනෙහසින් මොහොතකට නවතින්න...
පුන් සඳේ මගෙ හිතට පායන්න...
ආදරෙන් මා ළඟම නවතින්න...   :043: :043: :043:


ආදරේට ඔච්චම් කළ
හද ඇවිදින් සිත් අහසට
මුමුණන පෙම් බස් අහන්න
එනවද ඔබ තරු යහනට

සද ඇවිදින් බලා හිදී
තව මොකටද පමා ඉතින්
හනික එන්න ඇගෙ තුරුලට
සෙනෙහේ සුව විදගන්නට




සිහිනයක්‌ හිනැහිලා පෙරදාක බොඳ උනා
මාරුතය හැමූ විට මුලු හිතම සෙල උනා
නොදන්නා හදවතක්‌ සෙනෙහසින් ලන්වෙලා
හිනැහුනා ආදරෙන් සිහිල් සුළඟක්‌ වෙලා..



ලස්සන අදහස්.... දිගටම ලියන්න.... දිගු ගමනකට මගෙන් සුබපැතුම්...!       :003:

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #8 on: March 21, 2012, 09:11:43 AM »


මහමෙරක්‌ පැතුම් ළග අත්වැලක්‌ වී නිබඳ
ජයගන්න නුඹෙ දිවිය සවියක්‌ව ඉඳින්නම්
ආදරේ මුදු පහස සොයන කළ මගේ සඳ
හදවතින් නුඹේ ළඟ විකසිතව හිදින්නම්...

මල් සුවඳ මුසුවෙලා මඳ සුළඟ හමන කළ
සිත් කොනෙක නුඹේ ළඟ උණුහුමට රැදෙන්නම්
තනිකමක දැවටිලා කඳුලු බිඳු වැටෙන කළ
අමිල වූ සෙනෙහසින් නුඹේ තනි මකන්නම්...


මේ අහස යට අප මුණ ගෑහුනු සෑම දින
                නුඹ මගේ ලෙස හෑගුනේ ඈයිදෝ සොයමි මම තව...
     :021:

« Last Edit: March 26, 2012, 07:42:33 PM by Max456123 »

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #9 on: March 21, 2012, 10:16:27 AM »


ලස්සන අදහස්.... දිගටම ලියන්න.... දිගු ගමනකට මගෙන් සුබපැතුම්...!       :003:


_____- ස්‌තූතියි PoDDiye   :045:

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #10 on: March 25, 2012, 09:07:31 PM »


හිමිදිරියේ පිනි දියෙන් නෑහෑවි

           පිපෙන්නට ඇති සුදු සදුන් මලකි ඔබ

ඔබෙන් නැගෙන සුවද පාවිත් මද නලට මුසුව

           එවිදෝ මා සිත් අහසට

ආදරයෙන් මා ලගම නවතින්න...

« Last Edit: March 26, 2012, 07:43:32 PM by Max456123 »

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #11 on: March 25, 2012, 09:17:42 PM »


සෙවනැල්ල මෙන් මා ලග සිට

         ආදරයේ අරුත කියා දුන් ඔබ...

ගුරුවරියක් මෙන් මා ලග සිට

         ජිවිත පොත පහදා දුන් ඔබ...

සිතාගන්නට තවම නොහැකි මට

         මා සිත් අහසින් ගිය බව ඔබ ...

ආදරය අහිමිවූ පෙම්වතෙකි මා

         දිගු දිවි ගමනේ තනිවී හඩනා...





ඉස්සර දවස්වල මට ඔයාව පෙනුනේ හරියට පින්නේ පිපුන සුදු සදුන් මලක් වාගෙයි. ඒ පුංචි සදුන් මලට මන් මහා මෙරක් තරමට ආදරය කලා. සෙනෙහස දුන්නා. හරියට සිහිනෙන් ගෑ මුදු සුවදක් වගේයි මගේ සිතට ඔයාගේ සුවද දැනුනේ. ආදරය දැනුනු ඒ සුවදට මන් ගොඩක් ආශා කලා. එත් මට අන්තිමට උරුම උනේ සීතලම සිතල කදුළු අහුරක් විතරයි. ඒ කදුළු අතරින් ඔයාගේ සුවද මට දැනෙනවා. අනේ මන් ඒ සුවදට තාමත් ලංවෙනවා. මගේ සුන්දර අතීතයට සිතුම් පෙළක් වාගෙයි. ඒ අතිතයමයි මාව මේ තරම් රිදවන්නේ...   :dft001:


« Last Edit: March 26, 2012, 07:44:55 PM by Max456123 »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #12 on: April 07, 2012, 08:55:20 AM »
ජීවිතේ දුර යන්න
නුඹේ අත වාරුගෙන
රැදෙන්නේ කොහොම මම
යා යුතුය නික්ම අද
මා පියන් සිත් තලා
කෙසේ මා ඉදිම්දෝ
සමාවන් කුමරුනේ
අවසරයි නික්මෙන්න
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #13 on: April 11, 2012, 08:33:23 PM »

ඉරත් පිරි නිල් අහසක

      පොදක් කලුවර නැති කල

සඳක් උව නාඬන කල

      හිතක් නිදි නැති තුන්යම...



පෙරක් යාමෙක හිනැහුන

      හදක් පිබිදෙවු සුවඳක

ළඳක් වෙත බැඳි සෙනෙහෙට

      කවක් ලියනුව කෙලෙසක...



Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #14 on: April 14, 2012, 11:04:04 PM »
බැඳුනු සෙනෙහසට
     තනුවයි හදේ රිද්මය...

හදේ පිබිදෙන රාවෙට
     සිත් යොමන් හිතවත...

හමන ඒ සුවඳට
     පද ගොතන් රිසි ලෙස...

ළඳට බැඳි සෙනෙහෙට
     කවයි නුඹේ හදවත...

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #15 on: May 23, 2012, 03:02:59 PM »
« Last Edit: May 23, 2012, 03:27:11 PM by Max456123 »

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #16 on: May 24, 2012, 03:57:52 PM »
Woooooow Great.keep up it ayyaaaaaaa :045: :dft009:

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #17 on: May 24, 2012, 10:40:32 PM »

Woooooow Great.keep up it ayyaaaaaaa :045: :dft009:


_________- Thanks a Lot Tharu ...  :045:

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: ආදරෙන් මා ළඟම නවතින්න...
« Reply #18 on: September 25, 2012, 03:21:04 PM »