"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර"

"විකිලීක්ස්" වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් හෙළි කිරීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නක් වුවා.

මේ රහසිගත ලියවිලි අතර ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් වූ ලියවිලිත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු අතර "විකිලීක්ස්" හෙලිදරව්වට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ සහායක කොටස් කටයුතු කර තිබුනේ සත්‍යය විකෘති කරමින්, ශ්‍රී ලංකාව සම්බන්ධව තමන් තුල ඇති ද්වේශ සහගත සිතුවිලි පමණක්ම පදනම් කරගනිමින්. ශ්‍රී ලංකාව අවිචාරවත් රටක් ලෙස නිකරුණේ හංවඩු ගැසීමට එරෙහිව සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට "සිංහලයා මාධ්‍ය ජාලය" කටයුතු කලේ එබැවින්.

ඒ අනුවයි
WikiLeaks & SRI LANKA  -  "A LEGITIMATE RESPONSE TO UNPROFESSIONAL DIPLOMACY" මැයෙන් පිටුවක් සුද්දන්ට තේරෙන ඉංග්‍රීසියෙන් දියත් වූයේ. එහිම සිංහල පරිවර්තනය "විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර" මැයෙන් ඔබ වෙත ගෙන එන්නේ, ඔබේ දැනුවත්භාවය උදෙසායි.


ශ්‍රී ලංකා හමුදාවන් කල "පිළිගත හැකි" යුද අපරාධ සහ එල්.ටී.ටී.ඊ.ය කල "පිළිගත නොහැකි" යුද අපරාධ..!

2010-12-24
- බුටේනිස් නෝනාගේ අරුම පුදුම අපරාධ වර්ගීකරණය

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
පැට්‍රීෂියා බුටේනිස් තානාපතිවරියට අනුව අපරාධ වර්ග දෙකක් තිබෙන බව පෙනේ. ඒ ජාත්‍යන්තරව පිළිගත හැකි සහ පිළිගත නොහැකි යනුවෙනි. පහත දැක්වෙන්නේ කොළඹ වෙසෙන ඇමරිකානු තානාපතිවරිය විසින් තමන්ගේ තවත් රහසිගත කේබල් පණිවුඩයක ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රකාශ කරන තවත් විකෘති චිත්‍රයකි.

සම්පූර්ණ ලිපිය/පුවත කියවන්න..


"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව" (පැට්‍රීෂියා ඒ. බුටෙනිස් ) -2

2010-12-22
- පැට්‍රීෂියා බුටෙනිස් ශ්‍රී ලංකා ජනාධිපතිට යුද අපරාධ චෝදනා එල්ල කරයි

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුනු ජනාධිපතිවරණයට ආසන්න කාලයකදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති පැට්‍රීෂියා බුටෙනිස් විසින් තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ රහසිගත කේබල් පණිවුඩයක ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි ඇමෙරිකාව ප්‍රමුඛ ත්‍රස්ත හිතවාදී රටවල් විසින් චෝදනා කරන යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාවේ අවධානය මඳ යැයි ද මෙම යුද අපරාධ සඳහා ශ්‍රී ලංකා ජනාධිපති, ඔහුගේ සහෝදරයින් සහ එවකට ජනරාල් සරත් ෆොන්සේකා වගකිවයුතු යැයි සෘජුවම චෝදනා කරන්නීය.

සම්පූර්ණ ලිපිය/පුවත කියවන්න..


"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව" ( දමිළ ප්‍රජාවේ අදහස )

2010-12-20
- දිනෙන් දින ලැජ්ජාව අහිමි වන ඇමරිකානුවෝ..

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ජන ජීවිතය විනාශ කරමින් සිදු කල සැබෑ යුද අපරාධ පිළිබඳව කිසිදු තැකීමක් නොකල ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ ප්‍රමුඛ කොටි හිතවාදී බටහිර යුරෝපීය රටවල් වඩාත් වද වෙන්නේ තමන් විසින් ඇති දැඩි කල එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මියගිය අයුරු සෙවීමටත්, රටක් බේරාගත් අප ආරක්ෂක හමුදාවන්ට ඒ වෙනුවෙන් දඬුවම් කිරීමටත් බව අමුතුවෙන් කිය යුතු නොවේ.
අමනෝන්‍ය දේශපාළුවෝ රැලක් එක් කරගෙන නැති වගකීමක් සහ විශ්වසනීයත්වයක් ආරූඪ කර, ඔවුන්ගේ මනෝ විකාර හුවා දක්වමින්, සමස්ත රටේ අදහස් ලෙස ලොවට ගෙන යෑමත්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත හිතවාදී දමිළ ඩයස්පොරාවේ කොන්ත්‍රාත්තුවට අනුව ශ්‍රී ලංකාව පිළිබඳව ඔත්තු බැලීමත් රට තුල නැවතත් බෙදුම්වාදය පැතිරවීමත් ඒ ඒ රටවලින් මෙහි පැමිණි තානාපතිවරුන්ගේ ප්‍රධාන කාර්යය විය.

සම්පූර්ණ ලිපිය/පුවත කියවන්න..


"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව" ( එම්.කේ. සිවාජිලිංගම් )

2010-12-18
සිංහල සහ දෙමළ ජනතාවට වෙන වෙනම අගමැතිවරු දෙන්නෙක්..? - ශිවාජිලිංගම්ගෙන් බුටේනිස් නෝනාට යෝජනාවක්..

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව
පැට්‍රීෂියා ඒ. බුටෙනිස් නම් මහදැනමුත්තියගේ මීලඟ ගෝලයා දමිළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ය. මේ ඇය තමන්ගේ රහසිගත කේබල් පණිවිඩයක, එම්.කේ. සිවාජිලිංගම්ගේ අදහස් තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කර තිබූ අයුරු යි.

සම්පූර්ණ ලිපිය/පුවත කියවන්න..


"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව" ( ආර්. සම්බන්දන් )

2010-12-17

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
ඇමෙරිකානු තානාපතිවරියගේ ලෝකයේ හැටියට ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම හෝ දමිල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තොරතුරු ලබාගැනීම හොඳම සහ එකම මූලාශ්‍රය දමිළ ජාතික සන්ධානය හෙවත් ටී.එන්.ඒ. පක්ෂයයි. ඇමෙරිකානු තානාපතිවරිය ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව ටී.එන්.ඒ. නායක ආර්. සම්බන්දන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව ඇය තම රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවූ රහසිගත කේබල් පණිවිඩයක දැක්වේ.

සම්පූර්ණ ලිපිය/පුවත කියවන්න..


"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව" ( මනෝ ගනේෂන් )

2010-12-15

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් විසින් තමන් වෙත කල අදහස් දැක්වීමක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී පැට්‍රීෂියා බුටෙනිස් විසින් රහසිගත ලියවිල්ලක තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කරන්නීය.

සම්පූර්ණ ලිපිය/පුවත කියවන්න..


"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව" ( පත්මිණී සිදම්බරනාදන් )

2010-12-14

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව :
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවූ තවත් "අතිශය රහසිගත" ලියවිල්ලක ටී.එන්.ඒ. පක්ෂයේ සාමාජික පත්මිණී සිදම්බරනාදන් නැමැත්තිය කල ප්‍රකාශයක් සඳහන් කරයි.   

සම්පූර්ණ ලිපිය/පුවත කියවන්න..


"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව" ( පැට්‍රිෂියා ඒ. බුටෙනිස් )

2010-12-10

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
"විකිලීක්ස්" කියන්නේ මේ දිනවල ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, ඒ ඒ රටවල ඇමෙරිකානු තානාපති කාර්යාල අතරත් පසුගිය වකවානුවල හුවමාරු වූ අතිශය රහසිගත ලියකියවිලි බුරුතු පිටින් තම වෙබ් අඩවිය හරහා හෙලි කිරීමට "විකිලීක්ස්" කටයුතු කලේ ඇමෙරිකානු බලධාරින් ත්‍රාසයට සහ භීතියට පත් කරමින්.

තම නිරුවත ලොවට හෙලිවීම පිළිබඳව ඇමෙරිකාව අතිශයින් කුපිත වූ අතර, ඇමෙරිකාවට ගැතිකම් කරන බී.බී.සී., චැනල් 4, සී.එන්.එන්., නිව්යෝක් පෝස්ට් වැනි බටහිර මාධ්‍ය "විකිලීක්ස්" නිර්මාතෲ ජූලියන් ඇසේන්ජ් ව හෙලා දැක්කේ ඉතාම නිර්දය ලෙසින්.
නමුත් මෙහිදී ද මේ බටහිරයන් ගේ "දෙබිඩි පිළිවෙත" මනාව පෙන්නුම් කෙරුනා. 
   
සම්පූර්ණ ලිපිය/පුවත කියවන්න..

 

විකිලීක්ස් කතන්දරේ දන්නවද?

2010-12-11

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
"විකිලීක්ස්" (WikiLeaks) කියන්නෙ ලාබ නොලබන අරමුණින් පවත්වාගෙන යමින් "ලොව ජනතාවට සත්‍යය දැනගැනීමේ අයිතිය" දැඩි ව විශ්වාස කරන මාධ්‍ය වෙබ් අඩවියක්. විකිලීක්ස් වෙබ් අඩවිය පටන් ගත්තෙ 2006 දි. ඒ වගේ ම 2008 සහ 2009 යන වසරවල දී ඔවුන් විසින් කල මාධ්‍ය සේවය වෙනුවෙන් සම්මාන ද හිමිවුනා..

"විකිලීක්ස්" යන නාමය වඩාත් කතාබහට ලක් වුනේ, 2010 අප්‍රේල් මාසෙ ඔවුන් විසින් එළිදක්වපු සුවිශේෂ වීඩියෝ පටයක් නිසාවෙන්.. ඒ 2007 ජූනි මාසෙ ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත ඇමෙරිකානු හමුදාවන් එල්ල කල ගුවන් ප්‍රහාරයකට සාමාන්‍ය වැසියන් සහ මාධ්‍යවේදීන් පිරිසක් ගොදුරුවන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්.. මෙම වීඩියෝ පටය හෙළි වීමත් සමගම අනෙකුත් රටවල යුද අපරාධ ගැන නිතර හොයන ඇමරිකානු රජය ලෝකය හමුවේ දැඩි අපහසුතාවයකට පත් වූවා..
  
සම්පූර්ණ ලිපිය/පුවත කියවන්න..




මේ පිටුව නිරන්තරව යාවත්කාලීන වනු ඇති...

මව්බිමට ආදරය කරන සුවහසක් වූ අප ග්‍රාහක ඔබට මේ සම්බන්ධයෙන් තමන් අදහස් විධිමත්ව ලිපි මගින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්,
මේ යොමුවට පිවිසෙන්න.
එසේම, අප විසින් මෙහි අළුතින් එක් කරනු ලබන ලිපි හෝ දැනුවත්කිරීම් පරිශීලනය කරනු වස්, වරින් වර මෙම පිටුවට පිවිසෙන්න..