"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර"

"විකිලීක්ස්" වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් හෙළි කිරීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නක් වුවා.

මේ රහසිගත ලියවිලි අතර ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් වූ ලියවිලිත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු අතර "විකිලීක්ස්" හෙලිදරව්වට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ සහායක කොටස් කටයුතු කර තිබුනේ සත්‍යය විකෘති කරමින්, ශ්‍රී ලංකාව සම්බන්ධව තමන් තුල ඇති ද්වේශ සහගත සිතුවිලි පමණක්ම පදනම් කරගනිමින්. ශ්‍රී ලංකාව අවිචාරවත් රටක් ලෙස නිකරුණේ හංවඩු ගැසීමට එරෙහිව සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට "සිංහලයා මාධ්‍ය ජාලය" කටයුතු කලේ එබැවින්.

ඒ අනුවයි
WikiLeaks & SRI LANKA  -  "A LEGITIMATE RESPONSE TO UNPROFESSIONAL DIPLOMACY" මැයෙන් පිටුවක් සුද්දන්ට තේරෙන ඉංග්‍රීසියෙන් දියත් වූයේ. එහිම සිංහල පරිවර්තනය "විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර" මැයෙන් ඔබ වෙත ගෙන එන්නේ, ඔබේ දැනුවත්භාවය උදෙසායි.



"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව" ( පත්මිණී සිදම්බරනාදන් )

2010-12-14


(ඡායාරූපයේ දැක්වෙන්නේ පත්මිණී සිදම්බරනාදන් නමැත්තියයි)

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව :
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යැවූ තවත් "අතිශය රහසිගත" ලියවිල්ලක ටී.එන්.ඒ. පක්ෂයේ සාමාජික පත්මිණී සිදම්බරනාදන් නැමැත්තිය කල ප්‍රකාශයක් සඳහන් කරයි.

####################################################
දිනය: 2010 ජනවාරි 15
මාතෘකාව: ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව එහි වගකීම/ දමිළ ප්‍රජාවේ අදහස
පැට්‍රීෂියා ඒ. බුටෙනිස් විසින්

1.---
2.---
3.---
4.---
5.---
6.---
7.---
8, යුද්ධයේ අවසාන සති තුල සිදුවූ දෑ පිළිබඳ සත්‍යය කවදා හෝ හෙළිවනු ඇති බව ටී.එන්.ඒ. පක්ෂයේ පත්මිණී සිදම්බරනාදන් අපට දෙසැම්බර් මස මැද භාගයේදී පැවසුවාය. කෙසේ නමුත් යුධ අපරාධ සම්බන්ධ පරීක්ෂණ සඳහා
දැන් කාලය නොවන බවද ඇය කීවාය. මෑතදී යාපනයේ කල සංචාරයේ දී අප නිලධාරියෙක් හඳුනාගෙන ඇති පරිදි රටේ දේශපාලකයින් මෙම යුධ අපරාධ පිළිබඳ කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන්නේ, එම අවස්ථාවේ හැටියට වඩා වැදගත් වූයේ, අවතැන් වූවන් නැවත පදිංචි කරවීම, රටේ ආර්ථිකය දියුණු කිරීම, සිංහල ජනතාව විසින් සාම්ප්‍රදායික දමිළ ප්‍රදේශ වලට සංක්‍රමණය වීම වැනි බඩට වදින කරුණු කාරණා බැවිනි.
9.----

####################################################

ඇමරිකානු තානාපතිවරිය දැන් මේ වාර්තා කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. යේ ස්පීකරයක මනෝ විකාරයි. ඇයට අනුව "ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රජාවට අයත් වන්නේ ටී.එන්.ඒ. ය පමණි."

අවතැන් වූ ජනතාව පදිංචිය සහ රටේ ආර්ථිකය ගොඩ නැංවීමට උදව් දීම යහපත් කාර්යයන් වුවද "සිංහල ජනතාව දමිළ ජනතාවට අයත් සාම්ප්‍රදායික භූමි වල පදිංචියට යාම" පිළිබඳව මෙතරම් විමසිල්ලක් ඇයි ?
ශ්‍රී ලංකාවේ කිසි කලෙක "මේවා සිංහලයින්ට අයත් ය, මේවා දමිළයින්ට අයත් ය, මේවා මුස්ලිම්වරුන්ට ය" යනුවෙන් ප්‍රදේශ බෙදා වෙන්කිරීමක් නොතිබිණි. සාමකාමී රටක ජනතාව තමන්ට අවැසි පරිදි කිනම් ප්‍රදේශයක හෝ ජීවත් වීම පිළිබඳව ඇමෙරිකාවට ඇති ප්‍රශ්නය කුමක් ද ?

එක්කෝ මේ ඔවුන් විස්තර ලබාගත්තා යැයි පැවසෙන දේශපාලකයින්ගේ අදහස් විය යුතුය, නැතහොත් ඇමෙරිකාව තමන් විසින්ම මැවූ අදහස් විය යුතුය. කුමක් වුවද මේ "මනස්ගාත" බව කිව යුතුය. මේ බෙදීම් අවශ්‍ය වුයේ කූට බෙදුම්වාදීන්ට පමණි. කෙසේ නමුත් දැන් ඔවුන්ට උන් හිටි තැන් ද අහිමිය.

ටී.එන්.ඒ. පක්ෂය මෙම "දමිළ නිජබිම් සංකල්පය" පසුපස පන්නන්නේ දමිළ ජනතාව ගේ සුභ සිද්ධිය පතා නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එවැනි සැබෑ අවශ්‍යතාවයක් තිබුනේ නම් ඔවුන් කලයුතුව තිබුනේ එල්.ටී.ටී.ඊ. දොරේලා වැලඳගෙන ලෙව කෑම නොව, විධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල කටයුතු කරමින්, ත්‍රස්තවාදය පිටුදැකීමත්, රට තුල සාමය ස්ථාපිත කිරීමට උරදීමත් බව අපේ හැඟීමයි.

කෙසේ නමුත් ඔවුන් මේ "වෙලාවක් එනතුරු" බලා සිටින්නේ ජනතාව උසි ගන්වා නැවතත් බෙදුම්වාදය පැතිරවීමට ය.
යුද්ධය ජයග්‍රහණය කල වහාම එවැන් දෙයකට යොමුවිය නොහැක්කේ, ටී.එන්.ඒ. වැනි එල්.ටී.ටී.ඊ.ට ණයට කහින පක්ෂයක් ශ්‍රී ලාංකිකයින් හොඳින්ම දන්නා බැවින්, මෙවන් උසි ගැන්වීමක අවසානය සාමය කැමති ජනතාවගෙන් ලැබෙන මතක හිටින කොහු ඉදල් සංග්‍රහයක් පමණක්ම බව මොවුන් දැනසිටි නිසා විය යුතුය.

එල්.ටී.ටී.ඊ. ය යුධ අපරාධ කල බව පැවසීමට මොවුන් පැකිලෙන්නේ ඇයි ? මේ "නියම කාලය" එනතුරු බලා සිටින්නේ එල්.ටී.ටී.ඊ. යට චෝදනා එල්ල කිරීමට නොවන වග නම් පැහැදිලි ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා හමුදාවන්ට යුධ අපරාධ චෝදනා එල්ල කරමින් තම අභිමතාර්ථ ඉටුකර ගැනීමට ටී.එන්.ඒ. ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ. හොල්මන් වලට ඔවුන් බලා සිටින්නා වූ "නියම කාලය" නම් උදා නොවන බව පැහැදිලිය. ඒ සඳහා විදේශීය බලවේග වල උදව් පැතීමට ඔවුන් සිතා සිටින්නේ නම්, කිය හැකි එකම දේ වන්නේ එම බලවේග වල අප්‍රසන්න සෙළුව දැන් එලිවී ඇති බවත්, ශ්‍රී ලාංකිකයින් ඇන්දවීම හිතන තරම් පහසු නොවන බවත් පමණි.

- සිංහලයා පුවත්





මේ ගැන ඔබේ අදහසුත් වැදගත්..
http://www.sinhalaya.com/news/sin-unicode/comment.php?go=post&insert=new&newsid=144

නිල පුවත් යොමුව:
http://www.sinhalaya.com/news/sin-unicode/2news2lanka2.php?go=fullnews&newsid=144

මූණු පොත හරහා සම්බන්ධ වන්න
http://www.facebook.com/pages/SINHALAYA-News-Agency/279993786111

twitter හරහා සම්බන්ධ වන්න
http://twitter.com/sinhalayanews