"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර"

"විකිලීක්ස්" වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් හෙළි කිරීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නක් වුවා.

මේ රහසිගත ලියවිලි අතර ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් වූ ලියවිලිත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු අතර "විකිලීක්ස්" හෙලිදරව්වට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ සහායක කොටස් කටයුතු කර තිබුනේ සත්‍යය විකෘති කරමින්, ශ්‍රී ලංකාව සම්බන්ධව තමන් තුල ඇති ද්වේශ සහගත සිතුවිලි පමණක්ම පදනම් කරගනිමින්. ශ්‍රී ලංකාව අවිචාරවත් රටක් ලෙස නිකරුණේ හංවඩු ගැසීමට එරෙහිව සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට "සිංහලයා මාධ්‍ය ජාලය" කටයුතු කලේ එබැවින්.

ඒ අනුවයි
WikiLeaks & SRI LANKA  -  "A LEGITIMATE RESPONSE TO UNPROFESSIONAL DIPLOMACY" මැයෙන් පිටුවක් සුද්දන්ට තේරෙන ඉංග්‍රීසියෙන් දියත් වූයේ. එහිම සිංහල පරිවර්තනය "විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර" මැයෙන් ඔබ වෙත ගෙන එන්නේ, ඔබේ දැනුවත්භාවය උදෙසායි.



"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව ( පැට්‍රිෂියා ඒ. බුටෙනිස් )"

2010-12-10

"විකිලීක්ස්" කියන්නේ මේ දිනවල ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, ඒ ඒ රටවල ඇමෙරිකානු තානාපති කාර්යාල අතරත් පසුගිය වකවානුවල හුවමාරු වූ අතිශය රහසිගත ලියකියවිලි බුරුතු පිටින් තම වෙබ් අඩවිය හරහා හෙලි කිරීමට "විකිලීක්ස්" කටයුතු කලේ ඇමෙරිකානු බලධාරින් ත්‍රාසයට සහ භීතියට පත් කරමින්.

තම නිරුවත ලොවට හෙලිවීම පිළිබඳව ඇමෙරිකාව අතිශයින් කුපිත වූ අතර, ඇමෙරිකාවට ගැතිකම් කරන බී.බී.සී., චැනල් 4, සී.එන්.එන්., නිව්යෝක් පෝස්ට් වැනි බටහිර මාධ්‍ය "විකිලීක්ස්" නිර්මාතෲ ජූලියන් ඇසේන්ජ් ව හෙලා දැක්කේ ඉතාම නිර්දය ලෙසින්.
නමුත් මෙහිදී ද මේ බටහිරයන් ගේ "දෙබිඩි පිළිවෙත" මනාව පෙන්නුම් කෙරුනා.

ඇෆ්ඝනිස්ථානය, ඉරාකය වැනි රටවල ඇමෙරිකාව විසින් සිදුකල සැබෑ යුද අපරාධ හෙළි කිරීම පිළිබඳව ජූලියන් ඇසේන්ජ් අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසූ මේ බටහිර මාධ්‍ය, ශ්‍රී ලංකාව යුද අපරාධ කලේ යැයි පවසමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති පැට්‍රීෂියා බුටෙනිස් විසින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවුනු ලියවිලි හෙලිදරව් කිරීම පිළිබඳව ජූලියන් ඇසේන්ජ් ව පැසසීමට තරම් වගකීමකින් තොර මාධ්‍ය කඩවල් බවට පත් වී තිබුණා.

අද, මේ ලිපියේ ප්‍රස්තූතය වන්නේ එලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේශ සහගත ප්‍රකාශ කරමින් පැට්‍රීෂියා බුටෙනිස් තානාපතිවරිය විසින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබූ "අතිශය රහසිගත වූ" කේබල් පණිවිඩයක්..


( එහි සාරාංශයක් අප ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමු. )
---------------------------------------------------------------
දිනය : 2010 ජනවාරි 15
මාතෘකාව : ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව එහි වගකීම : දමිළ ප්‍රජාවේ අදහස
පැට්‍රීෂියා ඒ. බුටෙනිස් විසින්

1.--------
2.--------
3.--------
4.--------
5.--------
6.-------
7.-------
8.-------

9. වගකීම් සහිතව කටයුතු කිරීම ශ්‍රි ලංකා ජනසමාජයේ දේශපාලනය තත්වයට වඩා හිතකරය. නමුත් මේ කාරණය ඉස්මතු කිරීම පිළිබඳව දමිළ ඩයස්පෝරාව සහ ශ්‍රී ලාංකික දමිළ ජනතාව අතර එකිනෙකට පරස්පර මත පවතියි. දමිළ ඩයස්පෝරාව මේ කාරණය ඉතා ඉහළ ප්‍රමුඛතාවකින් සැලකුවද අනෙක් පාර්ශවය කල්පනා කරන්නේ දැන් එයට සුදුසු කාලය නොවන බවයි. එය ඔවුන්ට දේශපාලන වශයෙන් අවාසි සහගත වනවා සේම, ඔවුන් ශාරීරික වශයෙන් පීඩාවන්ට පත්වීමටද මේ හේතුව ප්‍රමාණවත් යැයි ඔවුන් (ශ්‍රී ලාංකික දමිළ ජනතාව ) සිතති.

නමුත් යුධ අපරාධ පිළිබඳව කාරණය ජාත්‍යන්තරය විසින් මතුකර බලපෑම් කිරීම අවශ්‍ය යැයි තවත් පිරිසක් කල්පනා කරති.
එසේ වුවහොත්

රාජපක්ෂ පාලනයට සහ එහි "යුද විරුවන්ට" එරෙහි අන්තර්ජාතික වශයෙන් දියත්වන කුමන්ත්‍රණයක් ලෙස "ඉතා උණුසුම්" ක්‍රියාවලියක් බවට පත්වනු ඇත.

---------------------------------------------------------------


ශ්‍රී ලංකාව පිළිබඳව එහෙන් මෙහෙන්, හෝ තමන් ඇසුරු කරන කීප දෙනාගෙන් තොරතුරු විමසා එය සමස්ත ජනතාවගේම මතවාදය ලෙස බුටෙනිස් මෙහෙදී ඉදිරිපත් කර තිබේ. එසේම, ඈ ශ්‍රී ලංකාව සමග කොතරම් වෛරයකින් සහ ද්වේශයකින් පෙලෙන්නේ ද යන්න ඉහත ඛණ්ඩය පෙන්වා දේ.

"ඇමෙරිකාව උසස් ජාතියකි, සියල්ලෝ ඇමෙරිකාවේ උපදෙස් සහ අණ පරිදි කටයුතු කල යුතුය" යන අදහසින් හිස උදුම්මාගෙන සිටින මෙම ගැහැණිය දැන් මේ මද කිපී සිටින්නේ, ශ්‍රී ලංකාව ඔවුන්ව තුට්ටුවකට මායිම් නොකල බැවින් සහ අමෙරිකාව ඇකයේ හොවා හැදූ වැඩු එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තයින් විනාශ කිරීම නිසා ය.
සත්‍යය එයයි.

දමිළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි පවසමින් රට තුල අර්බුද ඇති කිරීමට මාන බලන ඕ, තම රටේ ආරක්ෂක හමුදා වලින් ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ සිදු කරන ලද යුධ අපරාධ පිළිබඳව පැහැදිලි සාක්ෂි තිබියදී ඒ පිළිබඳව නෑසු කන් ව සිටින්නේ ඇයි ?
දමිළ ජනතාව පිළිබඳව කිඹුල් කඳුළු හෙලන ඇය, ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. යේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් මියගිය සිංහල සහ මුස්ලිම් ජනතාව පිළිබඳව එකදු වචනයක් හෝ පිටකිරීමට අපොහොසත් වූයේ ඇයි ?

ලොව ජගතා ලෙස තමන් විසින්ම හඳුන්වාගත් ඇමෙරිකාව නමැති ලොව අංක එකේ යුද අපරාධකරුවාගෙන් ලොවට සිදුවූ සෙතක් නොමැත. ඇෆ්ඝනිස්ථානයේ සහ ඉරාකයේ ඇති කල යුද්ධ දැන් ඔවුන්ටම දිරවාගත නොහැකිවී තිබේ. නමුත් ඔවුන් අපට යුද්ධ කරන හැටි උගන්වන්නට එති. තම නියෝජිතයින් මගින් නැවතත් රට තුල බෙදුම්වාදය ඇති කිරීමේ අසාර්ථක උත්සාහයක් ද දැකිය හැකිය.

ලෝක දේශපාලනයේ සමතුලිතබව කෙරෙහි නිතරම ප්‍රශ්ණකාරී වන එකම සහ ප්‍රධානත ම පිළිලය ඇමරිකාව යි.
ඔවුන්ගේ මේ අවිචාරවත් විදේශ ප්‍රතිපත්තිය වහාම වෙනස් කර ගත යුතුය.




මේ ගැන ඔබේ අදහසුත් වැදගත්..
http://www.sinhalaya.com/news/eng/comment.php?go=post&insert=new&newsid=710

නිල ඉංග්‍රිසි පුවත් යොමුව:
http://www.sinhalaya.com/news/eng/2news2lanka2.php?go=fullnews&newsid=710

මූණු පොත හරහා සම්බන්ධ වන්න
http://www.facebook.com/pages/SINHALAYA-News-Agency/279993786111

twitter හරහා සම්බන්ධ වන්න
http://twitter.com/sinhalayanews