"විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර"

"විකිලීක්ස්" වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්, වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වුනු අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් හෙළි කිරීම ලොව පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නක් වුවා.

මේ රහසිගත ලියවිලි අතර ශ්‍රී ලංකාව සම්බන්ධව නිකුත් වූ ලියවිලිත් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණු අතර "විකිලීක්ස්" හෙලිදරව්වට අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු බලධාරීන් සහ ඔවුන්ගේ සහායක කොටස් කටයුතු කර තිබුනේ සත්‍යය විකෘති කරමින්, ශ්‍රී ලංකාව සම්බන්ධව තමන් තුල ඇති ද්වේශ සහගත සිතුවිලි පමණක්ම පදනම් කරගනිමින්. ශ්‍රී ලංකාව අවිචාරවත් රටක් ලෙස නිකරුණේ හංවඩු ගැසීමට එරෙහිව සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට "සිංහලයා මාධ්‍ය ජාලය" කටයුතු කලේ එබැවින්.

ඒ අනුවයි
WikiLeaks & SRI LANKA  -  "A LEGITIMATE RESPONSE TO UNPROFESSIONAL DIPLOMACY" මැයෙන් පිටුවක් සුද්දන්ට තේරෙන ඉංග්‍රීසියෙන් දියත් වූයේ. එහිම සිංහල පරිවර්තනය "විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව - පහත් රාජතාන්ත්‍රිකරණයට එරෙහි ශාස්ත්‍ර සම්මත ප්‍රතිචාර" මැයෙන් ඔබ වෙත ගෙන එන්නේ, ඔබේ දැනුවත්භාවය උදෙසායි.



විකිලීක්ස් සහ ශ්‍රී ලංකාව (මනෝ ගනේෂන්)

2010-12-14


ඡායාරූපයේ (රතු කවයෙන්) දැක්වෙන්නේ, වේළුපිල්ලේ ප්‍රභාකරන් නම් ප්‍රධානත ම ත්‍රස්ත අළුගෝසුවා සමග පිළිසඳරේ යෙදෙන මනෝ ගනේෂන් නම් අවි නොදැරූ ත්‍රස්තවාදියා යි.. මේ කතාබහ තව කොපමණ අහිංසකයන් මරා දැමීමට ද?

සිංහලයා පුවත් ඒජන්සිය, කොළඹ, ශ්‍රී ලංකාව:
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් විසින් තමන් වෙත කල අදහස් දැක්වීමක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී පැට්‍රීෂියා බුටෙනිස් විසින් රහසිගත ලියවිල්ලක තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තා කරන්නීය.
එම අදාල රහසිගත ලියවිල්ලේ සාරාංශය මෙසේය.

====================================
දිනය : 2010 ජනවාරි 15
මාතෘකාව : ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධව එහි වගකීම : දමිළ ප්‍රජාවේ අදහස
පැට්‍රීෂියා ඒ. බුටෙනිස් විසින්

1.-----
2.-----
3.-----
4.-----
5.-----
6.-----

7. දෙමළ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් කොළඹ ප්‍රදේශයේ ජීවත් වන දෙමළ ජාතිකයෙකි. ඔහුට දීර්ඝ කාලීනව කොළඹ ප්‍රදේශයේ සහ බස්නාහිර පලාතේ වාසය කරන උගත් දෙමළ ප්‍රජාවගෙන් වැඩිදෙනෙකුගේ සහාය ඇති බව පවසයි. එසේම මොහු ෆොන්සේකාගේ පාක්ෂිකයෙක්ද වී සිටියේ ය. තමන් ජයග්‍රහණය කලොත්, පාර්ලිමේන්තුව හරහා ජාතීන් අතර සංහිඳියාවක් ඇති කිරීමට ජනරාල් විසින් මොහුට පොරොන්දු වී ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධව වගකීම් සහිතභාවය අත්‍යාවශ්‍ය කරුණක් වුවත්, එමගින් අසම්මතික මත ඇතිවීමට ඉඩ ඇති බවත්, මේ අවස්ථාවේ සියළු දෙනා එක්වී සිටින්නේ රාජපක්ෂලා රටින් ඉවත් කිරීම සඳහා බවත් ගනේෂන් අපට පැවසුවේ ය.
8.-----
9.----

=================================


මනෝ ගනේෂන් යනු අවි නොගත් ත්‍රස්තවාදියෙකි. එල්.ටී.ටී.ඊ. යේ මහවිරු දින අමතමින් ද, එල්.ටී.ටී.ඊ. යේ නායකයින් හා කිට්ටු සම්බන්ධකම් පවත්වමින් ද, රට රටවල ගොස් ඊනියා සාම කමිටු වලට සහභාගී වෙමින් එල්.ටී.ටී.ඊ. යට එරෙහි තහනම ඉවත් කිරීමට වලිකමින් ද මොහු කල දේශ ද්‍රෝහි ක්‍රියා ඔහුට අමතක වුවත් අපට අමතක නැත. තමන්ට කොළඹ ජීවත් වන උගත් දමිළ ජනතාවගේ සහයෝගය ඇතැයි මොහුගේ දෙඩවීම කෙසේ වෙතත්, පසුගිය මහ මැතිවරණයේ දී නම් මොහුට ඇති ජනතා සහහෝගය මොනවට කැපී පෙනිණි. මුළු ඡන්ද සංඛ්‍යාවෙන සියයට එකක්වත් ගන්නට නොහැකි වීමෙන් ගම්‍ය වන්නේ මනෝ ගනේෂන් ඇතුළුව ඔහු කරපින්නාගෙන සිටින ත්‍රස්තවාදී සංකල්පයම ජනතාව විසින් පිළිකුලෙන් යුතුව හෙලා දැක ඇති බව ය.

ෆොන්සේකා විසින් මනෝ ගනේෂන්ට පොරොන්දු වී ඇති "ජාතීන් අතර සංහිඳියාව" කුමක්දැයි මෙහිදී විමසීම වටී. ජාතීන් අතර සංහිඳියාවක් ඇති කරලීමට නම්, එම ජාතීන් අතර විරසකයක් තිබිය යුතු ය.. ශ්‍රී ලංකාවේ ජාතීන් අතරෙහි එවන් විරසකයක් ඇතැයි කියන්නෝ පිස්සෝ ය. නැතහොත් අමනයෝ ය.. එසේත් නැතහොත් බටහිර කුලී හේවායෝ ය., එසේත් නැතිනම් "ත්‍රස්තවාදීහු" ය. මක්නිසාද යත්, ශ්‍රී ලංකාවේ පැවතියේ "ත්‍රස්තවාදී ප්‍රශ්ණයක්" පමණක් ම වන හෙයිනි.

දමිළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස නීති ගත කොට තිබේ, ජාතික කොඩියේ ශ්‍රී ලංකාවේ සියළු ජාතීන් නිරූපණය කොට තිබේ,, ශ්‍රී ලංකාවේ භාවිතා වන සියළු මුදල් නෝට්ටු සහ කාසි වල දමිළ භාෂාවෙන් ද අකුරු සඳහන් කොට තිබේ.. එමතුද නොව, එක්සත් ජාතීන්ගේ රටවල් අතරින් තම රටේ දමිළ ජනතාව තම ජාතික කොඩියේ නිරූපණය කොට ඇති එකම රට ද ශ්‍රී ලංකාවයි. රටක මහා ජාතිය විසින් සියයට 13ක් වූ සුළු ජාතියක් වෙත මේ තරම් පිළිගැනීමක් හා ගෞරවයක් ලබාදී තිබියදීත් මොවුන් තවත් ඉල්ලන "සංහිඳියාව" මොන ආකාරයේ එකක්දැයි නොවැටහේ. රටේ අනික් ජනතාව මෙන් දමිළ ජනතාව ද සමාන වරප්‍රසාද භුක්ති විඳින්නේ නම්, මොවුන් තවත් ඉල්ලන්නේ රටින් කොටසක් කඩා වෙන් කිරීමක් මිස වෙන කුමක් ද?

දමිළ ජනතාව ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 13% පමණි. නමුත් මොවුන් ඉල්ලන්නේ රටෙන් බාගයකි. ඒ ලොව පුරා කෝටි සංඛ්‍යාත දමිළයන් වෙනුවෙන් ය.. වඩාත්ම හාස්‍යජනක කාරණය එයයි. අනෙක් ප්‍රායෝගික ම කාරණය නම් කෝටි ගණනක් වූ ලොව පුරා දමිළයින් සඳහා මොවුන් මේ කෑල්ලක් කඩා ගැනීමට මාන බලන්නේ වර්ගකිලෝමීටර් 65610ක් වූ කුඩා භූමි ප්‍රදේශයකින් වීම යි. මේ වැනි බෙදුම්වාදීන් මාල දිවයිනේ පහල නොවීම සතුටට කරුණක් වන්නේ ද එහෙයිනි. අඩුම තරමේ දමිළ ජාතිකයින්ගේ නිජබිම වූ දකුණු අප්‍රිකා භූමිය නම් කෑල්ලක් කඩා ගැනීමට තරම් සෑහේ.

ශ්‍රී ලංකාව පිළිබඳව සාවද්‍ය ප්‍රකාශ කිරීමට සහාය වීම මොවුන්ද තරමක් පසුපසට දමා ඇති බව පෙනේ.
ඒ වනවිටත් සුදු කොඩි කතාවක් ඇදබා ෆොන්සේකා කට වරද්දා ගෙන සිටි බැවින්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය හරහා යුධ අපරාධ පරීක්ෂණයකට යාමට බලකරවීම, "ඇදගෙන නා ගැනීමක්" විය හැකි බව ෆොන්සේකා ඇතුළු රැල තීරණය කලා විය යුතුය.

කෙසේ නමුත් අවසානයේ සිදුවූයේ, රාජපක්ෂලා රටින් පැන්නීම කෙසේ වෙතත් මනෝ ගනේෂන්ව නම් ෆොන්සේකා ගේ රැලෙන් පන්නා දැමීමයි. ඇමරිකාවේ සුද්දාට තවමත් නෝතේරෙණ යථාර්තය ද එය යි.

- සිංහලයා පුවත්




මේ ගැන ඔබේ අදහසුත් වැදගත්..
http://www.sinhalaya.com/news/sin-unicode/comment.php?go=post&insert=new&newsid=145

නිල පුවත් යොමුව:
http://www.sinhalaya.com/news/sin-unicode/2news2lanka2.php?go=fullnews&newsid=145

මූණු පොත හරහා සම්බන්ධ වන්න
http://www.facebook.com/pages/SINHALAYA-News-Agency/279993786111

twitter හරහා සම්බන්ධ වන්න
http://twitter.com/sinhalayanews